පිතිකරණ පාරාදීසයක දී නිශාන්ගෙන් කඩුලු 14ක්!

463

27 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ රැස්කළ ද්විත්ව ශතකය නිසා පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තුන්දින තරගාවලියේ ප්‍රථම පූර්ණ ජයග්‍රහණය වාර්තා කර ගන්නට ඊයේ BRC පිළට හැකි විය.

කෙසේ වෙතත් ඊයේ (03) නිමාවට පත්වූ අනෙක් තරග දෙක අවසන් වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ අතරතුරේ දී රාගම පිළේ පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ප්‍රතිවාදී කඩුලු 14ක් දවා ගනිමින් පන්දුවෙන් විශ්මිත දස්කම් ප්‍රදර්ශනය කළේය.

ප්‍රවේගකාරී ද්විත්ව ශතකයක් සමඟින් භානුක රාජපක්ෂ දේශීය පිටිය කළඹයි!

තමාට ජාතික කණ්ඩායමේ දොරගුළු නොඇරෙන්නේ නම් දොර කඩාගෙන…..

වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

වමත් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ දැවැන්ත ඉනිම නිසා මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 247ක පහසු ජයක් හිමි වුනේ BRC කණ්ඩායමටයි. වරාය අධිකාරිය මුලින් පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු 237ට පිළිතුරු ලෙස ලකුණු 629ක් වාර්තා කර ගන්නට BRC පිතිකරුවන් සමත් විය. ඒ වෙනුවෙන් වැඩිම දායකත්වය පන්දු 173ක් තුල ලකුණු 268ක් ලබාගත් භානුක රාජපක්ෂගෙනි. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට ඉනිමට හතරේ පහර 22ක් සහ හයේ පහර 19ක් ඇතුළත් විය. මීට අමතරව රුමේෂ් බුද්ධික ලකුණු 91ක් ලබා ගත්තේය.

Photos: SLPA SC vs BRC | Major Plate Tournament 2018/19

ඒ අනුව ලකුණු 392ක් පිටුපසින් සිට තම දෙවැනි දිනය ඇරඹූ වරාය අධිකාරිය ඊයේ දිනය තුල දී ලකුණු 145කට සියල්ලන් දැවී ගියේය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක විකුම් සංජය කඩුලු 4ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය. මීට අමතරව BRC දඟපන්දුවේ සවිය ප්‍රකට කරමින් දුවිඳු තිලකරත්න සහ තිලකරත්න සම්පත් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. මේ වන විට ප්‍රසාද ලකුණු 53.11ක් සමඟින් පළඟ ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ද BRC කණ්ඩායමයි. එහි දෙවැනි ස්ථානය රාගමටත්, තෙවැනි ස්ථානය බදුරලියටත් හිමිවී ඇත.

වරාය අධිකාරිය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 79.3) : යොහාන් ද සිල්වා 137, ඉශාන් රංගන 38, ගයාන් මනීශාන් 19, අනුක් ද අල්විස් 16, මධූක ලියනපතිරණගේ 3/49, දුවිඳු තිලකරත්න 2/21.

BRC (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 629 (පන්දුවාර 92.3) : භානුක රාජපක්ෂ 268, රුමේෂ් බුද්ධික 91, රමින්ද විජේසූරිය 72, නිමන්ත ගුණසිරි 69, දේශාන් ඩයස් 28, සවීන් ගුණසේකර 15, චානක කොමසාරු 4/124, අනුක් ද අල්විස් 3/139, හශාන් විමර්ශන 1/127.

වරාය අධිකාරිය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 145 (පන්දුවාර 28.3) : ඉමේෂ් උදයංග 52, යොහාන් ද සිල්වා 22, ප්‍රිමෝශ් පෙරේරා 17, විකුම් සංජය 4/44, දුවිඳු තිලකරත්න 3/32, තිලකරත්න සම්පත් 3/34.

කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට…


බදුරලිය ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් හිදී මෙම තරගය ඊයේ නිමාවට පත්වූයේ දෙවැනි වර පන්දුවට පහර දුන් රාගම ක්‍රිකට් සමාජයට වැඩි ගෞරව හිමිකර දෙමිනි. ඒ මුල් ඉනිමේ බදුරලිය ක්‍රීඩකයින් ලබා ගත් ලකුණු 277ට පිළිතුරු ලෙස ඔවුන් ලකුණු 389ක් වාර්තා කර ගත් හෙයිනි. ඒ අතරතුරේ දී කඩුලු රකින පිතිකරු සමීර ද සොයිසා හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 150ක් රැස්කර ගත්තේය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බදුරලිය පිතිකරුවන් ලකුණු 295ක් රැස් කර ගත් අතර පසුපෙළ පිතිකරු ලහිරු සමරකෝන් පන්දු 71ක් තුල දී ප්‍රවේගකාරී ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟිනි.

