ජයමාන්නට තවත් ශතකයක්; නිශාන් පීරිස්ගෙන් කඩුලු 6ක්

170

නව මාසය අරඹමින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තුන්දින තරග 3ක් ඊයේ (01) කොළඹ දී ආරම්භ විය. එහි දී මීගමුව ක්‍රිකට් සමාජයේ ප්‍රසංසන ජයමාන්න සහ වරාය අධිකාරියේ යොහාන් ද සිල්වා ශතක රැස් කරමින් දස්කම් දැක්වූ අතර, රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන නිශාන් පීරිස් ඉනිමක කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය.

සුපිරි 8 පිටියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා ඇන්ජලෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා බවට පත් වීමට එන්. සී. සී. කණ්ඩායමේ ඇන්ජලෝ…

බදුරලිය ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ප්‍රසාද ලකුණු සටහනේ අංක එකේ පසුවන බදුරලිය ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර මෙම තරගය ආරම්භ වූයේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දීයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් බදුරලිය නායක අලංකාර අසංක පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඔවුන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 277ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දකුණතින් පිත්ත හසුරුවන 23 හැවිරිදි වියේ පසුවන පැතුම් මදුසංක ලකුණු 76ක් රැස් කළේය. ඒ හතරේ පහර 11ක් එල්ල කරමිනි.

මීට අමතරව කඩුලු රකින පිතිකරු දෙනුවන් රාජකරුණා හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් රැස් කර ගත් අතර සචිත් පතිරණ විස්සයි විස්ස තරගයක පරිද්දෙන් ප්‍රවේගකාරී වෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් රැස්කළේ පන්දු 28කට පමණක් මුහුණ දෙමිනි.

ඊයේ දිනයේ වඩාත්ම කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූ රාගම පිළේ දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. තවමත් 21 හැවිරිදි වියේ පසුවන ඔහු ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 88ක් පමණි. අමිල අපොන්සු ඔහුට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තේය.

රාගම ක්‍රිකට් සමාජය ඊයේ දිනය නිමා වන විට පන්දුවාර 11කට පමණක් මුහුණ දී ලකුණු 60ක් ලබා සිටින්නේ කිසිම කඩුල්ලක් බිඳ වැටීමකින් තොරවයි. එබැවින් ඔවුන් ඊයේ ධනාත්මක ආකල්පයකින් තරගයට පිවිසෙනු ඇත.

බදුරලිය කණ්ඩායමෙන් අතිරේක ලකුණු කිසිවක් හිමි නොවූ නිසා ශෙහාන් ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ හරියටම ලකුණු 30 බැගින් රැස් කරමින් රාගම පිළේ මුළු ලකුණු පුවරුව ගොඩ නැගූහ. මේ වනවිට ඔවුන් කඩුලු සියල්ලම අතැතිව බදුරලිය ප්‍රථම ඉනිමට වඩා ලකුණු 217ක් පිටුපසින් පසුවෙයි.

දුරලිය ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 277 (පන්දුවාර 78.5) පැතුම් මදුසංක 76, දෙනුවන් රාජකරුණා 44, සචිත් පතිරණ 42, සාලින්ද උශාන් 36, බුද්ධික සංජීව 28, ලහිරු සමරකෝන් 16, නිශාන් පීරිස් 6/88, අමිල අපොන්සු 3/62.

රාගම ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 60 (පන්දුවාර 11) ශෙහාන් ප්‍රනාන්දු 30*, ජනිත් ලියනගේ 30*.

නේපාලය අරාබි තරගාවලිය සම කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර ඩුබායි හි දී පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට නේපාල කණ්ඩායම ඊයේ (01) සමත් විය. ඒ අනුව දෙරට…

මීගමුව ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මීගමුව ක්‍රිකට් සමාජයේ නායක ඇන්ජෙලෝ ජයසිංහයි. ඒ අනුව පිතිකරණය තෝරාගත් මීගමුව පිළ ඊයේ දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 242ක් රැස් කිරීමට සමත් වූහ.

