කෲස්පුල්ලේ සහ නුවනිඳු පිත්තෙන් වැඩ පෙන්වයි

423

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (15) අවසන් වූ පානදුර ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලසිත් කෲස්පුල්ලේ සහ නුවනිඳු ප්‍රනාන්දු ශතක ලබා ගැනීමට සමත් විය.

පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද මීගමු ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සමත් විය.

BRC කඩුලු 6කින් ජය ගනිද්දී අනෙක් තරග නිමා වුනේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ

ඊයේ (14)  ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මීගමුව ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලබා සිටිය හ. අද ඔවුන්ගේ ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 275ක් විය.

මීගමුව ඉනිමේ දී ලසිත් කෲස්පුල්ලේ පෙර දිනයේ නොදැවී ලකුණු 46ක් ලබා සිටියේ ය. අද ඔහු තම ඉනිම ශතකයක් දක්වා රැගෙන ආවේය. ලසිත්ගේ ඉනිම පන්දු 140කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 9ක් ද, හයේ පහර 6ක් ද ඇතුලත්ව ඔහු ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව 119කි.

ඔහුට අමතරව සඳකැන් පතිරණ පන්දු 56ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.  

දිමුත්, ධනංජය ගොඩ නැගූ ඉනිම රොෂේන් සතුටින් අවසන් කරයි

එංගලන්ත පන්දු යවන්නන්ගේ තේජස හමුවේ අසරණ වෙමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගැලවුම්කරු වූ රොෂේන් සිල්වා

ලකුණු 30ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ තරගය අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 218ක් ලබා සිටිය හ.

එම ඉනිමේ දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මොහොමඩ් ශිල්මි පන්දු 46ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ද, දිනය අවසන් වෙන විට චරණ නානායක්කාර පන්දු 49ක දී නොදැවී ලකුණු 26ක් ද ලබා ගත් හ.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (62.5) විශ්ව චතුරංග 99, තරුෂ ප්‍රනාන්දු 55, තිමිර ජයසිංහ 25, නුවනිඳු ප්‍රනාන්දු 22, චරණ නානායක්කාර 20, ෂෙහාන් ජයසූරිය 5/48, සඳකැන් පතිරණ 3/87

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (64.4) ලසිත් කෲස්පුල්ලේ 119, ෂෙහාන් ජයසූරිය 32, සඳකැන් පතිරණ 65, සවීන් පිරීස් 3/51, අමිත් කෞෂල්‍ය 5/55, තරුෂ ප්‍රනාන්දු 2/81

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 218 (41) විශ්ව චතුරංග 28, මොහොමඩ් ශිල්මි 38, මිෂේන් සිල්වා 21, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 102, චරණ නානායක්කාර නොදැවී 26, ඩිමෝන් ප්‍රනාන්දු 2/33, සඳකැන් පතිරණ 2/35

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<