ගමිඳු සහ ප්‍රමෝද් ශතක සබඳතාවකින් සැරසන්ස් සරසයි

358

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ආරම්භ කරමින් අද (17) පැවති තරග අතරින් සැරසන්ස් කණ්ඩායමේ ගමිඳු කනිෂ්ක සහ ප්‍රමෝද් මධුවන්ත ලකුණු අතරට පිවිසෙමින් ප්‍රතිවාදින්ට එරෙහිව ශතක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.

දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකාරිත්වය ගමිඳු කනිශ්ක සතු විය. ඊට අමතරව ප්‍රමෝද් මධුවන්ත (93*) සහ ලහිරු උදාර (85) ද ලකුණු අතරට පිවිසෙමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළහ. පන්දු යැවීමේ දී රමිත රඹුක්වැල්ල සහ අකිල දනංජය කඩුලු 5 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් වූහ.

චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි

අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින්

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් අතර තරගය

එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයෝ දිනය අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 258ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වෙති.

සැරසන්ස් ඉනිම වෙනුවෙන් ගමිඳු කනිෂ්ක පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.

ඔහුට අමතරව තරගයේ පළමු දිනය අවසන් වන විට ප්‍රමෝද් මධුවන්ත පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර13ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා සිටියේ ය.

ගමිඳු සහ ප්‍රමෝද් අතර තෙවැනි කඩුල්ලට එක්වූ ලකුණු සබඳතාව 135කි. කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ් විමුක්ති කඩුලු 2ක් දවා ගත්තේ ය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 258 (90) නවිඳු විතානගේ 23, ගමිඳු කනිශ්ක 109, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 93, නිමේෂ් විමුක්ති 2/51


එස්. එස්. සී. සහ ටැමිල් යූනියන් අතර තරගය

එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ටැමිල් යූනියන් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 321කි.

මෙම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කෞෂාල් සිල්වා ය. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ධම්මික ප්‍රසාද් පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ක්‍රිශාන් ආරච්චිගේ (48) සහ සචිත්‍ර සේනානායක (47) ද ලකුණු අතර සිටිමින් එස් .එස්. සී. කණ්ඩායමට සේවය ලබා දුන්හ.

කඩුලු ලබා ගැනීමේ දී රමිත රඹුක්වැල්ල ලකුණු 89කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් විය.

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.1) සඳුන් වීරක්කොඩි 26, කෞෂාල් සිල්වා 65, ක්‍රිශාන් ආරච්චිගේ 48, කෝසල කුලසේකර 32, චාමර කපුගෙදර 22, සචිත්‍ර සේනානායක 47, ධම්මික ප්‍රසාද් 50, රමිත රඹුක්වැල්ල 5/89, දමිත සිල්වා 3/33

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 0 (1)


යුද හමුදාව සහ සී. සී. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ පළමු දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා සිටිය හ.

Photo Album – Army SC v CCC – Major Super 8s Tournament 2018/19

යුද හමුදා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 227 (90) ලක්ෂාන් එදිරිසිංහ 61, හිමාෂ ලියනගේ 44, ඩිල්ශාන් ද සොයිසා 40, සංජික රිද්ම 27, කසුන් ද සිල්වා 20,  ලහිරු මධුශංක 2/25, මාලින්ද පුෂ්පකුමාර 3/78


එන්. සී. සී. සහ කෝල්ට්ස් අතර තරගය

සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එන් සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් පිටියට පිවිසෙමින් තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 251ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය හ.

Photo Album – NCC v Colts CC – Major Super 8s Tournament 2018/19

එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතුරින් අද කැපී පෙනෙන ඉනිමක් නිරත වූයේ ආරම්භක පිතිකරු ලහිරු උදාර ය. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තේ ය. ඔහු සහ පැතුම් නිශ්ශංක එකතුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නැගූහ. පැතුම් නිශ්ශංකට අද ලබා ගත හැකි වූයේ ලකුණු 35ක් පමණි.

කඩුලු ලබා ගැනීමේ දී අකිල දනංජය ලකුණු 72කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා විය.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 251 (56.1) ලහිරු උදාර 85, පැතුම් නිශ්ශංක 35, නිමේෂ ගුණසිංහ 44, මාලිංග අමරසිංහ 25, සාරංග රාජගුරු 23, ජෙහාන් ඩැනියෙල් 2/46, අකිල දනංජය 5/72

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 56 (31) ජෙහාන් ඩැනියෙල් 28, සචින්ත පීරිස් 2/13

මේ සියලු තරග හෙට (18) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<