එහි දී ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම සේවාවක් ඉටු කළේ තවමත් 24 වැනි වියේ පසුවන ප්‍රසංසන ජයමාන්නයි. මීට දින කිහිපයකට පෙර වරාය අධිකාරිය සමඟ පැවති තරගයේ දී ද ඔහු ලකුණු 137ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු ඊයේ දිනයේ ලබාගත් ලකුණු 108ට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

වමතින් පිත්ත හසුරුවන අශේන් සිල්වා ඊයේ පන්දු 140කට මුහුණ දෙමින් ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 4ක් සමඟිනි. දිනය නිමා වනතුරුම කඩුල්ලේ රැඳී සිටින්නට සමත් වූ ඇන්ජෙලෝ ජයසූරිය නොදැවී ලකුණු 24ක් රැස්කර ගත්තේය. නමුත් ගැටලුව වන්නේ ඔවුන්ගේ කඩුලු 9ක්ම මේ වන විට බිඳ වැටී ඇති නිසා ලකුණු පුවරුව තවදුරටත් ප්‍රසාරණය කර ගැනීමට ඔහුට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප වීමයි. පන්දු යැවීමේ දී තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 52ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. චානුක් දිල්ශාන් කඩුලු 2යි.

මීගමුව ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 242 (පන්දුවාර 90) ප්‍රසංසන ජයමාන්න 108, අශේන් සිල්වා 41, ඇන්ජෙලෝ ජයසිංහ 24*, ශෙහාන් ජයසූරිය 20, රමේෂ් මෙන්ඩිස් 4/52, චානුක් දිල්ශාන් 2/33.

ආනන්ද – ත්‍රිත්ව සටන උණුසුම් වන ලකුණු

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (1) පළමු දිනය…

වරාය අධිකාරි ක්‍රිකට් සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් BRC නායකයා මුලින් පන්දුවට පහර දීමට වරාය අධිකාරියට ආරාධනා කළේය. ඒ අනුව ඔවුන් තම ප්‍රථම ඉනිම නිමා කළේ ලකුණු 237ක් එක්කාසු කොට ගනිමිනි. මෙම ලකුණු පුවරුවේ සම්පූර්ණ ගෞරවය වමත් ආරම්භක පිතිකරු යොහාන් ද සිල්වාට හිමි විය යුතු අතර ඔහු තනිවම ලකුණු 137ක් වරාය අධිකාරි ගිණුමට බැර කිරීමට සමත් විය. ඒ හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් සමඟයි. කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුවද ඉශාන් රංගන රැස් කළේ ලකුණු 38ක් පමණි. පන්දු යැවීමේ දී දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක මධූක ලියනපතිරණගේ කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව දිනය නිමා වන තුරු පන්දුවාර 13කට මුහුණ දෙන්නට BRC කණ්ඩායමට සිදු විය. එහි දී තරමක තැන්පත් පිතිකරණ රටාවක නියැලුණු ඔවුන් කිසිදු කඩුල්ලක් අහිමි කර නොගනිමින් ලකුණු 37ක් රැස් කර ගන්නට සමත් විය. නොදැවී පන්දුවට පහර දෙන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දේශාන් ඩයස් ලකුණු 17ක් ද, සවීන් ගුණසේකර ලකුණු 11ක් ද ලබා සිටියි. මේ වන විට BRC කණ්ඩායම කඩුලු 10ම අතැතිව සිටින්නේ වරාය අධිකාරියට වඩා හරියටම ලකුණු 200ක් පිටුපසිනි.

වරාය අධිකාරිය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 237 (පන්දුවාර 79.3) යොහාන් ද සිල්වා 137, ඉශාන් රංගන 38, ගයාන් මනීශාන් 19, අනුක් ද අල්විස් 16, මධූක ලියනපතිරණගේ 3/49, දුවිඳු තිලකරත්න 2/21.

BRC (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 37 (පන්දුවාර 13) දේශාන් ඩයස් 17*, සවීන් ගුණසේකර 11*.

මෙම තරග සියල්ලම අද (02) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වන අතර එහි සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<