කළුතර නාගරිකයෝ පොලිසියට පහර දෙයි

152

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ අද (13) නිමා වූ තරග අතරින් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමට කළුතර ටවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයග්‍රහණය ඔවුන් වාර්තා කරන්නේ පළමු ඉනිමේ දී ප්‍රතිවාදීන් ඉදිරියේ පරාජය වී සිටිය දී වීම වඩාත් කැපී පෙණේ.  

මේ අතර අද පැවති අනෙක් තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන කසුන් අබේරත්න සහ සචින් ජයවර්ධන ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.

දිනුක් හෙට්ටිආරච්චි තවමත් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ ..

කළුතර ටවුන් සමාජය සහ පොලිස් අතර තරගය

පොලිස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ලකුණු 39ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කළුතර ටවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කළුතර ටවුන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 146ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්හ. ලකුණු 53ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඇරඹූ කළුතර ටවුන් ක්‍රීඩකයෝ එවර ලකුණු 243ක් රැස් කළහ.

එම  ඉනිම වෙනුවෙන් සුරේෂ් නිරෝෂන් සහ ගීත් පෙරේරා අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. සුරේෂ් නිරෝෂන් පන්දු 51කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තේ ය. ගීත් පෙරේරා පන්දු 143කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය.  

කඩුලු ලබා ගැනීමේ දී දිනුක් හෙට්ටිආරච්චි ලකුණු 97කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු මෙම තරගයේ දී ලකුණු 148කට කඩුලු 11ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 191ක ඉලක්කයක් පිටුපස ගිය පොලිස් ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමේ දී සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151ක් පමණි.

එම ඉනිමේ අතුල ක්‍රිශාන්ත පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්විය. පොලිස් ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 49ක් තුළ දවා ගැනීමට කළුතර ටවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී ලක්ෂාන් ජයසිංහ ලකුණු 47කට කඩුලු 5ක් දවා ගනිමින් ද, මතීෂ පෙරේරා ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූහ.

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (52.1) එම්. නිමේෂ් 53, ලක්ෂාන් නොදැවී 25, දිනුක් හෙට්ටිආරච්චි 6/51, මංජුල ජයවර්ධන 3/46

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා 199 (79.1) මාලිංග මලිගස්පේ 72, මහේෂ් ප්‍රියදර්ශන 45, මංජුල ජයවර්ධන 20, මතීෂ පෙරේරා 2/49, ලක්ෂාන් ජයසිංහ 4/42

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 243 (62.3) මතීෂ පෙරේරා 26, සුරේෂ් නිරෝෂන් 69, එම්. නිමේෂ් 37, ගීත් පෙරේරා 52,  දිනුක් හෙට්ටිආරච්චි 5/97, මහේෂ් ප්‍රියදර්ශන 3/34

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 151 (55.3) මාලිංග මලිගස්පේ 29, අතුල ක්‍රිශාන්ත 56, ලක්ෂාන් ජයසිංහ 5/47, මතීෂ පෙරේරා 3/30

විනිසුරුන්ගේ කෙනෙහිළිකම් මැද ශ්‍රී ලංකා පිළෙන් සුපිරි ආරම්භයක්!

කොපමණ බිඳ වැටීම් හමුවේ වුවද කණ්ඩායම සමඟ සිටින ප්‍රේක්ෂකයින් ……


බ්ලූම්ෆීල්ඩ් සහ ගුවන් හමුදාව අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්හ.

Photos: Bloomfield C & AC vs Air Force SC | Major League Tier ‘B’ Tournament 2018/19

එම ඉනිම නිමා වෙන විට ඉම්රාන් ඛාන් ලකුණු 84කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

ලකුණු 56ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට තම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 264ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු කසුන් අබේරත්න පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් ස හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 131ක් රැස් කළේය. ඔහුට අමතරව සචින් ජයවර්ධන ලකුණු 116ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම පන්දු 167කින් සමන්විත වූ අතර හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුළත් විය.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 238කි. ඉනිමේ දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකාරිත්වය සම්පත් පෙරේරා සතු විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (96.1) චතුරංග දික්කුඹුර 29, ගීෂාත් පණ්ඩිතරත්න 110, සනෝජ් දර්ශික 48, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 35, අරවින්ද ප්‍රේමරත්න 31, සම්පත් පෙරේරා 2/52, උමේග චතුරංග 3/61, සුමින්ද ලක්ෂාන් 3/61

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (94.5) සචික උදාර 75, කෞෂල්‍ය ගජසිංහ 72, චානක විජේසිංහ නොදැවී 40, රොස්කෝ තට්ටිල් 45, දිලිප් තාරක 25, ඉම්රාන් ඛාන් 6/84, අරවින්ද ප්‍රේමරත්න 2/69

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 264 (66) කසුන් අබේරත්න නොදැවී 131, සචින් ජයවර්ධන 116, සම්පත් පෙරේරා 2/28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<