එස්. එස්. සී. සහ කෝල්ට්ස් Emerging පිටියේ අවසන් මහා තරගයට

422

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (22) අවසන් වූ අවසන් පූර්ව වටයේ තරගවලින් ඉදිරියට පැමිණි එස්. එස්. සී. සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

එස්. එස්. සි. කණ්ඩායම, ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදාකර ගත් අතර ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට එරෙහි ව පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු ලබා ගත් කෝල්ට්ස් ක්‍රීඩකයෝ අනෙක් අන්තයෙන් අවසන් තරගයට පිවිසීමට අවස්ථාව දිනා ගත්හ.

සඳුන් වීරක්කොඩිගෙන් Emerging පිටියට ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (21) ආරම්භ වූ අතර එහි දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ…

තරගවල දෙවැනි දිනයේ දී කැපී පෙනෙන පිතිකරු වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ විශාද් රන්දික ය. ඔහු නොදැවී ශතකයක් ලබා ගත්තේ ය.

එස්. එස්. සී. සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ එස්. එස්. සී. කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ පෙර දිනය අවසන් වෙන විට තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 106ක් ලබා සිටිය හ. එම ඉනිම අවසන් වෙන විට කෙවින් කොත්තිගොඩ ලකුණු 47ක් ද, හර්ෂ විතාන ලකුණු 22ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ සිටිය හ.

අද ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 218ක් පමණි. දිනය ආරම්භ කළ කෙවින් කොත්තිගොඩ සහ හර්ෂ විතාන තම ඉනිම් අවසන් කළේ අර්ධ ශතක ලබා ගනිමිනි.

කෙවින් පන්දු 83කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. එය ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව විණි. හර්ෂ විතාන ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55කි. ඔහු ඒ සඳහා පන්දු 129කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය. ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ල සඳහා ලකුණු 83ක සබඳතාවක් ගොඩනැගූ හ.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක කඩුලු 4ක් ද, ආකාශ් සේනාරත්න කඩුලු 3ක් ද ලබා ගත් හ.

ලකුණු 28ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට සහභාගී වූ එස්.  එස්. සී. ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 178ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහුට අමතර ව කවිඳු කුලසේකර (46) සහ ක්‍රිශාන් සංජුල (44) ලකුණු අතරට පිවිසිය හ.  

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (54) සඳුන් වීරක්කොඩි 104, ආකාශ් සේනාරත්න 50, තරිඳු රත්නායක 28, හිමේෂ් රාමනායක 25, රජීව් වීරසිංහ 5/63, ගයාන් සිරිසෝම 3/56

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (76) බවන්ත උඩංගමුව 21, කෙවින් කොත්තිගොඩ 62, හර්ෂ විතාන 55, රජීව් වීරසිංහ නොදැවී 29, තරිඳු රත්නායක 4/77, ආකාශ් සේනාරත්න 3/54

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 178 (44.4) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 49, කවිඳු කුලසේකර 46,  ක්‍රිෂාන් සංජුල 44, සම්මු අශාන් 23, රජීව් වීරසිංහ 2/13, ශෂික දුල්ශාන් 2/63

සුද්දෝ ශ්‍රී ලංකාව White Wash කරයි ද?

ඇදවැටීම්, සිත් බිඳීම්, නැවත නැගිටීම් සමඟින් සිදුවන්නට ඇති සියලු දේ සිදු වූ අපූරු තරගාවලියක් වන සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසන්…

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිම හෝ නිමා නොවූව ද පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පසු කරමින් ගිය කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස පෙර දිනයේ පන්දු වාර 74ක දී කඩුලු 7ක් දැවී ලකුණු 236ක් ලබා සිටිමින් අද තම ඉනිම ලකුණු 284ක් දක්වා රැගෙන ගිය හ. ඔවුන් අද දිනයේ මුහුණ දුන් පන්දු වාර ප්‍රමාණය 18කි.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 312ක් ලබා ගත් හ. එම ඉනිමේ දී විශාද් රන්දික නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. පන්දු 155කින් යුත් වූ ඔහුගේ ඉනිමේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් විය.

ඔහුට අමතරව හෂාන් දුමිඳු පන්දු 80ක දී ලකුණු 65ක් ලබා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (92) කමිඳු මෙන්ඩිස් 51, බිනුර ප්‍රනාන්දු 66, යොහාන් මෙන්ඩිස් 67, තරංග පරණවිතාන 34, රමිත් රඹුක්වැල්ල 28, නලින් ප්‍රියදර්ශන 5/128

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 218 (76) සධීර සමරවික්‍රම 32, හෂාන් දුමිඳු 65, විශාද් රන්දික නොදැවී 100,  නිසල තාරක 29, අවිශ්ක ප්‍රනාන්දු 20, අවිඳු තීක්ෂණ 2/77, රමිත් රඹුක්වැල්ල 3/65, ලහිරු මිලන්ත 2/17

මෙම තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 25 සහ 26 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත ය. තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<