මිලින්ද, රමිත් සහ සඳකැන් දක්ෂතා දක්වයි

961

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (30) කොළඹ දී පැවති තරගවලට සවස් යාමයේ වර්ෂාවෙන් බාධා එල්ල විය. එසේ වූවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කරමින් සහ කැපී පෙනෙන පන්දු යවමින් දක්ෂතා දැක්වීම.

ලක්මාල්, මිලින්ද සහ උදාන ඇතුළු ප්‍රබලයින් රැසක් කණ්ඩායම් මාරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ…

දිනයේ කැපී පෙනෙනම පිතිකරු වූයේ සැරසන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන ය. ඔහු කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 70ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ටැමිල් යූනියන් කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල සමත් විය. ඔහු හලාවත මේරියන්ස් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 54කට දවා ගත්තේ ය. ඊට අමතරව කොළඹ සී. සී. සී. කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත්තේ ය.


වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසිය දිනා ගත් වරාය අධිකාරිය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නිමා කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් නායක ඉරෝෂ් සමරසූරිය 61ක්ට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පබසර වඩුගේ ද ලකුණු 42ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 134කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වමත් වේගපන්දු යවන චමින්ද බණ්ඩාර ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 144 (51.2) ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42, අදීශ තිලාංචන 20, චමින්ද බණ්ඩාර 2/33

Photo Album – SLPA SC Vs. Moors SC | Major League Tier A Tournament 2017/2018

බදුරලිය ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්වය යටතේ තරගය පළමු දිනයට අවසන් කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 244ක් ලබා සිටිය හ.  

එම ඉනිමේ දී නදීර නාවල පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 57ක් ලබා ගත්තේ ය. ඊට අමතරව විදෙස් ක්‍රීඩක එස්. ආනන්ද් පන්දු 90කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ශිරාෂ් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු9ක් දැවී 244 (79): නදීර නාවල 57, එස්. ආනන්ද් 65, කෝසල කුලසේකර නොදැවී 23, සචිත් පතිරණ 38, මොහොමඩ් ශිරාෂ් 4/40, හේෂාන් රාමනායක 2/26, දුවිඳු තිලකරත්න 2/53

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ශ්‍රී ලංකා…

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනයට තරගය නතර කරන විට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 31ක් ලබා සිටිය හ.

මේරියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක හර්ෂ කුරේ ය. ඔහු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟ ලකුණු 66ක් ලබා ගත්තේ ය. ඊට අමතරව යසෝද ලංකා පන්දු 66ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

Photo Album – Chilaw MCC v Tamil Union C & CA – “Major League Tier A Tournament 2018/19

පන්දු යැවීමේ දී රමිත් රඹුක්වැල්ල ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම් වාර්තා කළේය.

පිළිතුරු ඉනිමේ දී ලහිරු මිලන්ත දිනය අවසන් වෙන විට ලහිරු මිලන්ත නොදැවී ලකුණු 19ක් ලබා සිටියේ ය.  

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (56.5): හර්ෂ කුරේ 66, යසෝද ලංකා 48, තික්ෂිල ද සිල්වා 28, නිමේෂ් විමුක්ති 28, රමිත් රඹුක්වැල්ල 5/54

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 31 (13): ලහිරු මිලන්ත නොදැවී 19

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා..

එස්. එස්. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්හ. ඔවුන්ගේ ඉනිමට ද වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල විය.

එසේ වූ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කෞෂාල් සිල්වා ය. ඔහු පන්දු 66කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

දිනය අවසන් වෙන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 24ක් ලබා සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව ලහිරු ගමගේ ද කඩුලු 2ක් ලබා ගත්තේ ය.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (63) ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 41, සඳුන් වීරක්කොඩි 35, සම්මු අශාන් 22, සචිත්‍ර සේනානායක 32, තරිඳු රත්නායක නොදැවී 20, ලහිරු ගමගේ 2/27, ලක්ෂාන් සඳකැන් 5/58

සී. සී. සී.; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 24 (10.1) මාධව වර්ණපුර නොදැවී 16

Photo Album – CCC v SSC | Major League Tier A Tournament 2018/19

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සැරසන්ස් ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 70ක් ලබාගත්තේ ය.

Photo Album – Colts CC Vs. Saracens SC | Major League Tier A Tournament 2017/2018

ඊට අමතරව අශේන් බණ්ඩාර පන්දු 157කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 170 (62): මිලින්ද සිරිවර්ධන 70, අශේන් බණ්ඩාර නොදැවී 63, කවිශ්ක අංජුල 2/21

මම අංක එකට ආවේ මෙහෙමයි – ජස්ප්‍රීත් බුම්රා

“තාත්තා නැතිවෙනකොට මම හිටියේ 2 ශ්‍රේණියේ. අක්කා හිටියේ 4 ශ්‍රේණියේ.” මෙසේ කියන්නේ..

එන්. සී. සී. සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එන්. එන්. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 124ක් ලබා සිටිය හ.

Photo Album – NCC v Ragama CC – Major League Tier A Tournament 2017/2018

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 124 (36) මහේල උඩවත්ත 24, ඇන්ජලෝ පෙරේරා නොදැවී 36, චාමර කපුගෙදර නොදැවී 23,  නිශාන් පීරිස් 2/31

මේ සියලු තරග හෙට (01) දිනයේ දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<