නවකයින් හමුවේ බදුරලියට පළමු ඉනිමේ ජයක්

308

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මීගමුව ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර අද (8) නිමාව දුටු අතර එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට බදුරලිය ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගය මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත…

තරගයේ තෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 130ක් ලබාගෙන සිටියේ මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටිමිනි.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි සාලින්ද උෂාන් හා නායක අලංකාර අසංක යන දෙදෙනාම දිගු ඉනිමක් දියත් කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 184ක සබඳතාවයක් ගොඩනංවමිනි. එහි දී දිනයේ පළමු කඩුල්ල ලෙස නායක අසංක 4 පහර 7ක් සමඟින් ලකුණු 82ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ උපුල් ඉන්ද්‍රසිරිගේ පන්දුවකටයි.

>>Photos : Negombo CC Vs. Badureliya CC | Major League Tier A Tournament 2018/2019<<

පන්දු 240ක් පුරාවට ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වූ යොවුන් පිතිකරුවෙක් වන සාලින්ද උෂාන් 4 පහර 13ක් සමඟ ලකුණු 113ක් ලබාගෙන සිටිය දී බදුරලිය පළමු ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට හැරී යන විට ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 222ක් ලෙස සටහන් විය.

ඊට අමතරව සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටටෙන්ඩ ටයිබු ලකුණු 41 ලබා ගත්තේ, අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරමින් ඔහුට සහාය වූ සචිත් පතිරණ ලබාගත් ලකුණු 34ට අමතරවයි. අවසානයේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 333ක් රැස් කරගැනීමට බදුරලිය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.  

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ඉන්ද්‍රසිරි සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 120කට කඩුලු 6ක් දවා ගන්නා විට, ශෙහාන් ජයසූරිය බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිමේ කඩුලු 3ක් සඳහා වග කියන ලදි.

ලකුණු 5ක පළමු ඉනිමේ ජයග්‍රහණයක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 170ක් ලබා ගෙන සිටිය දී තරගය ජය පරාජයෙන් තොරව නිමා කර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. මේ තරගයේ සිය දෙවන අර්ධ ශතකයත් වාර්තා කර ගත් ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර පළමු ඉනිමේ ලබාගත් ලකුණු 51ට අමතරව දෙවන ඉනිමේ දී ද ලකුණු 63ක් ලබා ගත්තේය. ඊට අමතරව සහන් ආරච්චිගේ හා ශෙහාන් ජයසූරිය පිළිවෙළින් ලකුණු 61ක් හා ලකුණු 42ක් රැස්කරගන්නා ලදි.

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 328 (122.3): ප්‍රසන්න ජයමාන්න 108, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 51, උපුල් ඉන්ද්‍රසිරි 44* ඇන්ජලෝ ජයසිංහ 34, බුද්ධික සංජීව 5/74, ලහිරු සමරකෝන් 3/81.

බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම  – 333 (123.3): සාලින්ද උෂාන් 113, අලංකාර අසංක 88, ටටෙන්ඩ ටයිබු 41, සචිත් පතිරණ 34, උපුල් ඉන්ද්‍රසිරි 6/120, ශෙහාන් ජයසූරිය 3/124.

මීගමුව ක්‍රිකට් සමාජ දෙවන ඉනිම –  170/2 (20): ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 63, සහන් ආරච්චිගේ 61, ශෙහාන් ජයසූරිය 42.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <