දුවිඳු හා කොත්තිගොඩ ඇතුළු බී. ආර්. සී කණ්ඩායමෙන් වැඩි දස්කම්

SLC නැගී එන ක්‍රිකට් තරගාවලිය 2019/20

85

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (4) නිමා වූ තරග අතරින් වැඩි දස්කම් දැක්වීමට බී. ආර්. සී ක්‍රීඩකයෝ සමත් වූහ.

BRC පරාජය කළ නාවික හමුදාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් …

දෙවන දිනයට පැවති තරගය 

ගාලු ක්‍රිකට් සමාජය හා බී. ආර්. සී – A කාණ්ඩයේ තරගය 

බී. ආර්. සී ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ගාලු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ගාලු ක්‍රිකට් සමාජය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් විය. ගාලු ඉනිම සවිමත් කළ රවිෂ්ක විජේසිරි ලකුණු 26ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. 

එම ඉනිමට පිළිතුරු දුන් සත්කාරක බී. ආර්. සී කණ්ඩායම වෙනුවෙන් සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූ කෙවින් කොත්තිගොඩ ලබා ගත් අගනා ලකුණු 56 නිසාවෙන් තරගයේ පළමු ඉනිම ජය ගැනීමට බී. ආර්. සී කණ්ඩායමට අවස්ථාව උදා විය. ඉසිවර දිසානායක ලකුණු 39යි. 

අවසානයේ බී. ආර්. සී. කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 236ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. 

ලකුණු 123ක අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ ගාලු ක්‍රිකට් සමාජය තරගයේ දෙවන දිනය තුල ද පිතිකරණයෙන් අසාර්ථක වූ අතර දෙවන දිනය සඳහා නියමිත කාලය තුල ගාලු දෙවන ඉනිමේ පිතිකරුවන් සියලු දෙනාම දවා ගැනීමට බී. ආර්. සී පන්දු යවන්නන්ට අවස්ථාව උදා නොවූ නිසා පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත්වීමට බී. ආර්. සී ක්‍රීඩකයින්ට සිදු විය. පන්දු යැවීමේ දී තරගය පුරාවට දස්කම් දැක්වූ වමතින් දඟපන්දු යවන දුවිඳු තිලකරත්න කඩුලු 8ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

ගාලු ක්‍රිකට් සමාජය – 113 (39.4): රවිෂ්ක විජේසිරි 26, විනුර දුල්සර 23, චානුක සන්තුෂ් 22, දුවිඳු තිලකරත්න 5/48, අශේන් ඩැනියල් 3/37 හා 81/6 (32): විනුර දුල්සර 23*, දුවිඳු තිලකරත්න 3/23, අශේන් ඩැනියල් 2/16.

බී. ආර්. සී – 236/8d (38): කෙවින් කොත්තිගොඩ 56, ඉසිවර දිසානායක 39, ලෙශාන් අමරසිංහ 33, නිමන්ත ගුණසිරි 27, රවීන්ද්‍ර විජේසූරිය 20, කවිඳු එදිරිවීර 3/59, තිසර ඩිල්ෂාන් 2/36.

Video – යොවුන් ජාතික කණ්ඩායමේ පළමු සංචරයේම තරගාවලියේ වීරයා වූ සාලින්ද උෂාන් – Salinda Ushan – Powerplay

ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා අවු.19න් පහල කණ්ඩායම නියෝජනය කළ සාලින්ද …

පළමු දිනයට පැවති තරග

එස්. එස්. සී හා නාවික හමුදා ක්‍රීඩා සමාජය – A කාණ්ඩයේ තරගය 

එස්. එස්. සී ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා කණ්ඩායම පළමුව පන්දු රකින ලදි. 

එස්. එස්. සී (පළමු දිනය අවසානයේ) – 79/5 (19): අහන් වික්‍රමසිංහ 38*, සවිඳු පීරිස් 3/21.

බ්ලූම්ෆීල්ඩ් හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – C කාණ්ඩයේ තරගය 

කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි. 

බ්ලූම්ෆීල්ඩ් – 157 (69.3): අශෙල් සිගේරා 47, කසුන් ඒකනායක 33, රෙවාන් කෙලී 20, නවීන් ගුණවර්ධන 3/25, කවිඳු බණ්ඩාර 2/10, ක්‍රිෂාන් සිල්වා 2/17

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (පළමු දිනය අවසානයේ) – 94/1 (18): ලසිත් කෘෘස්පුල්ලේ 56*, කවිඳු ඉරෝෂ් 26.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (5) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ. 

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය නිසා මුවර්ස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය අතර පැවැත්වීමට තිබූ තරගය කාසියේ වාසිය හෝ උරගා බැලීමකින් තොරව අත්හැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<