මැතිව්ස් ගැන මාලිංග සහ මිකී ආතර් කතා කරයි

84

මාස දෙකකින් කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් බර අඩුකර ගැනීම සහ පන්දු යැවීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ නැවතත් සිය ස්ථානය ලබා ගැනීමට සූදානම්ව සිටී.

සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද ……….

මේ සතිය අග දී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සංචිතයට නම් කර ඇති මැතිව්ස් මාස 16කට පසුව ක්‍රීඩාවේ කෙටිම ආකෘතියට නැවත පැමිණීමට සූදානමින් සිටියි. 

“අත්දැකීම් ඉතාමත්ම වැදගත්. ඔබට අත්දැකීම් මිලදී ගන්න බැහැ [මැතිව්ස් කණ්ඩායමට එක් කිරීමට හේතුව]. තවත් වැදගත් කරුණක් නම් ඔහු නැවතත් පන්දු යැවීම.  ඔබට ඕවර කිහිපයක් ලබා දිය හැකි ඉහළ පෙළේ පිතිකරුවෙකු දවා ගත හැකි නම්, එය ඔබේ පැත්ත වඩාත් හොඳින් සමබර කර ගැනීමට අවස්ථාව සලසනවා. ඇන්ජලෝගේ තත්ත්වය දැකීමට මා සතුටෙන්  බලා සිටිනවා.” ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ThePapare.com වෙත පැවසීය.

අවසන් වරට ඔහු විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2018 අගෝස්තු මාසයේ දී ය. ඒ වන විට මැතිව්ස් කණ්ඩායමේ නායකයා විය. එතැන් සිට බොහෝ දේ සිදුවී ඇත. ඔහු ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩා රටාව සඳහා ගොදුරක් බවට පත් කිරීමෙන් පසුව ඔහු එක්දින හා විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගත්තේය.  

එවකට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මැතිව්ස්ගේ දුර්වල යෝග්‍යතාවය සහ කඩුලු අතර දිවීම විවේචනය කිරීමෙන් පසුව ඔහුට කණ්ඩායමේ ස්ථානය මෙන්ම නායකත්වය ද අහිමි විය.  කෙසේ වෙතත්, එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී කතා කිරීමට ඔහු තම පිතිකරණයට ඉඩ දුන්නේය.

ආබාධවලින් සාර්ථකව සුවය ලැබූ මැතිව්ස් පසුගිය වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී බලාපොරොත්තු සුන් කරවන ආරම්භයක් ලබා ගත්තේය. එහෙත් ඔහු එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 85*ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දෙන්නට සමත් විය. 

මලියදේව-ගුරුකුල සටන උණුසුම් වන ලකුණු

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ………..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔහු මාස 8කට පසුව යැවූ පළමු පන්දුවෙන් තීරණාත්මක කඩුල්ලක් දවා ගත්තේය. ඉන්දියාවට එරෙහිව කණ්ඩායමට ඇතුළත් වන විට, ඔහු ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකාවේ විස්සයි 20 සැලසුම්වල නොසිටියේය. 

“අපට ඔහුගේ අත්දැකීම් අවශ්‍ය වූනා. ඔහුව පසෙකට දැමීමෙන් අපට ඔහුගේ අවුරුදු අත්දැකීම් ලබා ගන්න බෑ.  ඔහු සමඟ ක්‍රීඩා කරන එකෙන් තරුණ ක්‍රීඩකයන්ට පවා තරගයක් අවසන් කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. පසුගිය වසර කිහිපය තුළ ආබාධ තිබියදීත් ඔහුගේ හැකියාව අපි කවුරුත් දැක්කා. දැන් ඔහු සම්පුර්ණයෙන්ම යෝග්‍යතාවකින් ඉන්නවා ක්‍රීඩා කරන්න හා පන්දු යැවීමට. ඒ නිසා ඔහු අපට ඉදිරියට යාමට සම්පතක් වනු ඇත.” නායක ලසිත් මාලිංග ද, කණ්ඩායම ඉන්දියාවට යාමට පෙර මැතිව්ස් වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු  තම කණ්ඩායමේ සිටීම වැදගත් බව අවධාරණය කළේය.

තාත්තා නිසා ස්ටෝක්ස් 2019 ගැන දුකින්

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ගෙවී ගිය 2019 වසර………….

ඉන්දියාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් සමඟින් ශ්‍රී ලංකාව,  ICC විස්සයි 20 ලෝක කුසලානය සඳහා (මේ වසර අගදී පැවැත්වීමට නියමිත) සූදානම් කිරීම් ආරම්භ කරනු ඇත. තුන් ඉරියව් ක්‍රීඩක මැතිව්ස් අනිවාර්යයෙන්ම කණ්ඩායම සමතුලිත කිරීමට උපකාරී වනු ඇත. දැනට, කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතර ස්ථානයක් ලබා ගැනීම සඳහා මැතිව්ස්ට තම වටිනාකම ඔප්පු කිරීමට සිදු වනු ඇත.

නායක මාලිංගගෙන් පසුව සංචිතයේ වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා වන්නේ මැතිව්ස් ය.  ඔහු පිතිකරණ කණ්ඩායමට ගැළපෙන්නේ කොතැන ද යන්න තවමත් අවිනිශ්චිතය. එහෙත්, මැතිව්ස් කණ්ඩායමට ඇතුළත් වුවහොත්, එය ඔහුගේ වෘත්තියේ තවත් ආරම්භයක් වනු ඇත. එය ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තු එක්කිරීමට සමත්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<