ප්‍රියමාල් පෙරේරා දෙවැනි ද්විත්ව ශතකයත් රැස් කරයි

277

දිනෙන් දින උණුසුම් වෙන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීමට අද (12) ප්‍රියමාල් පෙරේරා සමත් විය. කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කළ ප්‍රියමාල් පෙරේරා මෙම ද්විත්ව ශතකය රැස් කළේ බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිවයි.

ඔහු මීට පෙර බදුරලිය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව කෝල්ට්ස් පිටියේ දී නොදැවී ලකුණු 206ක් ද ලබා ගත්තේ ය. මෙම ද්විත්ව ශතකය මෙවර තරගාවලියේ දී වාර්තා වූ සිව්වැන්නයි. ප්‍රියමාල්ට අමතර ව එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිශ්ශංක (206*) සහ එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂාල් සිල්වා (210) ද්විත්ව ශතක වාර්තා කර තිබුණි.

කමිල් මිෂාරගෙන් අගනා ශතකයක්

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගය ඊයේ (11) දෙවන දිනටත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විය.

මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

මුවර්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 326ක් ලබා ගත්හ.

අනතුරුව පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 336ක් ලබා සිටිය හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සචිත්‍ර සේරසිංහ ය. ඔහු පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 160ක් ලබා ගත්තේ ය. ඊට අමතරව තරංග පරණවිතාන අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

Photos: Moors SC v Tamil Union C & AC – Major League Tier A Tournament 2018/19

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 113කට කඩුලු දෙකක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 326 (94) පබසර වඩුගේ 24, ඉරෝෂ් සමරසූරිය 24, චරිත කුමාරසිංහ 36, අයන සිර්වර්ධන 31, චාමර සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් 76, නිමන්ද මධුශංක 35, ජීවන් මෙන්ඩිස් 5/121, දමිත සිල්වා 3/59

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 336 (86) සිතාර ගිමිහාන් 30, තරංග පරණවිතාන 57, සචිත්‍ර සේරසිංහ 160, දමිත සිල්වා නොදැවී 37, රමේෂ් මෙන්ඩිස් 2/113


සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 378ක් ලබා ගත්හ.

Photos: Baduruliya CC v CCC | Major League Tier A Tournament 2018/19

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් පමණි. එම ඉනිමේ දී ප්‍රමෝද් හෙට්ටිවත්ත අර්ධ ශතකයක් රැස් කළේය. පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 78කට කඩුලු 5ක් දවා ගන්නේ ය.

තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සී. සී. සී. ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 34ක් ලබා සිටිය හ.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 378 (101) රොන් චන්ද්‍රගුප්ත 36, මාධව වර්ණපුර 59, මිනෝද් භානුක 27, වනිඳු හසරංග 82, ලසිත් අබේරත්න 49, මළිඳු මධුරංග 41, මාලින්ද පුෂ්පකුමාර 28, ලහිරු ගමගේ නොදැවී 26, බුද්ධික සංජීව 2/94, සචිත් පතිරණ 4/154, ලහිරු සමරකෝන් 2/33

බදුරලිය ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (61.1) සාලින්ද උෂාන් 20, නදීර නාවල 45, සුබ්‍රමනියම් ආනන්ද් 40, ප්‍රමෝද් හෙට්ටිවත්ත 59, විශ්ව ප්‍රනාන්දු 2/41, මාලින්ද පුෂ්පකුමාර 3/91, වනිඳු හසරංග 5/78

සී. සී. සී.; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 34 (12) මාධව වර්ණපුර 22

ප්‍රියමාල් පෙරේරාගේ ශතකය දවස උණුසුම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ඊයේ (11) ආරම්භ වූ අතර දිනයේ…

කෝල්ට්ස් සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 391ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 110ක් ලබා සිටි ප්‍රියමාල් පෙරේරා අද එම ඉනිම ද්විත්ව ශතකයක් දක්වා රැගෙන යෑමට සමත් විය. ඔහු පන්දු 388කට මුහුණ දී හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමගින් මේ වෙද්දී නොදැවී නොදැවී ලකුණු 200ක් ලබා ගත්තේ ය.

ප්‍රියමාල් පෙරේරා අවසන් කඩුල්ල වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම (21) සමග එක් වෙමින් ලකුණු 132ක් රැස් කිරීම කැපී පෙණුනි.

තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට බී. ආර්. සී. කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් නායක රුමේෂ් බුද්ධික අර්ධ ශතකයක් වාර්තා කළේය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 391 (128.5) හෂාන් දුමිඳු 42, නිශාන් මධුශ්ක 46, ප්‍රියමාල් පෙරේරා නොදැවී 200, ප්‍රවීන් ජයවික්‍රම 21, දුවිඳු තිලකරත්න 2/120, ටී.එන්. සම්පත් 6/84

බී. ආර්. සී.; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 208 (54) භානුක රාජපක්ෂ 21, රුමේෂ් බුද්ධික 62, හෂේන් රාමනායක 47, රමින්ද විජේසූරිය නොදැවී 28, අකිල දනංජය 3/50


එන්. සී. සී. සහ වරාය අධිකාරය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත් හ.  එම ඉනිම වෙනුවෙන් ප්‍රිමෝෂ් පෙරේරා සහ අදීශ නානායක්කාර අර්ධ ශතක ලබා ගත්හ.

Photos: NCC v SLPA SC – Major League Tier A Tournament 2018/19

ලකුණු 12ක් පිටුපස සිට තම දෙවැනි ඉනිම ඇරඹූ එන්. සී. සී. ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක තුනක් එක්ව තිබුණි.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (59.1) හසිත බෝයගොඩ 34, චතුරංග ද සිල්වා 39, මාලිංග අමරසිංහ 54, එස්. රංගා 42, සාරංග රාජගුරු 27, චමින්ද බණ්ඩාර 3/55, චානක කොමසාරු 2/59, ඉමේෂ් උදයංග 2/52, අනුක් ද අල්විස් 2/11

වරාය අධිකාරය කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (74.5) රමේෂ් නිමන්ත 26,  ප්‍රිමෝෂ් පෙරේරා 76, අදීශ නානායක්කාර නොදැවී 56, අනුක් ද අල්විස් 37, සචින්ත පීරිස් 3/42, චතුරංග ද සිල්වා 4/99

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 229 (44) ලහිරු උදාර 64, මහේල උඩවත්ත නොදැවී 67, චතුරංග ද සිල්වා නොදැවී 84,

රසාංජන හා මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් අතරට

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) ක්‍රියාත්මක…

මීගමුව සහ සැරසන්ස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 216ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 228ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් අශේන් බණ්ඩාර සහ නිපුන් කරුණානායක අර්ධ ශතක ලබා ගත්හ.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (64) ෂෙහාන් ජයසූරිය 62, අශේන් සිල්වා 26, ලසිත් කෘස්පුල්ලේ 56, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 31, සාලිය සමන් 2/30, චාමිකර එදිරිසිංහ 3/50, හරීන් වීරසිංහ 2/29

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 228 (100) මිලින්ද සිරිවර්ධන 41, අශේන් බණ්ඩාර 64, චාමිකර එදිරිසිංහ නොදැවී 22, නිපුන් කරුණානායක නොදැවී 64, රොෂේන් ප්‍රනාන්දු 2/39, උපුල් ඉන්ද්‍රසිරි 4/64


යුද හමුදාව සහ රාගම අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්හ.

ඊට පිළිතුරු ලෙසින් රාගම ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා සිටිය හ.

රාගම ඉනිම වෙනුවෙන් සුපේෂල ජයතිලක අර්ධ ශතකයක් ලබා ගනිමින් මේ වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටී.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම් සියලුම දෙනා දැවී 284 (109.2) ලක්ෂාන් එදිරිසිංහ 38, ලක්ෂිත මධුශාන් 42,  සංජික රිද්ම 62, දුශාන් විමුක්ති 62, ජනිත් සිල්වා 24, ඉෂාන් ජයරත්න 2/65, අමිල අපොන්සු 4/75, නිශාන් පීරිස් 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 173 (64.3) දිනෙත් තිමෝද්‍ය 44, සමින්ද ප්‍රනාන්දු 43, සමීර ද සොයිසා නොදැවී 26, සුපේෂල ජයතිලක නොදැවී 57, ලක්ෂාන් මධුශංක 3/62

මේ සියලු තරග හෙට (13) දිනයේ දී අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<