ජීවන් මෙන්ඩිස්ගෙන් සුපිරි දස්කම්

224

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරග අතුරින් දක්ෂතම පන්දු යවන්නා බවට පත් වීමට ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ ජීවන් මෙන්ඩිස් සමත් විය. ඔහු අද වරාය අධිකාරිය කණ්ඩායමේ ඉනිමක කඩුලු 9ක් තමන් සන්තක කර ගනිමින් දිනයේ සම්පූර්ණ අවධානය තමන් වෙත තබා ගත්තේ ය.

ජීවන් ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 53ක් පමණි. එය මෙන්ඩිස්ගේ පළමු පෙළ හොඳම පන්දු යැවීමට පරිවර්තනය විය.

මේ අතර මුවර්ස් ක්‍රීඩා සමාජය සමග එම ක්‍රීඩා පිටියේ දී පැවති තරගයේ දී පැතුම් නිශ්ශංක සටන්කාමි ඉනිමක නිරත වෙමින් පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 163ක් රැස් කළේය. ඔහු මීට පෙර ද්විත්ව ශතකයක් වාර්තා කළේය.

ඊට අමතරව ප්‍රියමාල් පෙරේරා ද බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව ශතකයක් වාර්තා කළේය.

හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ඉනිමක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමා වූ තරග අතරින් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු…

මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී ඇරඹි මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් සියලු දෙනාම දැවී ලකුණු 330ක් ලබා ගත් හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ  දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටිය හ.

ඔහුට අමතරව නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 129කි. ඒ සඳහා ඔවුන් පන්දු 178ක් වැය කළේය.

කඩුලු ලබා ගැනීමේ දී තරිඳු කෞෂාල් ලකුණු 72කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.  

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (65.5) උපුල් තරංග 28, පැතුම් නිශ්ශංක 163, ඇන්ජලෝ පෙරේරා 61, චතුරංග ද සිල්වා 35, කේශාන් විජේරත්න 2/39, රමේෂ් මෙන්ඩිස්  2/55 , තරිඳු කෞෂාල් 4/72

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 30 (9) චරිත කුමාරසිංහ 22


වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමු දිනයේ දී ම තම පළමු ඉනිම ලකුණු 245කට නිමා කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 28ක් ලබා සිටිය හ.

වරාය ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කිරීමට රුවිඳු ගුණසේකර සමත් විය. ඔහු පන්දු 94කට සහභාගී වෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය. ඔහු සමඟින් ආරම්භක කඩුල්ලට එක් වූ ප්‍රිමෝෂ් පෙරේරා එක්ව ලකුණු 98ක සබඳතාවක් ගොඩ නැගූහ. ප්‍රිමෝෂ් පෙරෙරා පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ය.

රුවිඳුට අමතරව කඩුලු රකින ක්‍රීඩක ප්‍රශාන් වික්‍රමසිංහ ද අර්ධ ශතකයක් වාර්තා කරමින් දක්ෂතා දැක්විය. ඔහු තම ඉනිමට පන්දු 86ක් වැය කළ අතර හතරේ පහර 7ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් කළේය.

පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 53කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඔහු මේ වෙනුවෙන් පන්දුවාර 29ක් යැවුණ අතර ඉන් පන්දුවාර 8ක් ම නොඉඳුල් පන්දු වාර විය.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (82) රුවිඳු ගුණසේකර 66, ප්‍රිමෝෂ් පෙරේරා 38, ප්‍රශාන් වික්‍රමසිංහ59, ඉමේෂ් උදයංග 23, ජීවන් මෙන්ඩිස් 9/53

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 28 (6) සිතාර ගිම්හාන් නොදැවී 16

නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය…

ශ්‍රී ලංකා යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන යුද හමුදා ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 196ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ලක්ෂාන් එදිරිසිංහ පන්දු 124කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ජනිත් සිල්වා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 32ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී රොෂාන් ජයතිස්ස සහ තික්ෂිල ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 196 (71) ලක්ෂාන් එදිරිසිංහ 76, දුශාන් විමුක්ති 23, ඩිල්ශාන් ද සොයිසා 22, සංජික රිද්ම 21, ජනිත් සිල්වා 32, රොෂාන් ජයතිස්ස 2/36, තික්ෂිල ද සිල්වා 2/55


එස්. එස්. සී. සහ මීගමුව අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමු ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට රැස් කරගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 212ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 88ක් ලබා සිටිය හ.  

මීගමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ සනිත ද මෙල් ය. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී විමුක්ති පෙරේරා ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

එස්. එස්. සී. ඉනිමේ දී සඳුන් වීරක්කොඩි පන්දු 70කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟින් ඉනිම ආරම්භ කළ කෞෂාල් සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25කි.

මීගමු ක්‍රිකට් සමාජය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (62.3) අශේන් සිල්වා 28, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 23, සහන්ත ආරච්චිගේ 23, ඩිලාන් ජයලත් 38, සනිත ද මැල් 43, විමුක්ති පෙරේරා 3/33, තරිඳු රත්නායක 2/65, ආකාශ් සේනාරත්න 2/44, සම්මු අශාන් 2/11

එස්. එස්. සී.; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 88 (21) සඳුන් වීරක්කොඩි නොදැවී 59, කෞෂාල් සිල්වා නොදැවී 25

සාන්ත තෝමස් – මොරටු විද්‍යාල ගැටුමේ කඩුලු 26ක් දිනක් තුල දැවී යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27) ක්‍රියාත්මක…

කෝල්ට්ස් සහ බදුරලිය අතර තරගය

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර කෝල්ට්ස් පිටියේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කරගෙන පළමු දිනයට සමු දුන්හ.

එම ඉනිම වෙනුවෙන් ප්‍රියමාල් පෙරේරා නොදැවී රැස් කරන ලද ලකුණු 105 කැපී පෙණුනි. ඔහු තම ඉනිම සඳහා පන්දු 215ක් වැය කළ අතර හතරේ පහර 12ක් සහ හයේ පහරක් ද ඊට ඇතුළත් කර ගත්තේ ය. ඊට අමතරව විශාද් රන්දික පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී බුද්ධික සංජීව ලකුණු 57කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 294 (90) විශාද් රන්දික 85, ප්‍රියමාල් පෙරේරා 105, නිසල තාරක 34, බුද්ධික සංජීව 5/57


බී. ආර්. සී. සහ සී. සී. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු වෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 152ක් ලබා සිටිය හ.

බී. ආර්. සී. ඉනිම විනාශ කිරීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 52කට කඩුලු 4ක් දවා ගත් අතර ලහිරු ගමගේ කඩුලු 3ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් එක් විය. ඒ මාධව වර්ණපුර සහ මිනෝද් භානුක ය. මාධව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය. මිනෝද් පන්දු 114කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියේ ය.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 105 (43.4) හෂේන් රාමනායක 24,මධුක ලියනපතිරණගේ  23 ලහිරු ගමගේ 3/19, විශ්ව ප්‍රනාන්දු 4/52

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 154 (43.1) මාධව වර්ණපුර 61, මිනෝද් භානුක නොදැවී 71

මේ සියලු තරග හෙට (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<