දිනුක් හෙට්ටිආරච්චි තවමත් වැඩ පෙන්වයි

217

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ මෙවර පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන 42 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිනුක් හෙට්ටිආරච්චි මේ දක්වා තරගයේ දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් සිටී.

ඔහු කළුතර ටවුන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී කඩුලු 6ක් ද, දෙවැනි දිනය නිමා වෙන දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් ද මේ දක්වා දවාගෙන තිබේ. මේ අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය නියෝජනය කරන වමත් පිතිකරු ගීෂාත් පණ්ඩිතරත්න ශතකයක් වාර්තා කළේය.

අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම …

නාවික හමුදාව සහ පානදුර අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (12) සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 308ක් ලබා ගත්හ. අනතුරුව ලකුණු 115ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ ලකුණු 185ක් පමණි. ජයග්‍රහණය සඳහා නාවික හමුදා ක්‍රීඩකයන්ට ලකුණු 71ක හඹා යන ඉනිමක් හිමි වූ අතර එය ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලබා ගත්හ.

පානදුර දෙවැනි ඉනිමේ දී නිපුන් ලක්ෂාන් අර්ධ ශතකයක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරද්දී එච්. ඩී. කේ. ඩිල්ෂාන් ලකුණු 59කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහු මෙම තරගයේ දී ලකුණු 123කට කඩුලු 10ක් දවා ගත්තේ ය.

පිළිතුරු හඹා යන ඉනිමේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ඉනිම වෙනුවෙන් රෙවන් කෙලී පන්දු 39කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටියේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (51.1) විශ්ව චතුරංග 77,  නවින් කවිකාර 36, එච්. ජී. කේ. ඩිල්ෂාන් 4/64, දුෂාන් හේමන්ත 3/56

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 308 (78.4) රෙවන් කෙලී 48, තරුෂාන් ඉද්දමල්ගොඩ 88, ෂෙවොන් ෆොන්සේකා නොදැවී 60, බුද්ධික මධුශාන් 28, සතික් නිමල්ෂ 28, අමිත කෞෂල්‍ය 4/58, නවින් කවිකාර 2/75, මනුහර ප්‍රනාන්දු 2/51

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 185 (60.4) තිමිර ජයසිංහ 26, අජිත් බස්නායක 40, විනෝද් පෙරේරා 24, නිපුන් ලක්ෂාන් 59, එච්. ඩී. කේ. ඩිල්ෂාන් 6/59, දුෂාන් හේමන්ත 2/51

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 71 (14.4) රෙවන් කෙලී නොදැවී 40, තරුෂාන් ඉද්දමල්ගොඩ 27, අමිත කෞෂල්‍ය 2/27

ඉසිපතන සහ ජනාධිපති තරගයේ පළමු දිනයේ ම කඩුලු 24ක් බිඳ වැටේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….

කුරුණෑගල යූත් සහ ලංකන් අතර තරගය

කුරුණෑගල වෙදගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ සතු කරමිනි.  

කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රිකට් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 309ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 329ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ගීත් කුමාර ය. ඔහු පන්දු 228කට මුහුණ දෙමින් හතර පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී අබේසේකර සහ ජයරත්න කඩුලු 3 බැගින් දවා ගත්හ.

ලකුණු 20ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට තම දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 279ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් දමිත් පෙරේරා පන්දු 109කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දිනුෂ්ක මාලන් පන්දු 91කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියේ ය. ඔහු තම ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් කරගෙන සිටියේ ය.  

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (97.4) රසාංජන ජයරත්න 49, ධනුෂ්ක ධර්මසිරි 46, දමිත් පෙරේරා 67, ශාලික කරුණානායක 22, සරින්ද දසානායක නොදැවී 41, ලහිරු ජයරත්න 38, රන්දීර රණසිංහ 21, අයන්ත ද සිල්වා 2/94, දුලංජන මෙන්ඩිස් 6/48, චානක රුවන්සිරි 2/40

