සඳුන් වීරක්කොඩිගෙන් Emerging පිටියට ශතකයක්

659

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (21) ආරම්භ වූ අතර එහි දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ සඳුන් වීරක්කොඩි ශතකයක් ලබා ගනිමින් දවසේ වීරයා බවට පත් විය.

ඔහු ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව අද ආරම්භ වූ මේ තරග දෙකේ දී ආකාශ් සේනාරත්න, බිනුර ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. පන්දු යැවීමේ දී දවසේ සුවිශේෂී ම පන්දු යැවීම වාර්තා කිරීමට ගාල්ල ක්‍රිකට් සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන රජීව් වීරසිංහ සමත් විය.

ලසිත් කෲස්පුල්ලේ සහ සධීර සමරවික්‍රම ශතක ලබා ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට…..

එස්. එස්. සී. සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත්හ. එම ඉනිමේ දී සඳුන් වීරක්කොඩි ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව ආකාශ් සේනාරත්න අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ආරම්භක වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි තම කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කරද්දී, ආකාශ් සේනාරත්න අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් වාර්තා කළේය.

පන්දු යැවීමේ දී රජීව් වීරසිංහ ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව ගයාන් සිරිසෝම ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 106ක් ලබා සිටිය හ. එම ඉනිම අවසන් වෙන විට කෙවින් කොත්තිගොඩ පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ද, හර්ෂ විතාන ලකුණු 22ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ සිටිය හ.

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (54) සඳුන් වීරක්කොඩි 104, ආකාශ් සේනාරත්න 50, තරිඳු රත්නායක 28, හිමේෂ් රාමනායක 25, රජීව් වීරසිංහ 5/63, ගයාන් සිරිසෝම 3/56

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 106 (36) බවන්ත උඩංගමුව 21, කෙවින් කොත්තිගොඩ නොදැවී 47, හර්ෂ විතාන නොදැවී 22

පරීක්ෂණය අසමත් වූ චන්දිමාල් වෙනුවට වෙනත් අයෙක් සංචිතයට

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන තෙවන….


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 236ක් ලබා සිටිය හ.

පිටියේ පැවති අයහපත් තත්ත්වය මත අද තරගය ආරම්භ කරන ලද්දේ පැයක ප්‍රමාදයකිනි. ඒ හේතුවත් සවස් යාමයේ පැවති අයහපත් ආලෝක තත්ත්වයත් නිසා අද තරගයේ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණයෙන් පන්දු වාර 16ක් දෙපිළේ ක්‍රීඩකයන්ට අහිමි විය.

ටැමිල් යූනියන් ඉනිමේ දී කමිඳු මෙන්ඩිස් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය. අංක 5 ස්ථානයෙන් පිටියට පිවිසි බිනුර ප්‍රනාන්දු පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ඉක්මන් ලකුණු 66ක් ලබා ගත්තේ ය.

තරගය නිමා කරන විට යොහාන් මෙන්ඩිස් පන්දු 117කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 236 (74) කමිඳු මෙන්ඩිස් 51, බිනුර ප්‍රනාන්දු 66, යොහාන් මෙන්ඩිස් නොදැවී 47, තරංග පරණවිතාන 34, රමිත් රඹුක්වැල්ල 28, නලින් ප්‍රියදර්ශන 2/119

හෙට (22) මෙම තරගවල දෙවැනි දිනයයි. තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<