බෝයගොඩ සහ තුලින ශතක රැස් කරති

485

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ තරගවල දී හසිත බෝයගොඩ සහ තුලින ඩිල්ශාන් ශතක ලබා ගැනීම කැපී පෙණුණි.

එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන හසිත බෝයගොඩ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ද, යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන තුලින ඩිල්ශාන් ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ද මෙසේ ශතක වාර්තා කළහ.

කිත්රුවන් Emerging පිටියේ ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට්…

එන්. සී. සී. සහ පානදුර අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අද (09) නිමා විය. මෙම තරගයට වර්ෂාව බාධා කළ අතර පන්දුවට පහර දුන්නේ එන්. සී. සී. කණ්ඩායම පමණි.

එහි දී හසිත බෝයගොඩ ශතකයක් ලබා ගැනීමට කැපී පෙණුනි. ඔහුට අමතරව ලහිරු උදාර අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 295 (53.4): හසිත බෝයගොඩ 131, ලහිරු උදාර 58, ඇන්ජලෝ පෙරේරා 26, සමිත රංග 26, මාලිංග අමරසිංහ 23, සචින්ත පීරිස් 20, නිපුන ලක්ෂාන් 2/45, තරුෂ ප්‍රනාන්දු 2/64


යුද හමුදාව සහ ලංකන් අතර තරගය

මත්තේගොඩ දී පැවති මෙම තරගය ද ජය පරාජයෙන් තොරව නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිස කඩුලු 5ක් දැවී ලකුණු 185ක් ලබා සිටිය දී ඉනිම අත්හිටු විය. එම ඉනිමේ දී තුලින ඩිල්ශාන් ලකුණු 111ක් ලබා ගත්තේ ය.

වර්ෂාව හේතුවෙන් පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කිරිමට ලංකන් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයන්ට පිටියට පිවිසීමට හැකි වූයේ නැත.

යුද හමුදාව; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 185 (50.5): තුලින ඩිල්ශාන් 111, අජිත් රාජපක්ෂ 27, හිමාෂ ලියනගේ 27, චානක දේවින්ද 2/24

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත…


ගාල්ල සහ මේරියන්ස් අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනයට නතර කරන විට ගාලු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 182ක් ලබා සිටිය හ.

එහි දී චානක බණ්ඩාර අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඊට අමතරව අශාන් මධුශංක ලකුණු 30ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී චතුර රන්දුණු කඩුලු 3ක් ද චතුරංග ඩිල්ශාන් කඩුලු 2ක් ද දවා ගත්හ.

ගාලු ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 182 (55): චන්ක බණ්ඩාර 79, අශාන් මධුශංක 30, අකලංක ගනේගම නොදැවී 24, චතුර රන්දුණු 3/40, චතුරංග ඩිල්ශාන් 2/34

තරගය දෙවැනි දිනයට හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිත ය.


නාවික හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයට ද වර්ෂාව බාධාවක් වූ අතර කාසියේ වාසිය දිනා ගත් බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 111ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා රෙවන් කෙලී (36) වෙද්දී චමෝද් පියුමාල් ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ පන්දු යවන්නා විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටිය හ.

නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (31.0): රෙවන් කෙලී 36, මලිංග ද සිල්වා 30, චමෝද් පියුමාල් 5/48, ශාලුක සිල්වා 3/19

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 38 (5): කසුන් ඒකනායක නොදැවී 26

තරගය දෙවැනි දිනයට හෙට ( 10 ) ක්‍රියාත්මක වීමට නියමිත ය.


වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 92ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී රමේෂ් නිමන්ත පන්දු 114කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48නක් ලබා සිටිය හ.

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 92 (43): රමේෂ් නිමන්ත නොදැවී 48, රවිඳු සංජන 4/29

තරගය දෙවැනි දිනයට හෙට (10) ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<