කිත්රුවන් Emerging පිටියේ ශතකයක් ලබා ගනී

1278

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (06) නිමා වූ වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගයේ දී කිත්රුවන් විතානගේ ශතකයක් ලබා ගත්තේ ය. කොළඹ පී. සාර ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කිත්රුවන් නියෝජනය කළ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ජෙහාන් සහ සඳුන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (05) නිමා වූ කෝල්ට්ස් සහ යුද හමුදාව අතර තරගයේ…

වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම පෙර දිනයේ දී ලකුණු 53කට සීමා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට පිටියට පිවිසෙමින් පළමු දිනයට තරගය නතර කරන විට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටිය හ. ඔවුන් අද තරගය නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 335ක් ලබා ගනිමිනි.

ඔවුන් තම ඉනිම එම අවස්ථාවේ දී අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට දෙවැනි ඉනිමට ආරාධනා කළ ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය එතැනින් පසු ආරම්භ කිරීමට නොහැකි විය.

කිත්රුවන් විතානගේ පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 120ක් ලබා ගනිමින් දිනයේ ලබා ගත් එකම ශතකයේ හිමිකරු විය. ඔහුට අමතරව ටැමිල් යූනියන් ඉනිම ශක්තිමත් කිරීමේ දී කමිඳු මෙන්ඩිස් පන්දු 193ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 88ක් ද, බිනුර ප්‍රනාන්දු පන්දු 27ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තේ ය.

ඉනිමේ ප්‍රවේගවත්ම ඉනිම ක්‍රීඩා කළේ රමිත් රඹුක්වැල්ල ය. ඔහු හයේ පහර 5ක් සමගින් ලකුණු 33ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; සියලුම දෙනා දැවී 53 (22): චතුර මිලාන් 17, බිනුර ප්‍රනාන්දු 4/12, ඉසුරු දනංජය 2/05, රමිත් රඹුක්වැල්ල 2/14, තිලංග උදේශන 2/20

ටැමිල් යූනියන්; පළමු  ඉනිම කඩුලු 2ක් දැවී 22 (7): සිතාර ගිම්හාන 22, කිත්රුවන් පෙරේරා 120, කමිඳු මෙන්ඩිස් 88, බිනුර ප්‍රනාන්දු 50, රමිත් රඹුක්වැල්ල 33, ඩිශාන් ඉෂාර 3/62, අශේන් මලිත් 2/55

කෝඩුකාර බෙන් ෆෝකස් ශ්‍රී ලංකාවට තරවටු කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට එංගලන්තය කඩුලු 8ක් දැවී…

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය නායකයා ඇතුළු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 253ක් ලබා ගත්හ. ඔවුන් පෙර දිනයේ තරගය නතර කරන විට පන්දු වාර 33ක දී කඩුලු 2ක් දැවී ලකුණු 152ක් ලබා සිටිය හ.

ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ සචින් ප්‍රනාන්දු ය. ඔහු ලකුණු 70ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දෙනුවන් රාජකරුණා ද ලකුණු 45ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති කඩුලු 3ක් ද, චතුරංග ඩිල්ශාන් කඩුලු 2ක් ද දවා ගත්හ.

බදුරලිය ක්‍රීඩකයෝ ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා සිටිය හ.

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 253 (56): පැතුම් මධුශංක 33, සාලින්ද උෂාන් 28, සචින් ප්‍රනාන්දු 70, දෙනුවන් රාජකරුණා 45, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 27, නිමේෂ් විමුක්ති 3/77, චතුරංග ඩිල්ශාන් 2/114

හලාවත මේරියන්ස්; කඩුල්ලක් දැවී 55 (11): යසෝද ලංකා 22

මීගමුව සහ එන්. සී. සී. අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් වේලාසනින්ම නතර කරද්දී මීගමුව ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 109ක් ලබා සිටිය හ. ඔවුන් අද තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළහ. එහි දී ඇන්ජලෝ ජයසිංහ ලකුණු 54ක් ලබා ගත් අතර ඩිලාන් ජයලත් ලකුණු 46ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ෂෙහාන් වීරසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48කි.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එන්. සී. සී. කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේ ය. එහි දී ඇන්ජලෝ ජයසිංහ ලකුණු 35ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී සඳකැන් පතිරණ ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 250 (79.1): ශිහාන් ඩිලක්ශ්‍රී 35, ඩිලාන් ජයලත් 46, ප්‍රසන්න ජයමාන්න 28, ඇන්ජලෝ ජයසිංහ 54, ෂෙහාන් වීරසිංහ 48, සචින් දල්පදාදු 26, අසිත ප්‍රනාන්දු 4/64, ලසිත් ඇඹුල්දෙණිය 2/50, චතුරංග ද සිල්වා 2/51

එන්. සී. සී.; පළමු ඉනිම් කඩුලු 6ක් දැවී 85 (30): ඇන්ජලෝ පෙරේරා 35, චතුරංග ද සිල්වා 20, සඳකැන් පතිරණ 5/42

වහාම ක්‍රියාත්මක වන පරිදි ලහිරු කුමාර ටෙස්ට් සංචිතයෙන් ඉවතට

හෙට (6) සිට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු…

කළුතර නාගරික සහ නාවික හමුදාව අතර තරගය

වැලිසර දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු කළුතර නාගරික ක්‍රීඩා සමාජයට හිමි කර දෙමිනි.

කාසියේ වාසිය දිනූ කළුතර නාගරිකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ පෙර දිනයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 94ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ ඉනිම ලකුණු 109කට සීමා විය.

අනතුරුව පිටියට පිවිසි කළුතර නාගරිකයෝ සියලුම දෙනා දැවී ලකුණු 200ක් ලබා ගත්හ. එම ඉනිමේ දී නිපුණ ගමගේ පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන හසින් ඩිල්මාන් ලකුණු 86කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලබා සිටිය හ. එම ඉනිමේ දැවී ගිය කඩුලු 3ක් ලකුණු 19කට දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන එරංග රත්නායක සමත් විය. ඔහු මෙම තරගයේ දී ලකුණු 57කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

නාවික හමුදාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 109 (39.1): දිල්ශාන් ලේකම්ගේ නොදැවී 30, එරංග රත්නායක 5/38, පසිඳු මධුශාන් 5/26

කළුතර නාගරික සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (50.2): නිපුණ ගමගේ 94, ගීත් පෙරේරා 27, එරංග රත්නායක 22, හසින් ඩිල්මාන් 5/86, කවික ඩිල්ශාන් 2/46

නාවික හමුදාව; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 53 (18): වරුණ මයන්ත 29, එරංග රත්නායක 3/19

එස්. එස්. සී. සහ රාගම අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දි පැවති මෙම තරගය අද දවසේ දී කිසිදු පන්දුවක් නොයවමින් අවසන් කිරීමට සිදු විය.

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 190 (33): සඳුන් වීරක්කොඩි 111, චරිත් අසලංක නොදැවී 62

සී. සී. සී. සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් වූයේ දෙවැනි දිනයේ කිසිදු පන්දුවක් නොයවමිනි. පිටියේ පැවති අයහපත් තත්ත්වය සැලකිල්ල ගනිමින් තරගය දහවල් 12.00ට නතර කර දමන ලදි.

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 131 (33): මිනෝද් භානුක නොදැවී 58, වනිඳු හසරංග 46, විකුම් සංජය 2/33

මුවර්ස් සහ සැරසන්ස් අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවමින් පළමු දිනය සේ ම දෙවැනි දිනය ද අවසන් කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<