ආරම්භක ශතකය දිනුෂ් මාලන්ගෙන්

175

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ ආරම්භක ශතකය ලබා ගැනීමට කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයේ දිනුෂ් මාලන් සමත් විය. එම ශතකය ඔහු ලබා ගත්තේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ය.

සුපිරි 8 පිටියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා ඇන්ජලෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අලුත්ම …

කුරුණෑගල යූත් සහ පානදුර අතර තරගය

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 407ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් දකුණත් පිතිකරු දිනුෂ්ක මාලක් පන්දු 138කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශාලික කරුණානායක (79), රසාංජන ජයරත්න (70) සහ ධනුෂ්ක ධර්මසිරි (55) අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

කඩුලු ලබා ගැනීමේ නවීන් කවිකාර ලකුණු 121කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබා සිටිය හ.

මෙම තරගය අද (2) දෙවැනි දිනයට ක්‍රියාත්මක ය.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 407 (81.4) දිනුෂ්ක මාලන් නොදැවී 107, ශාලික කරුණානායක 79, රසාංජන ජයරත්න 70, ධනුෂ්ක ධර්මසිරි 55, තුසිත ද සොයිසා 25, සමීර සඳමාල් 25, ලහිරු ජයරත්න 20, නවීන් කවිකාර 4/121, ඉම්රනුල්ලා අස්ලම් 2/68

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 36 (6)

නේපාලය අරාබි තරගාවලිය සම කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර ඩුබායි හි දී පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් …

බ්ලූම්ෆීල්ඩ් සහ නාවික අතර තරගය

වැලිසර නාවික හමුදා කඳවුර ක්‍රීඩාංගණයේ දී දෙවැනි දිනයට නිමා වූ මෙම තරගයේ දී නාවික හමුදා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 371ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ඊයේ පිටියට පිවිසි නාවික ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 239ක් ලබා සිටිති.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් සනෝජ් පෙරේරා ලකුණු 99ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ය. ඊට අමතර අසෙල් සිගේරා (84) සහ සචින් ජයර්ධන (66) අර්ධ ශතක රැස් කළහ. පන්දු යැවීමේ දී කවික ඩිල්ශාන් ලකුණු 109කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ දක්ෂතම පන්දු යවන්නා විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී 239කි. එම ඉනිමේ ද අර්ධ ශතක විය. ඒ ඩිලාන් චන්දිම (73) සහ ෂෙවොන් ෆොන්සේකා (57*) ය. එම ඉනිමට එරෙහිව කඩුලු ලබා ගැනීමේ දී මධුශාන් රවිචන්ද්‍රකුමාර ලකුණු 53කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

මෙම තරගය අද (02) අවසන් දිනයට ක්‍රියාත්මක ය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 371 (102) සනෝජ් පෙරේරා 99, අසේල් සිගේරා 84, සචින් ජයවර්ධන 66, මධුශ රවිචන්ද්‍රකුමාර 46, කවික ඩිල්ශාන් 6/109, දුශාන් හේමන්ත 3/107

නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 239 (79) ඩිලාන් චන්දිම 73, ෂෙවොන් ෆොන්සේකා නොදැවී 57, සුපුන් ලීලාරත්න 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර 4/53, අරවින්ද ප්‍රේමරත්න 3/37

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ …

කළුතර ටවුන් සහ ලංකන් අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලංකන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 183ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ලංකන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 313ක් ලබා ගත් හ.

ලංකන් ඉනිමේ අර්ධ ශතක වාර්තා වුණි. ඒ චානක රුවන්සිරි (91) සහ ගීත් කුමාර (73) ගෙනි. පන්දු යැවීමේ දී පසිඳු මධුශාන් ලකුණු 102කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ලකුණු 130ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ කළුතර ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබා සිටිය හ.

අද (02) තරගයේ තෙවැනි දිනයයි.

කළුතර ටවුන් සමාජය;  පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (71.2) නිපුන ගමගේ 68, ශිෆ්රාන් මුසාලිෆ් 40/6, අයතන්ත ද සිල්වා 2/44

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 313 (97.1) චානක රුවන්සිරි 91, ගීත් කුමාර 73, රිෂේන් රොද්‍රිගෝ 47, මධුරංග සොයිසා 26, සංජුල අබේවික්‍රම 25, පසිඳු මධුශාන් 6/102, එරංග රත්නායක 2/62

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 19 (6)

ගාල්ල සහ ගුවන් හමුදාව අතර තරගය

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 253ක් ලබා ගත් හ. එම ඉනිමේ කැපි පෙණෙන ඉනිම් ක්‍රීඩා කළේ ලක්ෂාන් රොද්‍රිගෝ (48) සහ කෙවින්කොත්තිගොඩ (48) ය. පන්දු යැවීමේ දී රවිඳු සංජන සහ සම්පත් පෙරේරා කඩුලු 3 බැගින් දවා ගෙන දක්ෂතා දැක්වූහ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටිය හ.

මෙම තරගය හෙට (02) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (78.1) ලක්ෂාන් රොද්‍රිගෝ 48, කෙවින් කොත්තිගොඩ 48, හර්ෂ විතාන 45, නිසල් රන්දික 43, රජීව වීරසිංහ 27, රවිඳු සංජන 3/18, සම්පත් පෙරේරා 3/49, උමේග චතුරංග 2/50

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 17 (9)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<