අවස්ථා පැහැර හරින ක්‍රීඩකයින්ට මාලිංගගෙන් ටොක්කක්!

274

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගයත් ඊයේ (06) සෙන්චූරියන් හිදී නිමාවට පත්වූයේ ලකුණු 113ක නින්දා සහගත පරාජයක් ශ්‍රී ලංකා පිළට උරුම කර දෙමිනි.

ඒ අනුව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේ සත්කාරක දකුණු අප්‍රිකාවයි.

දකුණු අප්‍රිකාව අත තිබූ තරගය පන්දු යවන්නෝ උදුරා ගනිති!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගය අද (06) ආරම්භ ….

මෙම තරගයෙන් අනතුරුව නායක ලසිත් මාලිංග තමන්ට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජනයක් නොගන්නා ක්‍රීඩකයින් ගැන කලකිරීමෙන් අදහස් ප්‍රකාශ කරන අයුරු ද දැකගන්නට ලැබුණි. පන්දු යවන්නන් මෙම තරගයේ දී හොඳින් දක්ෂතා දක්වමින් ප්‍රතිවාදීන් ලකුණු 251කට සීමා කළ ද, පිතිකරුවන් තම කඩුලු නොසැලකිලිමත් ලෙස විසිකර දැමීම නිසා අවසානයේ ශ්‍රී ලංකාවට හිමි වූයේ අනපේක්ෂිත පරාජයකි.

“පළමු පන්දුවාර දහයේ දී අපි ලකුණු ලබාගත හැකි පන්දු රැසක් යැව්වා. නමුත් 15 වැනි පන්දුවාරයේ සිට අපි නැවතත් තරගයට අවතීර්ණ වුනා. පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළ නිසා අපිට ඔවුන්ව ලකුණු 251කට නතර කිරීමටත් හැකි වුනා. නමුත් මට ගැටලුවක් තිබෙනවා. ඔබ දේශීය ක්‍රිකට් තරග වලට මුහුණ දී ජාතික කණ්ඩායමට තේරී පත්වන්නේ ඉහළ තලයේ ක්‍රීඩා කිරීමට තරම් ඔබගේ දක්ෂතාවක් ඇති නිසයි. මෙය ඔබට දෙවියන් දුන් අවස්ථාවක් නෙමෙයි. අපිට මෙතනට එන්න ගොඩක් මහන්සි වෙන්න සිදු වෙනවා. මට තේරෙන්නෙ නෑ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාවේ වටිනාකම ක්‍රීඩකයින් තේරුම් නොගන්නේ ඇයි කියලා” මාලිංග කනගාටුවෙන් කියා සිටියි.

දෝනි ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු වූවා නම් …

මහේන්ද්‍ර සිං දෝනි, ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව …

“ඔබට හැමදාමත් අවස්ථා ලැබෙන්නේ නෑ. ඒ ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජනයක් ගැනීම ඔබේ වගකීමක්. මට නම් පේන්නෙ නෑ ක්‍රීඩකයින් ඔවුන්ට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා බවක්. ඔවුන් ඉන් ඵලක් ලබනවා නම් හොඳ වෙයි.” මාලිංග ඊට තවත් ඌනපූර්ණයක් එක් කරයි.

“හොඳ ආරම්භයක් ලබනවා කියන්නෙ ලකුණු 30ක් ගහන එක නෙමෙයි. ඔබ අර්ධ ශතකයක් රැස් කළා යැයි සිතමු. ඉන් අනතුරුව ඔබ ඉනිම ඉදිරියට ඇදගෙන යා යුතුයි. කවුරුන් හෝ කෙනෙක් ලකුණු 30ක් ගහලා සතුටු වෙනවනම්, මට ඔහුත් එක්ක එකඟ වෙන්න බෑ. මං හිතන විදිහට අංක 7 වෙනකන්ම ඉන්නෙ ශතකයක් වුවත් රැස් කළ හැකි පිතිකරණ හැකියාවක් තියෙන අය, ඔවුන් තමන්ගෙ කණ්ඩායම ජයග්‍රහණය දක්වාම රැගෙන යාමයි කළ යුතු වන්නේ.”

