බලවත්ම බේස්බෝල් ලීගයට ගංජා කැපයි!

345

ක්‍රීඩාව, තහනම් උත්තේජක සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට අකැපය. සෑම ප්‍රධාන ක්‍රීඩා උළෙලක දී සහ ජාත්‍යන්තර තරගාවලියක දී ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මූත්‍රා සාම්පල පරික්ෂාවට ලක්කෙරෙන්නේ එබැවිනි. ගංජා, නැතහොත් කංසා ගැන මෙතෙක් පැවති මතය නම්, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අකැප බවයි. එහෙත් එම සීමා වෙනස් වෙමින් පවතියි.

©amazon.com – MLB කණ්ඩායම් 30 ලාංඡන

ලොව ධනවත්ම ක්‍රීඩා ලීගයක් සේ සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මේජර් බේස්බෝල් ලීග් (MLB) හිදී මෙතෙක් ක්‍රීඩකයන් පර්යේෂණයට ලක්කෙරුනේ තහනම් උත්තේජක, එනම් දක්ෂතා අසාමාන්‍ය ලෙස ඉහළ නංවන ඖෂධ භාවිතා කර ඇත්දැයි නිගමනය කරගැනීමට ය. 

එහෙත් මේ වසරේ සිට කොකේන් සහ ඕපියම් ආදී මත්ද්‍රව්‍ය භාවිත කරන ක්‍රීඩකයන්ව පර්යේෂණය කිරීමට ද ඔවුන් තීරණය කොට ඇතත්, විශේෂිතම කාරණය වන්නේ “මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති කඩකිරීම්” යන ලැයිස්තුවෙන් “ගංජා භාවිතය” ඉවත් කොට තිබීමයි. එනම් ගංජා භාවිතය මත්පැන් භාවිතයට සමාන මට්ටමකට පැමිණ ඇත.

මත්පැන් වලින් ක්‍රීඩකයින්ගේ ශරීරයට කෙරෙන අහිතකර බලපෑම වැඩි වන නමුත් ඒ සඳහා ඇති සීමා අවමය. නවතම නීති රීති වලට අනුව ගංජා, නැතහොත් කංසා සඳහා ද මත්පැන් වලට සමාන සීමා පමණක් පැනවීමට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම බේස්බෝල් ලීගයේ බලාධිකාරය තීරණය කොට ඇත. එහෙත් කෘතීම ගංජා වල අඩංගු ඇතැම් අහිතකර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කෘතීම ගංජා භාවිතය තවමත් සැලකෙන්නේ තහනම් ක්‍රියාවක් ලෙසය.

පසුගිය වසරේ දී සිදු වූ 27 හැවිරිදි ලොස් ඇන්ජලීස් ඒන්ජල්ස් බේස්බෝල් ක්‍රීඩක ටයිලර් ස්කෑග්ස්‌ගේ මරණය නිසා තහනම් මත්ද්‍රව්‍ය සහ තහනම් උත්තේජක වලට නීති රීති සම්පාදනය විය යුතු බව ගැන කතාබහක් ඇති විය. ඔහුගේ මියයෑම මත්ද්‍රව්‍ය අධිභාවිතය නිසා සිදු වූ බව තහවුරු විය. 

තහනම් මත්ද්‍රව්‍ය” ලැයිස්තුවෙන් ස්වාභාවික ගංජා ඉවත් වීම පිළිබඳව සංගමයේ ප්‍රධානී ටෝනි ක්ලාක් මහතා මෙසේ පැවසීය.

©Tylar Skaggs – ටයිලර් ස්කෑග්ස්

රටේ ඇතිවූ ආකල්පමය වෙනසත් එක්ක ඒක විශාල සාකච්ඡාවකින් පසුව සිදු වූ දෙයක්.”

Video – ලෝහමය බාහු වලින් මුහුණු තලන්නා – Mike Tyson

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වැනි ශරීරයට දැඩි ලෙස අහිතකර ද්‍රව්‍ය නීතිගත වීමත්, ඊට සාපේක්ෂව ශරීරයට අඩු අහිතකර ඵල ගෙන එන බව කියැවෙන ගංජා නිෂ්පාදනය සහ භාවිතය තහනම් වීමත් ගැන ලොව පුරා තරුණ පරපුර අතර කතාබහක් පවතියි. ශ්‍රී ලංකාව තුළ ද නීතියෙන් තහනම් වන ගංජා භාවිතයේ පැති දෙකක් ඇත. 

එනම් එය තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වෙත පොලඹවා ගැනීමේ මෙවලමක් ලෙස භාවිතා වීමත්, ඇතැම් විට විෂ සහිත රසායනිකයන් ඊට කෘතිමව එක්කිරීම නිසා ඔවුන් රෝගාබාධ වලට ලක්වීමත් ය. එමෙන්ම අධික භාවිතය නිසා ශරීරය වියලීමට පත්වීම මෙන්ම බඩවැල් සහ ශරීරයේ අභ්‍යන්තර අවයව වියලීමෙන් ඇති වන රෝගාබාධ වලට ලක්වූවන් අප දැක ඇත. ආහාරයක් වුවත් උවමනා ප්‍රමාණයට වඩා පරිභෝජනයෙන් දරුණු රෝගාබාධ ඇති විය හැකිය.

එහෙත් ගංජා හා සම්බන්ධ සමාජ මතය වෙනස් වෙමින් පැමිණ එය සමාජ රැල්ලක් බවට පත්වී ඇති අතර ඒ හා සම්බන්ධව ලොව පුරා නව නීති රීති සකස් වෙමින් පවතියි.   

Video – එක්දින ක්‍රිකට් යුවරජු – Yuvraj Singh

වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල නීතිගත ද්‍රව්‍යයක් වන ගංජා ආර්යයන් විසින් ලොවට හඳුන්වා දුන්  බව කියැවේ. ඉන් මොළයේ සංවේදනා ක්‍රියාකාරී වේගය පාලනය කරන අතර හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව එය වේදනා නාශකයක් ලෙසත්, ආහාර රුචිය වැඩි කරන ඖෂධයක් ලෙසත්, ස්නායුගත රෝග නිවාරණයට භාවිත කෙරෙන ඖෂධයක් ලෙසත් සැලකෙයි. එහෙත් අනෙකුත් ඕනෑම ආහාරයක් හෝ ඖෂධයක් මෙන්ම මෙය ද උවමනාවට වඩා භාවිත කිරීමෙන් අහිතකර ප්‍රතිඵල ලැබිය හැකිය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<