මෙවර ප්‍රිමියර් ලීගයට පාසල් කණ්ඩායම් දෙකක්

2180

2018/19 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා දෙවන වතාවටත් සංවිධානය කරනු ලබන “නැගී එන ප්‍රධාන ප්‍රිමියර් ලීග් දෙදින ක්‍රිකට් තරගාවලිය” කණ්ඩායම් 24ක සහභාගීත්වයෙන් අද (4) සිට ආරම්භ වේ.

පෙරළිකාර කලණ තවත් පෙරළියකට සැරසෙන ලකුණු

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත ලොව ජය ගැනීමට වෙර දරන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පාසල්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති A කාණ්ඩයේ හා B කාණ්ඩයේ ක්‍රීඩා සමාජ හා ක්‍රිකට් ක්‍රීඩා සමාජ 22ක් හා වයස අවුරුදු 19න් පහළ ආරාධිත කණ්ඩායම් දෙකක් මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලැබේ. එම කණ්ඩායම්  සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගනු ඇත.

කණ්ඩායම් 24ක් තරග වදින මෙම තරගාවලියට එක් කාණ්ඩයකට කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ 8ක් ඇතුලත් කර ඇති අතර එක් කණ්ඩායමක් එම කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් දෙක සමඟ තරග වදිනු ඇත. අවසානයේ සෑම කාණ්ඩයකම සිටින ප්‍රමුඛයින් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබාගෙන පිළිවෙළින් අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව හා අවසන් මහා තරග සඳහා තරග කරනු ලබයි. තරගාවලිය අද (4) සිට මේ මස 26 වැනිදා දක්වා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු සකසා ඇත.

එක් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමක අවම වශයෙන් වයස අවුරුදු 23ට අඩු (1995 වසරේ නොවැම්බර් 1ට පසුව උපත ලැබූ) ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුලත් වීම මේ තරගාවලියේ සුවිශේෂී තරග නීතියක් වේ. ඒ ඒ කණ්ඩායම්වල තරග වදින ක්‍රීඩකයින්ගේ සංචිතය තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැත.

මේ තරගාවලියේ සේයා රූ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

තරග ලබන වදිනු ලබන කණ්ඩායම්

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය  D කාණ්ඩය
එන්. සී. සී   කොළඹ ක්‍රිකට් සමාජය              යුද හමුදා ක්‍රීඩා සමාජය හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය
මීගමුව ක්‍රිකට් සමාජය U19 නිල් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය  බදුරලිය ක්‍රිකට් සමාජය
පානදුර ක්‍රීඩා සමාජය බී. ආර්. සී    ලංකන් ක්‍රිකට් සමාජය   ගාලු ක්‍රිකට් සමාජය

 

E  කාණ්ඩය F කාණ්ඩය G කාණ්ඩය H කාණ්ඩය
නාවික හමුදා ක්‍රීඩා සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය එස්. එස්. සී
කළුතර නගර සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් රාගම ක්‍රිකට් සමාජය
බ්ලූම්ෆීල්ඩ් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය U19 රතු

 

පරණවිතානගේ කර මතින් ශ්‍රී ලංකා යෞවනයෝ එකට එක කරති

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන් අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පැමිණීමට සමත් වීම නිසා සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට…

තරග කාලසටහන

නොවැම්බර් 4 හා 5

  • යුද හමුදා ක්‍රීඩා සමාජය හා  කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කෝල්ට්ස් පිටියේ දී
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය – ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර නගර සමාජය – කටුනායක ගුවන් හමුදා පිටිය
  • මුවර්ස් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය – මුවර්ස් පිටියේ දී
  • ටැමිල් යූනියන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය – පී. සරා ඕවල් පිටියේ දී
  • එස්. එස්. සී හා රාගම ක්‍රිකට් සමාජය – එස්. එස්. සී පිටියේ දී

නොවැම්බර් 5 හා 6

  • එන්. සී. සී හා මීගමුව ක්‍රිකට් සමාජය – එන්. සී. සී පිටියේ දී
  • කොළඹ ක්‍රිකට් සමාජය  හා බී. ආර්. සී – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී

නොවැම්බර් 8 හා 9

  • එන්. සී. සී හා පානදුර ක්‍රීඩා සමාජය – එන්. සී. සී පිටියේ දී
  • යුද හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය – මත්තේගොඩ
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා ගාලු ක්‍රිකට් සමාජය – ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය හා බ්ලුම්ෆීල්ඩ් – බ්ලුම්ෆීල්ඩ් පිටිය
  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය – වෙලගෙදර පිටියේ දී
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය – කටුනායක

ප්‍රසාද ලකුණු සටහනේ වාසිය ජෝන් කීල්ස් ඉදිරියට රැගෙන යයි

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ…


නොවැම්බර් 10 හා 11

  • කොළඹ ක්‍රිකට් සමාජය  හා U19 නිල් – කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ දී
  • එස්. එස්. සී හා U19 රතු – එස්. එස්. සී පිටියේ දී

නොවැම්බර් 13 හා 14

  • U19 නිල් හා බී. ආර්. සී – බී. ආර්. සී පිටියේ දී
  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය – කෝල්ට්ස් පිටියේ දී
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා බදුරලිය  ක්‍රිකට් සමාජය- මග්ගොන සරේ පිටියේ දී
  • කළුතර නගර සමාජය හා බ්ලුම්ෆීල්ඩ් – බ්ලුම්ෆීල්ඩ් පිටිය
  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය – වෙලගෙදර පිටියේ දී
  • ටැමිල් යූනියන් හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – පී. සරා ඕවල් පිටියේ දී
  • U19 රතු හා රාගම ක්‍රිකට් සමාජය – වෙළඳ සංගම් ක්‍රිකට් පිටිය

නොවැම්බර් 14 හා 15

  • පානදුර ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය – පානදුර ක්‍රීඩා සමාජ පිටියේ දී  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<