තිමිර ජයසිංහ නොදැවුණු ලකුණු හරඹයක

180

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ දී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවුණ ශතකයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය තිමිර ජයසිංහ සමත් විය.

මේ අතර නිමා වූ තරගවල දී ලංකන් ක්‍රිකට් සමාජය කළුතර ටවුන් සමාජයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. එය මෙම තරගාවලියේ මෙම තරගවාරයේ වාර්තා වූ පළමු ජයග්‍රහණයයි.

ආරම්භක ශතකය දිනුෂ් මාලන්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ ආරම්භක…

කුරුණෑගල යූත් සහ පානදුර අතර තරගය

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 407ක් ලබා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වෙන විට සත්කාරක පානදුර ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 418ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් තිමිර ජයසිංහ නොදැවී ලකුණු 143ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ අතර ඊට අමතරව අසන්ත බස්නායක සහ විනෝද් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. එම ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සබඳතාවක් ගොඩ නැගීමට තිමිර ජයසිංහ සහ අසන්ත බස්නායක සමත් වූහ. අසන්ත බස්නායක පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේ ය.

දිනය නිමා වෙන විට පානදුර ඉනිමේ 7 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 96ක සබඳතාවක් ගොඩ නැගීමට දිනුෂ්ක මාලන් සහ විනෝද් පෙරේරා (53*) සමත්ව සිටී.

කඩුලු ලබා ගැනීමේ දී රසාංජන ජයරත්න කඩුලු 3ක් දවා ගත්තේ ය.

මෙම තරගය (3) තෙවැනි දිනයට ක්‍රියාත්මක ය.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 407 (81.4) දිනුෂ්ක මාලන් නොදැවී 107, ශාලික කරුණානායක 79, රසාංජන ජයරත්න 70, ධනුෂ්ක ධර්මසිරි 55, තුසිත ද සොයිසා 25, සමීර සඳමාල් 25, ලහිරු ජයරත්න 20, නවීන් කවිකාර 4/121, ඉම්රනුල්ලා අස්ලම් 2/68

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 418 (96) තිමිර ජයසිංහ නොදැවී 143, අසන්ත බස්නායක 82, විනෝද් පෙරේරා නොදැවී 53, ඉම්රනුල්ලා අස්ලාම් 56, විශ්ව චතුරංග 38, මිශේන් සිල්වා 30, රසාංජන ජයරත්න 3/104

මම සුවෙන් ඉන්නවා, ලොකු බඩගින්නක් තිබ්බ, හොඳට කෑවා – දිමුත්

ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු අද (2) උදෑසන දරුණු සිදුවීමකට මුහුණ දුන් අතර ඔහු නිරුපද්‍රිතව සිටින බව…


බ්ලූම්ෆීල්ඩ් සහ නාවික අතර තරගය

වැලිසර නාවික හමුදා කඳවුර ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

නාවික හමුදා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 371ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස නාවික හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 249ක් පමණි.

ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිට වූහ.

එම ඉනිම වෙනුවෙන් මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 282ක ඉලක්කයක් ලැබූ නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් දුශාන් හේමන්ත අර්ධ ශතකයක් ලබා ගත් අතර කඩුලු ලබා ගැනීමේ දී ශාලුක සිල්වා කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 371 (102) සනෝජ් පෙරේරා 99, අසේල් සිගේරා 84, සචින් ජයවර්ධන 66, මධුශ රවිචන්ද්‍රකුමාර 46, කවික ඩිල්ශාන් 6/109, දුශාන් හේමන්ත 3/107

නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (81.3) ඩිලාන් චන්දිම 73, ෂෙවොන් ෆොන්සේකා නොදැවී 57, සුපුන් ලීලාරත්න 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර 4/53, අරවින්ද ප්‍රේමරත්න 3/37

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 159 (43.2) මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 50, සනෝජ් ධර්ෂිත 34, නිපුන් හග්ගල්ල 23, කවික ඩිල්ශාන් 3/51, දුශාන් හේමන්ත 4/60, මාලිංග ද සිල්වා 2/22

නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 175 (42) දුශාන් හේමන්ත 61, රෙවන් කෙලි 43, වරුණ මයන්ත 24, මධුශාන් රවිචන්ද්‍රකුමාර 3/42, ශාලුක සිල්වා 4/41

ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් සමඟින් භානුක රාජපක්ෂ දේශීය පිටිය කළඹයි!

තමාට ජාතික කණ්ඩායමේ දොරගුළු නොඇරෙන්නේ නම් දොර කඩාගෙන හෝ ඇතුළට එන්නට තමන්…


කළුතර ටවුන් සහ ලංකන් අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් ලංකන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 183ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ලංකන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 313ක් ලබා ගත්හ.

ලකුණු 130ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ කළුතර ක්‍රීඩකයෝ එම ඉනිමට ලබා ගත්තේ ලකුණු 168ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 39ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (71.2) නිපුන ගමගේ 68, ශිෆ්රාන් මුසාලිෆ් 6/40, අයතන්ත ද සිල්වා 2/44

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (97.1) චානක රුවන්සිරි 91, ගීත් කුමාර 73, රිෂේන් රොද්‍රිගෝ 47, මධුරංග සොයිසා 26, සංජුල අබේවික්‍රම 25, පසිඳු මධුශාන් 6/102, එරංග රත්නායක 2/62

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 168 (52.4) නිලූෂාන් නෝනිස් 37, නිපුන ගමගේ 33, රවිඳු කොඩිතුවක්කු 27, එරංග රත්නායක 27, දුලාංජන මෙන්ඩිස් 4/52, අයන්ත ද සිල්වා 4/41

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 39 (10) සංජුල අබේරවික්‍රම නොදැවී 27


ගාල්ල සහ ගුවන් හමුදාව අතර තරගය

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 253ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ගුවන් හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් සම්පත් පෙරේරා නොදැවී ලකුණු 55ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඊට අමතරව කෞෂල්‍ය ගජසිංහ ලකුණු 47ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී ගයාන් සිරිසෝම සහ රජිත ප්‍රියාන් කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 9ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 10ක් ලබා සිටිය හ.

මෙම තරගය (03) තෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (78.1) ලක්ෂාන් රොද්‍රිගෝ 48, කෙවින් කොත්තිගොඩ 48, හර්ෂ විතාන 45, නිසල් රන්දික 43, රජීව වීරසිංහ 27, රවිඳු සංජන 3/18, සම්පත් පෙරේරා 3/49, උමේග චතුරංග 2/50

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (85.1) සම්පත් පෙරේරා නොදැවී 51, කෞෂල්‍ය ගජසිංහ 47, සුමින්ද ලක්ෂාන් 31,  දිල්ප තාරක 24, රොස්කෝ තට්ටිල් 27, ගයාන් සිරිසෝම 3/89, රජිත ප්‍රියාන් 3/52, අකලංක ගනේගම 2/63

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 10 (5)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<