සංගීත් – හෂාන් සහ චරිත ශතක ලබති

719

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (14) ආරම්භ වෙද්දී ම ශතක 3ක් වාර්තා විය. ඒ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සංගීත් කුරේ, එම ක්‍රීඩා සමාජයේ ම හෂාන් දුමිඳු සහ මුවර්ස් ක්‍රීඩා සමාජයේ චරිත කුමාරසිංහ ගෙනි. ඔවුන් මෙම ශතක වාර්තා කළේ පිළිවෙළින් එස්. එස්. සී. සහ රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ය.

සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය..

එස්. එස්. සී. කණ්ඩායම සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන කෝල්ට්ස් ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා සිටිය හ.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරුවෝ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. සංගීත් කුරේ පන්දු 226කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත් අතර හෂාන් දුමිඳු ලබා ගත් ලකුණු සංඛ්‍යාව ද 119කි. ඔහු පන්දු 231කට මුහුණ දුන් අතර හතරේ පහර 14ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

Photos: SSC v Colts CC – Major League Tier “A” Tournament 2018/2019

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 252කි. මෙම ලකුණු සංඛ්‍යාව ගොඩ නැගීම සඳහා ඔවුන් පන්දු 444ක් වැය කළහ.

කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක ලකුණු 66කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 271 (88) සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, සචිත්‍ර සේනානායක 4/66


රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසිය වාසිය දිනූ රාගම නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත් අතර දිනය අවසන් වන විට රාගම ක්‍රිකට් සමාජය කිසිවෙක් නොදැවී ලකුණු 4ක් ලබා සිටියේ ය.

මුවර්ස් ඉනිමේ දී ආරම්භක පිතිකරු චරිත කුමාරසිංහ පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ ඉනිම ආරම්භ කළ නායක ඉරෝෂ් සමරසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60කි. ඔහු පන්දු 61කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

Photo Album :  Tamil Union C & AC Vs. Army SC | Major League Tier A Tournament 2018/2019

ඊට අමතරව අදීශ තිලාංචන පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ද, ශිරාන් ප්‍රනාන්දු පන්දු 68කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 40ක් ද ලබා ගත්හ.

කඩුලු දවා ගැනීමේ දී අමිල අපොන්සු ලකුණු 117කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මංගල පළමු පෙළ තරගයට සහභාගී වූ කල්හාර සේනාරත්න ලකුණු 49කට කඩුලු දෙකක් දවා ගත්තේ ය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (84.2): චරිත කුමාරසිංහ 102, ඉරෝෂ් සමරසූරිය 60, පබසර වඩුගේ 25, අදීශ තිලාංචන 40, කෙෂාන් විජේරත්න 26, ශිරාන් ප්‍රනාන්දු 40, ඉෂාන් ජයරත්න 2/54, මොහොමඩ් අලි 3/73, අමිල අපොන්සු 3/117, කල්හාර සේනාරත්න 2/49

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 04 (4)

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර හෙවත් එක්දින සහ…


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාව අනුව පළමු වෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා කණ්ඩායම දිනය අවසන් වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබා සිටියේ ය. එම ඉනිමට අර්ධ ශතක 4ක් ඇතුලත් විය.

අශාන් රන්දික පන්දු 43කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර අශාන් රන්දික පන්දු 106කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තේ ය. ඩිල්ශාන් ද සොයිසා පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිද්දී, සංජික රිද්ම පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේරසිංහ, සදීෂ් පතිරණගේ සහ ලහිරු මිලන්ත කඩුලු 2 බැගින් දවා ගත්හ.

යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 299 (89.4) ලක්ෂිත මධුශාන් 36, අශාන් රන්දික 53, දුශාන් විමුක්ති 50, ඩිල්ශාන් ද සොයිසා 51, සංජික රිද්ම 64, සචිත්‍ර සේරසිංහ 2/54, සදීෂ් පතිරණගේ 2/51, ලහිරු මිලන්ත 2/21


එන්. සී. සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දැවී ලකුණු 321ක් ලබා සිටිය හ.

Photos: NCC v Chilaw MCC | Major League Tier “A” Tournament 2018/2019

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිශ්ශංක ය. ඔහු පන්දු 129කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 90කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඉන්දීය ක්‍රීඩක සාගර් පරේෂ් ලකුණු 76කට කඩුලු 4ක් දවා ගත් අතර ආරම්භක පන්දු යැවී චතුරංග ඩිල්ශාන් ලකුණු 86කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 321 (85.4) ලහිරු උදාර 66, පැතුම් නිශ්ශංක 77, චතුරංග ද සිල්වා 48, මාලිංග අමරසිංහ 21, සාරංග රාජගුරු නොදැවී 23, සචින්ත පීරිස් 29, චතුරංග ඩිල්ශාන් 3/86, සාගර් පරේෂ් 4/76

කමිඳු මෙන්ඩිස් කර මතින් ලංකාව අවසන් සටනට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නැගී එන කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන…


සී. සී. සී. කණ්ඩායම සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 317ක් ලබා සිටිය හ.

සී. සී. සී. ඉනිම වෙනුවෙන් නායක අශාන් ප්‍රියංජන් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. ඊට අමතරව රෝන් චන්ද්‍රගුප්ත ලබා ගත් ලකුණු සංඛ්‍යාව 45කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 86කට මුහුණ දුන් හතරේ පහර 5න් තම ඉනිම ඇතුළත් කර ගත්තේ ය.

ඉනිමේ අවසන් කාර්තුවේ දී මිනෝද් භානුක ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව දිනය අවසන් වන විට ලහිරු මධුශංක පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී රොෂේන ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 317 (82) රොන් චන්ද්‍රගුප්ත 45, අශාන් ප්‍රියන්ජන් 53, ලසිත අබේරත්න 26, මිනෝද් භානුක 88, ලහිරු මධුශංක නොදැවී 55,  රොෂේන් ප්‍රනාන්දු 3/46

හෙට (15) මෙම තරග සියල්ල ම දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<