පාකිස්තාන ප්‍රබලයෙක් එංගලන්ත තරගයක් මඟ හරියි

210

පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික් පුද්ගලික හේතුවක් නිසාවෙන් එංගලන්ත – පාකිස්තාන විස්සයි විස්ස තරගයට තෝරාගත් පාකිස්තානු සංචිතයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.  

එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ …


ඒ අනුව ශොයිබ් මලික් කළ ඉල්ලීම සඳහා අනුමැතිය ලබාදුන් පාකිස්තානු ක්‍රිකට් පරිපාලන අධිකාරිය මේ වනවිට එංගලන්තයේ සිටින මලික් හට නැවතත් පාකිස්තානය වෙත යාමට අවසර ලබාදී තිබේ.  

එංගලන්ත – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට පෙර පාකිස්තාන කණ්ඩායම පුහුණු තරග වශයෙන් සහභාගී වන නොර්ත්ඇම්ටන්ශයර් (Northamptonshire) කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු පෙළ පුහුණු ක්‍රිකට් තරගය (List A) හා ලෙස්ටර්ෂයර් (Leicestershire) කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා ද ශොයිබ් මලික් සහභාගී නොවේ.  

“අපේ කණ්ඩායම් කළමනාකාරීත්වය ඔහු කළ ඉල්ලීම සලකා බලා නැවතත් මව් රටට යන්න ඔහුට (මලික්ට) අවසර ලබාදුන්නා. ඔහු මේ ඉල්ලීම කළේ යම් පුද්ගලික කාරණයක් මතයි. ඔහු තව දින 10කට පසුව නැවතත් අපේ කණ්ඩායම සමඟ එකතු වීමට අපේක්ෂාවෙන් ඉන්නවා.” යයි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය කළමනාකරු වන රසා කිච්ලව් මහතා මාධ්‍ය වෙත පැවසීය.  

මුම්බායි නායකයාට දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුම්බායි අතර ඊයේ …

2018 වසරේ ජනවාරි මස පැවති නවසීලන්ත – පාකිස්තාන එක්දින තරගාවලියේ දී ශොයිබ් මලික් ආබාධයකට ලක්වූ නිසා ඔහුට එම තරගාවලියට සමගාමීව පැවැත්වුණු විස්සයි – විස්ස තරග තුනම ක්‍රීඩා කිරීමට නොහැකිවිය. එසේම ඔහු පිය පදවිය ලැබීම නිසාවෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මසදී ඕස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 3න් එක් තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකිවිය.

පාකිස්තානය හා කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර අප්‍රේල් මස 27 වැනිදා පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගයේ දී මලික්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි. කෙසේ නමුත් එම තරගය ලකුණු 100කින් ජයගැනීමට පාකිස්තානය සමත් විය.

එක් විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකින් හා එක්දින ක්‍රිකට් තරග 5කින් සමන්විත එංගලන්ත – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය මේ ඉරිදා (මැයි 5) දින කාර්ඩිෆ් හිදී පැවැත්වෙන අතර එහි තොරතුරු ඇතුළු ක්‍රීඩා පිටියේ උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

                                >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<