ගාල්ල, බ්ලුම්ෆීල්ඩ් සහ ගුවන් හමුදාවට පළමු ඉනිමේ ජය

1195

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (10) නිමා වූ තරගවලින් ගාල්ල ක්‍රිකට් සමාජය, බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

බෝයගොඩ සහ තුලින ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ තරගවල දී හසිත බෝයගොඩ සහ තුලින ඩිල්ශාන් ශතක ලබා ගැනීම කැපී පෙණුණි.

ගාල්ල සහ මේරියන්ස් අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ගාලු ක්‍රිකට් සමාජය සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට ගාලු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 182ක් ලබා සිටිය හ. අනතුරුව අද ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ සියලුම දෙනා දැවී ලකුණු 268ක් ලෙසිනි. අකලංක ගනේගම ඊයේ නොදැවී ලකුණු 24ක් ලබා සිටි අතර අද ඔහු එම ලකුණු සංඛ්‍යාව 45ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 88කට දවා ගැනීමට චතුර රන්දුණු සමත් විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 200ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිමේෂ් විමුක්තිය. ඔහු නොදැවී ලකුණු 68ක් ලබා සිටියේ ය.

ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගය නිමා වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 99ක් ලබා ගත්හ. එම ඉනිමේ දී චානක බණ්ඩාර පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා සිටියේ ය.

ගාලු ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (73.3): චන්ක බණ්ඩාර 79, අශාන් මධුශංක 30, අකලංක ගනේගම 45, අශේන් වර්ණකුලසූරිය 28, ගයාන් සිරිසෝම 24, චතුර රන්දුණු 6/88,  චතුරංග ඩිල්ශාන් 2/61

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (40.1): නිමේෂ් විමුක්ති නොදැවී 68, යසෝද ලංකා 54, කවිඳු ඉරෝෂ් 20, දසුන් සෙනෙවිරත්න 23, ගයාන් සිරිසෝම 5/75, අශේන් වර්ණකුලසූරිය 2/36, රජිකත ප්‍රියාන් 2/38

ගාලු ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 99 (30.5): චානක බණ්ඩාර නොදැවී 54, චතුරංග ඩිල්ශාන් 2/27, නිමේෂ් විමුක්ති 2/34

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීමට තරමක් අපහසු වනු ඇති බවට එම අවදියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්….

නාවික හමුදාව සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් බ්ලුම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 111ක් ලබා ගත්හ. පළමු දිනය අවසන් වෙන විට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 170ක් ලබා ගත්හ.  

දෙවැනි ඉනිම පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින් ඉනිම අත්හිටු වන්නේ ප්‍රතිවාදීන්ට ලකුණු 177ක ඉලක්කයක් ලබා දෙමිනි.

හඹා යන ඉනිමේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම දිනය අවසානයේ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 40ක් පමණි.  

නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (31.0): රෙවන් කෙලී 36, මලිංග ද සිල්වා 30, චමෝද් පියුමාල් 5/48, ශාලුක සිල්වා 3/19

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (36.3): කසුන් ඒකනායක 44, සචින් ජයවර්ධන 38, ඉම්රාන් ඛාන් 36, කවික ඩිල්ශාන් 4/41, මාලිංග ද සිල්වා 2/42

නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 235 (51.1): ආසිරි ද සිල්වා 29, රෙවන් කෙලි 36, ඩිලාන් චන්දිමාල් 43, ශාලිත ප්‍රනාන්දු 25, කවික ඩිල්ශාන් 36, සාතික් නිමල්ෂ 28, නුවන් සම්පත් නොදැවී 22, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 4/86, ශාලුක සිල්වා 3/33

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 40 (9): මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 28, අමීන් නිෆ්ලාල් 2/14, කවික ඩිල්ශාන් 3/10

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු 211ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 92ක් ලබා සිටි අතර අද ඔවුන් තම ඉනිම වෙනුවෙන් ලකුණු 159ක් රැස් කළහ. එම ඉනිමේ දී රමේෂ් නිමන්ත පන්දු 151කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන රවිඳු සංජන ලකුණු 52කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත් හ. එම ඉනිමේ දී උදයවංශ පරාක්‍රම ලකුණු 43ක් ලබා ගත්තේ ය.

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 159 (77.4): රමේෂ් නිමන්ත 62, චමින්ද බණ්ඩාර 37, රවිඳු සංජන 6/52

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමුඉනිම කඩුලු 6ක් දැවී 160 (29): උදයවංශ පරාක්‍රම 43, රොස්කෝ තටිල් නොදැවී 37, ලක්ෂාන් ප්‍රනාන්දු 26, දුලංජන සෙනෙවිරත්න 2/21

19න් පහළ Blue සහ සී. සී. සී. අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණි. එහි දී රවිඳු රශාන්ත පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී වනිඳු හසරංග සහ මාධව වර්ණපුර කඩුලු 5 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 2කට ලකුණු 84ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී රොන් චන්ද්‍රගුප්ත ලකුණු 44ක් ලබා ගත් අතර මාධව වර්ණපුර නොදැවී ලකුණු 30ක් ලබා සිටියේ ය.

තරගය හෙට (11) දිනයේත් ක්‍රීයාත්මක වේ.

වයස අවුරුදු 19න් පහළ Blue කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (39.5): රවිඳු රශාන්ත 58, නිපුන් ධනංජය 20, මාධව වර්ණපුර 5/22, වනිඳු හසරංග 5/41

සී. සී. සී. ; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 84 (20): රොන් චන්ද්‍රගුප්ත 44, මාධව වර්ණපුර නොදැවී 30

>> ක්‍රිකට් තරගවල ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<


19න් පහළ Red සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්හ.

එම ඉනිමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට වමත් පිතිකරු සොනාල් දිනූෂ සමත් විය. පන්දු 103කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා සිටිය හ.

තරගය හෙට (11) දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (55.4): නවෝද් පරණවිතාන 25, කමිල් මිෂාර 26, කවිඳු මධාරසිංහ 21, සොනාල් දිනූෂ 78, අශාන් දිල්හාර 39, තරිඳු රත්නායක 4/54, චරිත් අසලංක 2/16, ප්‍රවීන් ජයවික්‍රම 2/17

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 132 (34): පැතුම් හසරංග 20, චරිත් අසලංක 29, සම්මු අශාන් 30, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 16, තනිඳු විජේසිංහ 2/21, දිලුම් සුධීර 3/54  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<