සැරසන්ස් චාමිකර කොළඹ ඉනිමේ කඩුලු 9ක් දවා ගනී

354

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (04) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවති තරගයේ ඉනිමක කඩුලු 9ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට වමතින් දඟපන්දු යවන චාමිකර එදිරිසිංහ සමත් විය.

සැරසන්ස් කණ්ඩායම නියෝජනය කරන චාමිකර එදිරිසිංහ මෙම දක්ෂතාව දැක්වූයේ කොළඹ ක්‍රිකට් සමාජය හෙවත් සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ය. ඔහු ප්‍රතිවාදී කඩුලු 9ක් ලබා ගත්තේ පන්දුවාර 26ක් යවමින් නොඉඳුල් පන්දුවාරයක් සමඟින් ලකුණු 87ක් ලබා දෙමිනි.  

මේ අතර එස්. එස්. සී. ක්‍රීඩක සම්මු අශාන් සහ රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් සුපේෂල ජයතිලක ද අද දවසේ දී ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය…

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 110ක් ලබා ගත්තේය.

මුවර්ස් ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු අදීශ තිලාංචන පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. කඩුලු බිඳ දැමීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

තරගය නතර කරන විට යුද හමුදා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 116ක් ලබා සිටිය හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 110 (44.4) අදීශ තිලාංචන 35, නුවන් ලියනපතිරණ 2/30, දුශාන් විමුක්ති 5/35, දනුශික බණ්ඩාර 2/16

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 116 (37) අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මධුශාන් 20, ඩිල්ශාන් ද සොයිසා නොදැවී 31


සී. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු  238ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් මාධව වර්ණපුර පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

සී. සී. සී. ඉනිමේ කඩුලු 9ක්ම චාමිකර එදිරිසිංහ ලබා ගැනීම කැපී පෙනුණ අතර ඉනිමේ අවසන් කඩුල්ලේ හිමිකාරිත්වය අශේන් බණ්ඩාර සතු විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටිය හ. එම ඉනිමේ කඩුලු 4ක් ලකුණු 31කට දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත් විය.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 (62) රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 28, චාමිකර එදිරිසංහ 9/87

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 47 (27.2) ප්‍රමෝද් මධුවන්ත 22, මාලින්ද පුෂ්පකුමාර 4/31

ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ලකුණු මැෂිම – පැතුම් නිස්සංක

මෑත කාලයේ ලද පරාජිත තරගාවලි අතරට නවසීලන්තය සමඟ ඉකුත්දා අවසන් වූ…

රාගම සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ පළමු දිනය අවසානයේ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 356ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් සුපේෂල ජයතිලක ශතකයක් ලබා ගැනීම කැපී පෙනුණි. ඔහු පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ජනිත් ලියනගේ අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

Photos: Tamil Union C & AC v Ragama CC – Major League Tier A Tournament 2018/19

පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් සහ දිනුක් වික්‍රමනායක කඩුලු 2 බැගින් දවා ගත් හ.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 256 (89) සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, දිනෙත් තිමෝද්‍ය 49, ෂෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, ජීවන් මෙන්ඩිස් 2/90, දිනුක් වික්‍රමනායක 2/27


එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. සහ බී. ආර්. සී. ක්‍රිකට් සමාජය අතර බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 289ක් ලබා ගත් හ.  

එම ඉනිම වෙනුවෙන් සම්මු අශාන් පන්දු 168කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 125ක් ලබා ගත්තේ ය. කඩුලු 3ක් දැවී ලකුණු 23ක් ව තිබූ එස්. එස්. සී. ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් සම්මු අශාන් සහ කෝසල කුලසේකර එක් වෙමින් සිව්වැනි කඩුල්ලට 116ක සබඳතාවක් එක් කළ හ.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී දැවී 289 (66.4) කෝසල කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාශ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, නෙරංජන් වන්නිආරච්චි 2/36, දුවිඳු තිලකරත්න 5/65

බී. ආර්. සී.; පළමු ඉනිම කඩුල්ලක් දැවී 57 (21) ලසිත්ලක්ෂාන් නොදැවී 20, භානුක රාජපක්ෂ නොදැවී 34

ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගයට නවසීලන්තයෙන් නව නායකයෙක්

එළඹෙන සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි..

හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන යොහාන් ද සිල්වා සහ ප්‍රිමෝෂ් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් සබඳතාව ලකුණු 89කි.

කඩුලු ලබා ගැනීමේ දී විදෙස් ක්‍රීඩක සුබ්‍රමනියන් උදේශි ලකුණු 70කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (68.5) යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සුබ්‍රමනියන් උදේශි 6/70, කරිමුත්තු රාකේශ් 2/41

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 54 (19) ඔසද ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ 22, චමින්ද බණ්ඩාර 2/17, අනුක් ද අල්විස් 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<