තරිඳු සහ රොහාන් සංජයගෙන් සුපිරි පන්දු යැවීමක්

604

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (11) නිමා වූ තරගවලින් එස්. එස්. සී. සහ සී. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

එස්. එස්. සී. ක්‍රීඩකයෝ වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 35ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී, සී. සී. සී. ක්‍රීඩකයෝ වයස අවුරුදු 19න් පහළ Blue කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළහ.

මෙම තරගවල දී එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන දෑතින්ම පන්දු යවන තරිඳු රත්නායක ලකුණු 22කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව රොහාන් සංජය ලකුණු 49කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලදි.

ගාල්ල, බ්ලුම්ෆීල්ඩ් සහ ගුවන් හමුදාවට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමා වූ තරගවලින් ගාල්ල ක්‍රිකට්….

19න් පහළ Blue සහ සී. සී. සී. අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී අද නිමා වූ මෙම තරගයේ දී කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට කඩුලු 2කට ලකුණු 84ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිම ලකුණු 158කට අවසන් කර ගත්හ. පිතිකරු කණ්ඩායම වෙනුවෙන් අද වනිඳු හසරංග ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

සී. සී. සී. ඉනිමට එරෙහිව කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන රොහාන් සංජය ලකුණු 46කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ලකුණු 52ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ ලකුණු 101ක් පමණි. එම ඉනිමේ දී ද පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වූ රවිඳු රශාන්ත ලකුණු 34ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී හෂාන් පියුමාල් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර වනිඳු හසරංග සහ මාධව වර්ණපුර කඩුලු 3 බැගින් දවා ගත්හ.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ…..

ජයග්‍රහණය සඳහා ලකුණු 50ක අවශ්‍යතාවක් වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයන්ට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට ය. ඔවුන්ගේ කඩුලු 8ක් ලකුණු 31ක් වෙද්දී දැවී ගියේය. 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ හෂාන් පියුමාල් (10*) සහ රසික ලක්මාල් (07*) එක්ව නොදැවුණ ලකුණු 19ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

වයස අවුරුදු 19න් පහළ Blue කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (39.5) රවිඳු රශාන්ත 58, නිපුන් ධනංජය 20, මාධව වර්ණපුර 5/22, වනිඳු හසරංග 5/41

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (39.2) රොන් චන්ද්‍රගුප්ත 44, මාධව වර්ණපුර නොදැවී 35, වනිඳු හසරංග 40, දිල්ශාන් මධුශංක 3/50, රොහාන් සංජය 6/49

වයස අවුරුදු 19න් පහළ Blue කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 101 (37.4) රවිඳු රශාන්ත 34, වනිඳු හසරංග 3/43, මාධව වර්ණපුර 3/24, හෂාන් පියුමාල් 4/23

සී. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 50 (18.5) හෂාන් පියුමාල් නොදැවී 10, රසික ලක්මාල් නොදැවී 7, ඩිල්ෂාන් මධුශංක 4/19, රොහාන් සංජය 3/12


19න් පහළ Red සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 35ක ජයග්‍රහණයක් හිමි විය.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත් අතර පළමු දිනය නිමා වෙන විට එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා ගත්හ.

පෙර දිනයේ ලකුණු 16ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටි පසිඳු සූරියබණ්ඩාර අද ලකුණු 99ක් දක්වා තම ඉනිම දීර්ඝ කර ගත්තේ ය. ඔහු තම ශතකය අහිමි කර ගත්තේ තමන් මුහුණ දුන් 145 වැනි පන්දුවේ දී දැවී යෑමත් සමඟිනි. ඔහු තම ඉනිමට හතරේ පහර 13ක් ඇතුලත් කර ගෙන සිටියේ ය.

අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට්….

ඔහුට අමතරව ඉමේෂ් රාමනායක පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

ලකුණු 90ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එවර සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 55ක් පමණි. එම ඉනිමට එරෙහිව දෑතින්ම පන්දු යවන තරිඳු රත්නායක ලකුණු 22කට කඩුලු 8ක් දවා ගත්තේ ය.

වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (55.4) නවෝද් පරණවිතාන 25, කාමිල් මිෂාර 26, කවිඳු මධාරසිංහ 21, සොනාල් දිනූෂ 78, අශාන් දිල්හාර 39, තරිඳු රත්නායක 4/54, චරිත් අසලංක 2/16, ප්‍රවීන් ජයවික්‍රම 2/17

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 316 (72.4) පැතුම් හසරංග 20, චරිත් අසලංක 29, සම්මු අශාන් 30, පසිඳු සූරියබණ්ඩාර 99, ඉමේෂ් රාමනායක 65, තනිඳු විජේසිංහ 2/42, දිලුම් සුධීර 3/127, නවෝද් පරණවිතාන 3/19

වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 55 (18.5) චෙහාන් කළිඳු 16, තරිඳු රත්නායක 8/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<