“මට හැඟෙන විදිහට පන්දු යවන්නන් ඔවුන්ගේ රාජකාරිය උපරිමයෙන් ඉටු කළා. අපිට ඔවුන්ව ලකුණු 251කට නතර කර ගැනීමට හැකි වුනේ ඒ නිසයි. ඒක සපුරා ගැනීමට හැකි තරමේ ඉලක්කයක් බව පිතිකරුවන් මුලින්ම තේරුම් ගත යුතුයි. මට දැනෙන්නෙ නෑ පිතිකරුවන් ඔවුන්ගේ භූමිකාව නිවැරදිව වටහා ගත් බවක්.” මාලිංග පවසයි.

ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින තරගයක දී කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම දවා ගත්තේ ඊයේ දිනයේ දීයි. එදා සිට මේ දක්වා ඔවුන් තරග නවයකට සහභාගී වූ අතර ඉන් කිසිම තරගයක දී ඔවුන්ට ප්‍රතිවාදීන් සම්පූර්ණයෙන් දවා ගැනීමට හැකි වූයේ නැත. ඉන් තරග 8ක දී ම ශ්‍රී ලංකාවට අත්වූයේ පරාජයයි. “දකුණු අප්‍රිකානු කණ්ඩායම ලේසියෙන් පරාජය කිරීමට නොහැකියි, ඔවුන්ගේ රටේ දී එය තවත් අමාරු වෙනවා. කෙසේ නමුත් අපිට කළ හැකි දේ ඔප්පු කිරීමට තවත් තරග 3ක් ඉතිරිව තිබෙනවා. අපි තවමත් අපේ උපරිමය දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. අපිට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට මීළඟ තරගය ඉතාමත්ම වැදගත්.”

සචිත්‍ර සහ වනිඳු තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය පළමු පෙළ Major League සීමිත පන්දු වාර ක්‍රිකට් ….

“ජේ. පී ඩුමිනි සහ හෂීම් අම්ලා විවේක ගන්වා තිබුනත්, ඔවුන්ට ෆැෆ් ඩු ප්ලෙසිස්, ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් යන අත්දැකීම් බහුල පිතිකරුවන් තිදෙනෙක් සිටියා. අපට ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට හැකි නම් මුළු ලකුණු ගණන 300කට අඩුවෙන් තබා ගැනීමට පුළුවන්. අපි අද දවසේ දී පන්දු යැවීමෙන් ඒ කාර්යය ඉටු කළා.” මාලිංග තම පන්දු යැවීමේ බල ඇණිය ගැන විශ්වාසය පළ කරයි.

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා ඊයේ දිනයේ දීත් සුපුරුදු දස්කම් අතර සිටිමින් කඩුලු 3ක් දවා ගත්තේය. ඒ ජාත්‍යන්තර එක්දින තරගවල දී කඩුලු 100 සීමාවට ද ළඟා වෙමිනි. ඔහු ලොව සිටින හොඳම පන්දු යවන්නන් අතරින් එක් අයෙකු බව මාලිංග පවසයි. “කවුරුන් හෝ කෙනෙක් ලෝකයේ හොඳම පන්දු යවන්නන් පස්දෙනා තේරුවොත් රබාඩා ඒ අතර ඉහළින්ම සිටීවි. ඔහුට පන්දු යැවීමේ මනා පාලනයක් වගේම විවිධත්වයක් තිබෙනවා. පන්දුව පාලනය කර ගැනීම ඉතාමත් වැදගත් දෙයක්. ඔහු ඒ අතරින් ලෝකයේ හොඳම ක්‍රීඩකයින් තුන් දෙනා අතරේ සිටින බව මට විශ්වාසයි.”

දැන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ නැගෙනහිර දෙසට සංචාරය කරන්නේ තෙවැනි එක්දින තරගය ඩර්බන් හිදී පැවැත්වීමට සූදානම්ව ඇති නිසයි. තරගාවලියේ සිව්වැනි එක්දින තරගය පෝර්ට් එලිසබෙත් හිදී ක්‍රියාත්මක වන අතර මෙම ක්‍රීඩාංගණ දෙකම මීට දින කිහිපයකට පෙරාතුව ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණ දෙකක් උරුම කර දුන් වාසනාවන්ත ස්ථාන දෙකකි. ඉන් අනතුරුව සංචාරයේ පළමු වතාවට ඔවුන් දකුණු අප්‍රිකාවේ බටහිරට වන්නට පිහිටි කේප්ටවුන් නුවර බලා ගමන් කරන්නේ එක්දින තරගාවලියේ අවසන් තරගය ක්‍රීඩා කිරීමටයි.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<