චතුරංග ද සිල්වාගෙන් කඩුලු ත්‍රිත්වයක්

345

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මක තරග අතරින් මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගයේ දී එන්. සී. සී. කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චතුරංග ද සිල්වා කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වීමත්, එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂාල් සිල්වා සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා ද්විත්ව ශතක ලබා ගැනීමත් කැපී පෙණුනි.   

මේ අතර එන්. සී. සී. කණ්ඩායමේ හසිත බෝයගොඩ,  ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ සිතාර ගිම්හාන් සහ ජීවන් මෙන්ඩිස් ද, සී. සී. සී. කණ්ඩායමේ මිනෝද් භානුක සහ යුද හමුදා කණ්ඩායමේ සංජික රිද්ම ද අද දවසේ ශතක රැස් කිරීමට සමත් වූහ.

ජීවන් මෙන්ඩිස්ගෙන් සුපිරි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරග අතුරින් දක්ෂතම පන්දු යවන්නා බවට පත් වීමට ටැමිල් යූනියන් ක්‍රිකට්…

මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී ඇරඹි මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් සියලුම දෙනාම දැවී ලකුණු 330ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.

එම ඉනිමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගැනීමට චතුරංග ද සිල්වා සමත් විය.

ලකුණු 249ක් ඉදිරියෙන් සිටිමින් නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ ශතකයක් ලබා ගැනීමට සමත් විය. ඔහු පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තේ ය.

Photos: SLPA SC v Tamil Union C & AC – Major League Tier A Tournament 2018/19

ඊට අමතරව පැතුම් නිශ්ශංක පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේ ය. චාමික කරුණාරත්න ද ප්‍රවේගවත් ලකුණු 82ක් ලබා ගත්තේ ය. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 44ක් පමණි. හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් ඊට ඇතුලත් විය.

කඩුලු ලබා ගැනීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 92කට කඩුලු 4ක් දවා ගත්තේ ය.  

එන්. සී. සී. දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 7ක් දැවී ලකුණු 367කි. ඒ අනුව ලකුණු 616ක් ඉදිරියෙන් සිටි ඔවුන් මුවර්ස් ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළහ.

තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට මුවර්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (65.5) උපුල් තරංග 28, පැතුම් නිශ්ශංක 163, ඇන්ජලෝ පෙරේරා 61, චතුරංග ද සිල්වා 35, කේශාන් විජේරත්න 2/39, රමේෂ් මෙන්ඩිස්  2/55 , තරිඳු කෞෂාල් 4/72

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (24.3) චරිත කුමාරසිංහ 22, ඉරෝෂ් සමරසූරිය 26, ලසිත් ඇඹුල්දෙණිය 3/29, චතුරංග ද සිල්වා 6/32

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 367 (59) හසිත බෝයගොඩ 101, පැතුම් නිශ්ශංක 84, ඇන්ජලෝ පෙරේරා 37, චාමික කරුණාරත්න 82, කේශාන් විජේරත්න 2/46,  රොමේෂ් මෙන්ඩිස් 4/92

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 43 (13.3) ඉරෝෂ් සමරසූරිය නොදැවී 22, සචින්ත පීරස් 3/23, චතුරංග ද සිල්වා 2/18

වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමු දිනයේ දී ම තම පළමු ඉනිම ලකුණු 245කට නිමා කර ගත් හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 377ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් ලකුණු 105ක් ලබා ගත්තේ ය. ඔහු මේ වෙනුවෙන් පන්දු 166කට මුහුණ දුන් අතර හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කර ගත්තේ ය. ඔහු සහ ලහිරු මිලන්ත අතර ආරම්භක කඩුල්ලට ලකුණු සබඳතාව 140ක් වූ අතර ලහිරු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.

ඉනිමේ අනෙක් ශතක ලාභියා වූයේ ජීවන් මෙන්ඩිස් ය. ඔහු දිනය අවසන් වෙන විට පන්දු 137කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා සිටියේ ය.   

පන්දු යැවීමේ දී ඉමේෂ් උදයංග ලකුණු 141කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (82) රුවිඳු ගුණසේකර 66, ප්‍රිමෝෂ් පෙරේරා 38, ප්‍රශාන් වික්‍රමසිංහ59, ඉමේෂ් උදයංග 23, ජීවන් මෙන්ඩිස් 9/53

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 377(96) සිතාර ගිම්හාන් 105, ලහිරු මිලන්ත 58, සචිත්‍ර සේරසිංහ 21, කිත්රුවන් විතානගේ , ජීවන් මෙන්ඩිස් නොදැවී 106, කමිඳු මෙන්ඩිස් 27, ඉමේෂ් උදයංග 6/141

මැතිව්ස්ගේ ෆිට්නස් ගැන තවත් ගැටලුවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (29) දිනයේ ක්‍රීඩා කරමින් සිටින…

ශ්‍රී ලංකා යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 357ක් ලබා ගත් හ.

