ඇන්ජලෝ, සචිත්‍ර, කිත්රුවන් සහ අශේන් ශතක රැස් කරති

861

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දෙවැනි දිනය වූ අද (01) දිනය අවසන් වෙද්දී  ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි. එම ශතක වාර්තා කළේ ඇන්ජලෝ පෙරේරා, සචිත්‍ර සේරසිංහ, කිත්රුවන් පෙරේරා සහ අශේන් බණ්ඩාර විසිනි.

මිලින්ද, රමිත් සහ සඳකැන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (30) කොළඹ දී පැවති තරගවලට සවස් යාමයේ…

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කාසිය දිනා ගත් වරාය අධිකාරිය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ පළමු දිනයේ තරගය නිමා කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම ලකුණු 320කින් නිමා විය.  

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දෙවැනි දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් වීමට චාමර සිල්වා සමත් විය. ඔහු පෙර දිනයේ තරගය නතර කරන විට නොදැවී ලකුණු 17ක් ලබා සිටි අතර අද දිනයේ ඔහු තම ඉනිම නිමා කළේ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 87ක් ලබා ගනිමිනි.

ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් ලකුණු 49ක් ලබා ගත්තේ ය. එහු ඊට පන්දු 86ක් වැය කළ අතර හතරේ පහර 6ක් එල්ල කළේය.  

කඩුලු ලබා ගැනීමේ දී චමින්ද බණ්ඩාර ලකුණු 82කට කඩුලු 4ක් දවා ගත් අතර චානක කොමසාරු කඩුලු 3ක් දවා ගත්තේ ය.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පිළිතුරු ඉනිමට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලබා සිටියේ ලකුණු 93කි.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (91.5) ඉරෝෂ් සමරසූරිය 51, පබසර වඩුගේ 42, අදීශ තිලාංචන 20, චාමර සිල්වා 87, රමේෂ් මෙන්ඩිස් 49, තරිඳු කෞෂාල් 22, චමින්ද බණ්ඩාර 4/82, චලනක වීරසිංහ 2/62, චානක කොමසාරු 3/105

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 93 (40) රමේෂ් නිමන්ත 25,  අදීශ නානායක්කාර 30, දනෝෂ් රනෝද් 2/23, තරිඳු කෞෂාල් 2/24


බදුරලිය ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 318ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී නායක රුමේෂ් බුද්ධික පන්දු 186කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේ ය.

ඊට අමතර ව දේශාන් ඩයස් ලකුණු 48ක් ලබා ගත් අතර දිනය අවසන් වෙන විට හේෂාන් රාමනායක පන්දු 116කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සචිත් පතිරණ ලකුණු 112කට කඩුලු 3ක් දවා ගෙන සිටියේ ය.

පෙර දිනයේ කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්වය යටතේ තරගය පළමු දිනයට අවසන් කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 244ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 258ක් රැස් කර ගත්හ.

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (84) නදීර නාවල 57, එස්. ආනන්ද් 65, කෝසල කුලසේකර 34, සචිත් පතිරණ 38, මොහොමඩ් ශිරාෂ් 5/44, හේෂාන් රාමනායක 2/26, දුවිඳු තිලකරත්න 2/61

බී. ආර්. සී.; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 318 (89) දේශාන් ඩයස්  48, ට්. එන්. සම්පත් 28, භානුක රාජපක්ෂ 33, රුමේෂ් බුද්ධික 95, හේෂාන් රාමනායක නොදැවී 74, ප්‍රවිනාත් විජේසූරිය නොදැවී 29, සචිත් පතිරණ 112 / 3

අසේල ගුණරත්නත් අවුරුදු 23 ක්‍රීඩකයන්ගේ ගොඩට

මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන…

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්ත ද ඊට පසු දින තවත් ප්‍රසාද ලකුණු 5ක් ලැබෙමින් ඔවුන්ගේ ලකුණු පුවරු 215ක් දක්වා වැඩි විය.  

පිළිතුරු ලෙසින් පළමු දිනයට තරගය නතර කරන විට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 31ක් ලබා සිටි අතර අද ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 322ක් දක්වා තම ඉනිම පවත්වාගෙන ගිය හ.

එහි දී සචිත්‍ර සේරසිංහ පන්දු පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කිත්රුවන් විතානගේ පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (56.5) හර්ෂ කුරේ 66, යසෝද ලංකා 48, තික්ෂිල ද සිල්වා 28, නිමේෂ් විමුක්ති 28, රමිත් රඹුක්වැල්ල 5/54

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 322 (91) ලහිරු මිලන්ත 53, සචිත්‍ර සේරසිංහ 112, කිත්රුවන් විතානගේ 105, කමිඳු මෙන්ඩිස් නොදැවි 20, ඉමේෂ් විමුක්ති 3/60


එස්. එස්. සී. සහ සී. සී. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී දෙවැනි දිනය නිමා වෙද්දී පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙති.