දිනය නිමා වෙද්දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාගම පිළ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 78ක් ලබා සිටියහ. ඉනිම දෙකේ දී ම බදුරලිය කණ්ඩායමට දැඩි හිසරදයක් බවට පත්වූ රාගම පිළේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ප්‍රතිවාදීන්ගේ මුළු කඩුලු 20න් 14ක්ම දවා ගත්තේය. ඒ මුල් ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 8ක් ලෙසයි. පිතිකරුවන්ටම වෙන්වුණු දේශීය තණතිලි වල මෙවන් දස්කමක් දැක්වීම අපහසු කරුණක් වන නිසා තවමත් 21 වැනි වියේ පසුවන මෙම ක්‍රීඩකයා ගැන ඇස ගසාගෙන සිට ඔහුව තවදුරටත් දිරි ගැන්වීම බලධාරීන්ගේ වගකීමක් වනු ඇත.

බදුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 277 (පන්දුවාර 78.5) : පැතුම් මදුසංක 76, දෙනුවන් රාජකරුණා 44, සචිත් පතිරණ 42, සාලින්ද උශාන් 36, බුද්ධික සංජීව 28, ලහිරු සමරකෝන් 16, නිශාන් පීරිස් 6/88, අමිල අපොන්සු 3/62.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 389 (පන්දුවාර 97.3) : සමීර ද සොයිසා 150, ශෙහාන් ප්‍රනාන්දු 70, සමින්ද ප්‍රනාන්දු 31, ජනිත් ලියනගේ 30, සංජය චතුරංග 30, ඉශාන් ජයරත්න 20, සුපේෂල ජයතිලක 20, අලංකාර අසංක 6/84.

බදුරලිය ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 58.4) : ලහිරු සමරකෝන් 101, නදීර නාවෙල 60, බුද්ධික සංජීව 26, දෙනුවන් රාජකරුණා 18, නිශාන් පීරිස් 8/94.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 78 (පන්දුවාර 17) : ශෙහාන් ප්‍රනාන්දු 53*, ජනිත් ලියනගේ 25.

ඇන්ජලෝ පෙරේරා දෙවැනි ඉනිමේත් ද්විත්ව ශතකයක් ලබයි

එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා තම දෙවැනි ඉනිමේ දී ද ද්විත්ව….


මීගමුව ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වූ අතර මුල් ඉනිමේ වාසිය ලබාගත්තේ මුවර්ස් ක්‍රීඩා සමාජයයි. ඒ ප්‍රතිවාදීන් ලබාගත් ලකුණු 242ට පිළිතුරු ලෙස ඔවුන් ලකුණු 292ක් රැස් කරමින් ලකුණු 50ක ඉදිරියක් රඳවා ගන්නට සමත් වීමෙනි. මේ දිනවල ශතක පිට ශතක රැස් කරන මීගමු පිළේ දකුණත් පිතිකරු ප්‍රසංසන ජයමාන්න මෙම තරගයේ මුල් ඉනිම අතරතුරේ දී ද ශතකයක් රැස් කළේය. මුවර්ස් ඉනිමේ එකම ශතකලාභියා බවට පත්වූයේ අනුක් ප්‍රනාන්දුයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.

මුල් ඉනිමේ වාසිය තමන්ට අහිමි වූ නිසා මීගමු පිළ දෙවැනි ඉනිමේ කඩුලු 5කට ලකුණු 180ක් රැස් කරමින් ඉනිම අත්හිටවූයේ මුවර්ස් පිළට ලකුණු 130ක ඉලක්කයක් ලබා දුන්නේ වැරෙන් පන්දුවට පහර දීමට ගොස් මුවර්ස් පිළ වැඩ වරද්දා ගනු ඇති බවට අනුමාන කරමිනි. එම ඉනිම අතරතුරේ දී ද ප්‍රසංසන ජයමාන්න ලකුණු 90ක් ලබා ගැනීම කැපී පෙනුණි. කෙසේ වෙතත් මීගමු උගුලේ හසු නොවූ මුවර්ස් පිළ තෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු දෙකකට ලකුණු 72ක් ලබා සිටියහ. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 90) : ප්‍රසංසන ජයමාන්න 108, අශේන් සිල්වා 41, ඇන්ජෙලෝ ජයසිංහ 24*, ශෙහාන් ජයසූරිය 20, රමේෂ් මෙන්ඩිස් 4/52, චානුක් දිල්ශාන් 2/33.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 292 (පන්දුවාර 95.4) : අනුක් ප්‍රනාන්දු 100, රමේෂ් මෙන්ඩිස් 63, ලහිරු අත්තනායක 48, චාමර සිල්වා 34, අල්විස් නානායක්කාර 16, උපුල් ඉන්ද්‍රසිරි 4/105, රොශේන් ප්‍රනාන්දු 2/35, ශෙහාන් ජයසූරිය 2/78.

මීගමුව ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 180 (පන්දුවාර 67.3) : ප්‍රසංසන ජයමාන්න 90, ඇන්ජෙලෝ ජයසිංහ 64*, ශෙහාන් ජයසූරිය 10, ශිරාන් ප්‍රනාන්දු 2/21, අනුක් ප්‍රනාන්දු 1/20.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 72 (පන්දුවාර 9) : රමේෂ් මෙන්ඩිස් 36*, පබසර වඩුගේ 20, නිලංක සඳකැන් 1/20, ශෙහාන් ජයසූරිය 1/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<