Tier B පිටියට විදෙස් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ද එකතු වේ

892

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියට අද (07) දවසේත් වර්ෂාවෙන් බාධා එල්ල වූවද දේශීය ක්‍රීඩකයන් සමග හරි හරියට දක්ෂතා දැක් වීමට විදෙස් ක්‍රීඩකයෝ ද සමත් වීම කැපී පෙණුනි.

ඒ අතුරින් ඉම්රාන් ඛාන්, කසීෆ් නවීඩ්, උදය කෞවුල්, පවන් ඩයස් සහ චානුක විජේසිංහ කැපී පෙණුන ක්‍රීඩකයන් වූහ.

දුලාජ් කඩුලු 8ක් ලබා ගනිද්දී පවන්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු…

පානදුර සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 147ක් පමණි.

පානදුර පළමු ඉනිමේ දී විනෝද් පෙරේරා පන්දු 60කට මුහුණ දී ලකුණු 43ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන ඉම්රාන් ඛාන් ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චතුරංග දික්කුඹුර ය. ඔහු පන්දු 32කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේ ය. බ්ලූම්ෆීල්ඩ් ඉනිම අඩපණ කිරීමේ දී වමතින් දඟපන්දු යවන නවීන් කවිකාර ලකුණු 32කට කඩුලු 7ක් ලබා ගත්තේ ය.

ලකුණු 9ක් ඉදිරියෙන් සිටිමින් පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමට පිටියට පිවිසි අතර තරගය පළමු දිනයට අවසන් වෙද්දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලබා සිටිය හ.  

එම ඉනිමේ දී කසීෆ් නවීඩ් අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ අතර තරගය දෙවැනි දිනයට අවසන් වෙන විට ෂෙහාන් වීරසිංහ නොදැවී ලකුණු 45ක් ලබා සිටියේ ය.

මෙම තරගය හෙට (07) අවසන් සහ තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (47.4) විනෝද් පෙරේරා 43, කසීෆ් නවීඩ් 26, ඉම්රනුල්ලා අස්ලම් 23, ඉම්රාන් ඛාන් 5/39, අරවින්ද ප්‍රේමරත්න 2/26, ශාලුක සිල්වා 2/27

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (34.1) සචින් ජයවර්ධන 39, චතුරංග දික්කුඹුර 46, නවීන් කවිකාර 7/32, මිෂේන් සිල්වා 2/43

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 165 (37) විශ්ව චතුරංග 28, මිෂේන් සිල්වා 22, කසීෆ් නවීඩ් 60, ෂෙහාන් වීරසිංහ නොදැවී 45, විශ්ව චතුරංග 24, මිෂේන් සිල්වා 22, අරවින්ද ප්‍රේමරත්න2/17

නවක මුහුණු රැසක් සමඟ එළියට ආ ශ්‍රී ලංකා අලුත් සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන 13 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට්…

පොලිස් සහ ගාල්ල අතර තරගය

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 156ක් ලබා සිටිය හ.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දු 70කට පමණක් අද දවසේ සීමා වූ අතර එම ඉනිමේ දී ඉන්දීය ජාතික උදය කෞවුල් පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා සිටියේ ය. ඊට අමතරව පවන් ඩයස් පන්දු 159කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය.

මෙම තරගය හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

පොලිස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 156 (70) උදය කෞවුල් නොදැවී 80, පවන් ඩයස් 64, රජීව වීරසිංහ 2/40

ගුවන් හමුදාව සහ ලංකන් අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රිකට් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 250ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් මේ වන විට නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට කෞෂල්‍ය ගජසිංහ සමත් ව සිටින අතර චානුක විජේසිංහ ලකුණු 57ක් ලබා සිටියේ ය.

මෙම තරගය හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 250 (74) කෞෂල්‍ය ගජසිංහ නොදැවී 73, චානුක විජේසිංහ 57, රවිඳු ගුණවර්ධන 36, රවිඳු සංජන 31, චානක රුවන්සිරි 2/67

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ඔහුගේ එක්දින…

නාවික හමුදාව සහ කළුතර ටවුන් සමාජය අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කළුතර ටවුන් සමාජය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 76ක් ලබා සිටිය හ.

කළුතර ටවුන් සමාජය වෙනුවෙන් සචිත ජයතිලක අර්ධ ශතකයක් ලබා ගත් අතර කඩුලු ලබා ගැනීමේ දී තෆීක් ඉමල්ෂ කඩුලු 4ක් දවා ගත්තේ ය.

වර්ෂාව හේතුවෙන් තරගය දෙවැනි දිනයට නතර කරන විට නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් වරුණ මයන්ත නොදැවී ලකුණු 31ක් ලබා සිටියේ ය.

මෙම තරගය හෙට (07) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (75.2) සචිත ජයතිලක 57, පසිඳු මධුශාන් 40, මාදව නිමේෂ් 35, සුරේෂ් නිරෝෂාන් 20, තෆීක් ඉමල්ෂ 4/81, හෂිම් විල්මන් 2/34, කවික ඩිල්ෂාන් 2/34

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුල්ලක් දැවී 76 (24) වරුණ මයන්ත නොදැවී 31, රෙවන් කෙලී 21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<