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 329 (105.4) ලහිරු ඩිල්ෂාන් 30, මධුරංග සොයිසා 30, ගීත් කුමාර 88, රාජු ගයාෂාන් 45, සිට්රාන් මුතාලිප් 40, අයන්ත ද සිල්වා 34, සරින්ද දසනායක 2/29, ඉෂාන් අබේසේකර 3/67, රසාංජන ජයරත්න 3/68

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු7ක් දැවී 279 (64) රසාංජන ජයරත්න 37, ධනුෂ්ක ධර්මසිරි 26, දමිත් පෙරේරා 90, දිනුෂ්ක මාලන් නොදැවී 53, ලහිරු ජයරත්න 30, දුලංජන මෙන්ඩිස් 2/99, ගීත් කුමාර 3/53

කළුතර ටවුන් සමාජය සහ පොලිස් අතර තරගය

පොලිස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කළුතර ටවුන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 146ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු මාලිංග මලිගස්පේ පන්දු 171කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මහේෂ් ප්‍රියදර්ශන පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නේ ය.

එම ඉනිමේ දී ලක්ෂාන් ජයසිංහ ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් එම ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

කළුතර ටවුන් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 205ක්ව තිබුණි. එම ඉනිමේ දී නායක සුරේෂ් පෙරේරා පන්දු 51කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තේ ය. තරගය නතර කරන විට ගීත් පෙරේරා නොදැවී ලකුණු 37ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී දිනුක් හෙට්ටිආරච්චි ලකුණු 76කට කඩුලු 4ක් දවාගෙන සිටියේ ය. ඔහු මේ දක්වා මෙම තරගයේ දී ලකුණු 127කට කඩුලු 10ක් ලබා ගෙන සිටී.

මෙම තරගයේ තෙවැනි සහ අවසන් දිනය (13) ක්‍රියාත්මක වේ.

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (52.1) එම්. නිමේෂ් 53, ලක්ෂාන් නොදැවී 25, දිනුක් හෙට්ටිආරච්චි 6/51, මංජුල ජයවර්ධන 3/46

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා 199 (79.1) මාලිංග මලිගස්පේ 72, මහේෂ් ප්‍රියදර්ශන 45, මංජුල ජයවර්ධන 20, මතීෂ පෙරේරා 2/49, ලක්ෂාන් ජයසිංහ 4/42

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 205 (47) මතීෂ පෙරේරා 26, සුරේෂ් නිරෝෂන් 69, එම්. නිමේෂ් 37, ගීත් පෙරේරා නොදැවී 37, දිනුක් හෙට්ටිආරච්චි 4/76, මහේෂ් ප්‍රියදර්ශන 2/21

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට …

බ්ලූම්ෆීල්ඩ් සහ ගුවන් හමුදාව අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී පන්දු 234කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 110ක් ලබා ගැනීමට වමත් පිතිකරු ගීෂාත් පණ්ඩිතරත්න සමත් විය. ඔහුට අමතරව සනෝජ් දර්ශික පන්දු 89ක දී ලකුණු 48ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා විසින් සිව්වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් එක් කළහ.

කඩුලු ලබා ගැනීමේ දී උමේග චතුරංග සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 257ක් ලබා සිටී.

එම ඉනිම වෙනුවෙන් සචික උදාර සහ කෞෂල්‍ය ගජසිංහ අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. සචික සහ ගජසිංහ අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 139කි.

තරගය දෙවැනි දිනයට නතර කරන විට චානක විජේසිංහ නොදැවී ලකුණු 40ක් ලබා සිටියේ ය. ඔහුට අමතරව රොස්කෝ තටිල් ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

තරගය තෙවැනි සහ අවසන් දිනයට (13) ක්‍රියාත්මක වේ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (96.1) චතුරංග දික්කුඹුර 29, ගීෂාත් පණ්ඩිතරත්න 110, සනෝජ් දර්ශික 48, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 35, අරවින්ද ප්‍රේමරත්න 31, සම්පත් පෙරේරා 2/52, උමේග චතුරංග 3/61, සුමින්ද ලක්ෂාන් 3/61

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 257 (75) සචික උදාර 75, කෞෂල්‍ය ගජසිංහ 72, චානක විජේසිංහ නොදැවී 40, රොස්කෝ තටිල් 45, ඉම්රාන් ඛාන් 2/51

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<