කාසියේ වාසිය දිනූ සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් සී. සී. සී. කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 225ක් පමණි.

පළමු දිනය අවසන් වෙන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 24ක් ලබා සිටිය අතර අද ඔවුන් තම ඉනිම ක්‍රියාත්මක කිරීමේ දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ලසිත් අබේරත්න ය. ඔහු පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටිය දී නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් වැදීමෙන් පත් අනතුර හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන තරිඳු රත්නායක ලකුණු 75කට කඩුලු 7ක් දවා ගත්තේ ය. ඊට අමතරව නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගත්තේ ය.

දිනය අවසන් වෙන විට පළමු ඉනිමේ ලකුණු 4ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලබා සිටිය හ.

එම ඉනිමේ දී කෞෂාල් සිල්වා පන්දු 58කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. ඊට අමතරව සඳුන් වීරක්කෝඩි පන්දු 42ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියංජන් ලකුණු 22කට කඩුලු 2ක් දවා සිටියේ ය.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (63) ධනුෂ්ක ගුණතිලක 23, කෞෂාල් සිල්වා 41, සඳුන් වීරක්කොඩි 35, සම්මු අශාන් 22, සචිත්‍ර සේනානායක 32, තරිඳු රත්නායක නොදැවී 20, ලහිරු ගමගේ 2/27, ලක්ෂාන් සඳකැන් 5/58

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (83) රොන් චන්ද්‍රගුප්ත 21, ලසිත් අබේරත්න 88, වනිඳු හසරංග 28, ලහිරු මධුශංක නොදැවී 32, තරිඳු රත්නායක 7/75, නුවන් ප‍්‍රදීප් 2/30

එස්. එස්. සි.; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 92 (21) කෞෂාල් සිල්වා 35, සඳුන් වීරක්කොඩි 47, අශාන් ප්‍රියංජන් 2/22

හේරත්ගේ අඩුව පුරවන්න සැරසෙන ඊළඟ වමතා – රොහාන් සංජය

ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ලෝකයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපි ඉන්නේ සිම්බාබ්වේටයි බංග්ලාදේශයට ටිකක් ඉස්සරහින්. 1982 අවුරුද්දේ ටෙස්ට් වරම්…

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 316ක් රැස් කළහ.

පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සැරසන්ස් ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 170ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පෙර දිනයේ පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 170ක් ලබා සිටි අතර අද ඔවුන් දීර්ඝ ඉනිමකට ගියේ අශේන් බණ්ඩාර රැස් කළ ශතකය හේතුවෙනි.

පෙර දිනයේ නොදැවී ලකුණු 63ක් ලබා සිටි අශේන් බණ්ඩාර අද තම ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 291කට මුහුණ දුන් බණ්ඩාර හතරේ පහර 9ක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ජීවන්ත පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 133ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී සධීර සමරවික්‍රම පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් රැස් කළේ ය.

කඩුලු ලබා ගැනීමේ දී කසුන් රාජිත කඩුලු 2ක් දවා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම 316 (108.2) මිලින්ද සිරිවර්ධන 70, අශේන් බණ්ඩාර 106, සාලිය සමන් 79, සචිත්‍ර පෙරේරා 30, නිසල තාරක 2/74, කවිශ්ක අංජුල 3/68, ජෙහාන් ඩැනියෙල් 2/39

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 133 (39) අවිශ්ක ප්‍රනාන්දු 23, සධීර සමරවික්‍රම නොදැවී 56, ප්‍රියමාල් පෙරේරා 20, කසුන් රාජිත 2/40

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට කොහොම හරි ක්‍රීඩා කරන එක. එහෙම කරගන්න බැරි වෙන ගොඩක් ක්‍රීඩකයින් කරන්නේ කරන්න…

එන්. සී. සී. සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. එන්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 272ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා සිටිය හ.

එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ඇන්ජලෝ පෙරේරා ය. ඔහු පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 123ක් ලබා ගත්තේ ය. ඊට අමතරව චාමර කපුගෙදර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38කි.

කඩුලු ලබා ගැනීමේ දී  ඉෂාන් ජයරත්න ලකුණු 73කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාගම කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න පන්දු 93කට මුහුණ දී හතරේ පහර 3ක් සමගින් ලකුණු 53ක් ලබා ගත්තේ ය.  

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (73.3) මහේල උඩවත්ත 24, ඇන්ජලෝ පෙරේරා 123, චාමර කපුගෙදර 38, සචින්ත පීරිස්  25, ඉෂාන් ජයරත්න 4/73, අමිල අපොන්සු 3/93, නිශාන් පීරිස් 2/62

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 168 (55) ෂෙහාන් ප්‍රනාන්දු 33, ලහිරු තිරිමාන්න 53, සුපේෂල ජයතිලක 25, සමින්ද ප්‍රනාන්දු නොදැවී 38, සචින්ත පීරිස් 2/60

මේ සියලු තරග හෙට (02) දිනයේ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<