එම ඉනිම වෙනුවෙන් සංජික රිද්ම අද දවසේ දී ශතකයක් ලබා ගත්තේ ය. පන්දු 213කට මුහුණ දුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 148ක් ලබා සිටිය හ.

මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යසෝද ලංකා පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357 (124.4) ලක්ෂාන් එදිරිසිංහ 76, දුශාන් විමුක්ති 23, ඩිල්ශාන් ද සොයිසා 22, සංජික රිද්ම 119, ජනිත් සිල්වා 32, දනුශික බණ්ඩාර 33, සාගර් පරේෂ් 3/111, රොෂාන් ජයතිස්ස 2/62, තික්ෂිල ද සිල්වා 3/95

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 148 (34) යසෝද ලංකා 76, නිසල් ෆ්‍රැන්සිස්කෝ 20, ඔසඳ ප්‍රනාන්දු නොදැවී 34,

එස්. එස්. සී. සහ මීගමුව අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමු ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 212කි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 438ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 207ක් ලබා ගත්තේ ය. පන්දු 307කට මුහුණ දුන් කෞෂාල් හතරේ පහර 26ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය.  

ඊට අමතරව සඳුන් වීරක්කොඩි පන්දු 82කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

මීගමු ක්‍රිකට් සමාජය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (62.3) අශේන් සිල්වා 28, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 23, සහන්ත ආරච්චිගේ 23, ඩිලාන් ජයලත් 38, සනිත ද මැල් 43, විමුක්ති පෙරේරා 3/33, තරිඳු රත්නායක 2/65, ආකාශ් සේනාරත්න 2/44, සම්මු අශාන් 2/11

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 438 (111) සඳුන් වීරක්කොඩි 63, කෞෂාල් සිල්වා නොදැවී 207, ක්‍රිශාන් ආරච්චිගේ 22, ආකාශ් සේනාරත්න 47, පසිඳු සූරියබණ්ඩාර 32, හිමේෂ් රාමනායක නොදැවී 28, නිලංක සඳකැන් 4/120, උපුල් ඉන්ද්‍රසිරි 3/142

ශ්‍රී ලංකාව තවත් දිනකින් තරගය ඉදිරියට රැගෙන යයි

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් දිනයක්ම පිටියේ රැඳී සිටිමින් කඩුලු…

කෝල්ට්ස් සහ බදුරලිය අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර කෝල්ට්ස් පිටියේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 419ක් රැස් කළහ.

එම ඉනිම වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා නොදැවී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 206කි. ඔහු තම ඉනිම සඳහා පන්දු 481ක් වැය කළ අතර හතරේ පහර 19ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුළත් කර ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රීඩකයෝ ඉනිම අත්හැරීමෙන් පසුව පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 95ක් ලබා සිටිය හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 419 (150) විශාද් රන්දික 85, ප්‍රියමාල් පෙරේරා නොදැවී 206, නිසල තාරක 34, මහේෂ් තීක්ෂණ 20, බුද්ධික සංජීව 5/86, සචිත් පතිරණ 2/121

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 95 (30) අලංකාර අසංක නොදැවී 39, සාලින්ද උෂාන් 23

බී. ආර්. සී. සහ සී. සී. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු වෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණක් වන අතර පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 498ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක පන්දු 289කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 180ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ලසිත් අබේරත්න සහ අශාන් ප්‍රියංජන් ද අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 105 (43.4) හෂේන් රාමනායක 24, මධුක ලියනපතිරණගේ 23 ලහිරු ගමගේ 3/19, විශ්ව ප්‍රනාන්දු 4/52

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 498 (43.1) මාධව වර්ණපුර 61, මිනෝද් භානුක 180, අශාන් ප්‍රියංජන් 69, ලසිත් අබේරත්න 66, ලහිරු මධුශංක 35, මනෙල්ක ද සිල්වා නොදැවී 37, හෂේන් රාමනායක 2/47,

බී. ආර්. සී.; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 16 (10)

මේ සියලු තරග හෙට (30) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<