මේරියන්ස් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

83

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (26) නිමා වූ තරගයේ දී දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින් රැසක් සමත්  වුවත්, මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සනෝජ් විජේතුංග සහ නිමේෂ් විමුක්ති සමත් වූහ. 

සවන් සහ නවීන් නැගී එන පිටියේ දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ …

දෙවන දිනයට පැවති තරගය 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය (C කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පැවති මේ දෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ඉතාමත් හොඳ තරගයක් නිර්මාණය විය. කෙසේ නමුත් මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේ මේරියන්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 199ක් වාර්තා කර ගන්නා ලදි. එහි දී සනෝජ් විජේතුංග ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 65ක් ලබා ගන්නා විට, චන්දුල වැලිවිට  ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

එම ඉනිමට පිළිතුරු දුන් සැරසන්ස් ක්‍රීඩා සමාජයට මේරියන්ස් කණ්ඩායමේ පළමු ඉනිම අභිබාවා ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූයේ නිමේෂ් විමුක්ති දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිසයි. කෙසේ නමුත් ඔවුන්ගේ ඉනිම යම් මට්ටමක් දක්වා රැගෙන ආ රවිඳු නිර්මාල් ලකුණු 36ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ ගෞරවය රැකදෙන ලදි. 

ලකුණු 103 පළමු ඉනිමේ දැවැන්ත වාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කිරීම සඳහා පිටියට අවතීර්ණ වූ මේරියන්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ කඩුල්ලේ රැඳී නොසිට ඉතාමත් ඉක්මනින් ලකුණු රැස්කර ගැනීමට වෑයම් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 131කට සීමා කරගැනීමට රවිඳු සෙන්දගුප්තිගේ ඇතුළු සැරසන්ස් ක්‍රීඩා සමාජයට අවස්ථාව ලැබුණි. 

කෙසේ නමුත් සැරසන්ස් ක්‍රීඩා සමාජය  ඔවුන්ගේ පළමු ඉනිම තුල අසාර්ථක වූ නිසා මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 225ක ඉලක්කයක් හඹා යෑමට ඔවුන්ට සිදු වුවත් ඒ සඳහා සෑහීමකට පත්වීමට හැකි මට්ටමේ පන්දුවාර ප්‍රමාණයක් ඒ වන විට ඉතිරිව නොතිබුණි. 

ඉන් උපරිම ඵල නෙලාගත් මේරියන්ස් ක්‍රිකට් සමාජ පන්දු යවන්නන් කඩුලු 7ක් දවා ගනිමින් තරගයේ වැඩි වාසිය තම කණ්ඩායම් දෙසට නතු කරගත් නමුත් තරගයේ නියමිත කාලය තුල සම්පූර්ණ කඩුලු ප්‍රමාණය දවා ගැනීමට ඔවුන් අපොහොසත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 199 (52.4): සනෝජ් විජේතුංග 65, ලසිත් කෘෘස්පුල්ලේ 37, ඩිල්ශාන් සංජීව 34, චන්දුල වැලිවිට 4/46, ප්‍රමෝද් මදුවන්ත 3/30, තාරක දේවින්ද 2/71 හා 121 (36): නිමේෂ් විමුක්ති 38, රවිඳු සෙන්දගුප්තිගේ 4/29, තාරක දේවින්ද 4/47.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 96 (32.2): රවිඳු නිර්මාල් 36, නිමේෂ් විමුක්ති 5/30, ක්‍රිෂාන් සිල්වා 2/18 හා 95/7 (33.3): අශේන් බණ්ඩාර 48, ප්‍රවීන් සඳමල් 26, රවීන් ගුණවර්ධන 3/29, නිමේෂ් විමුක්ති 2/61.

ලොව අංක එකේ ක්‍රීඩකයින්ට දුන් අභියෝගය කැන්ගරුවන්ටත්?

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර …

පළමු දිනයට පැවති තරග

කළුතර නගර ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (C කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. කෙසේ නමුත් දිනයේ අවසන් පැය කිහිපය තුල තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය සුපුරුදු රිද්මයෙන් පවත්වා ගෙන යාමට නොහැකි විය.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 99 (37): ටෙරෝන් බාස්කරන් 41*, කසුන් ඒකනායක 3/16,නුශික් අහමඩ් 3/28, ලක්ෂාන් ප්‍රනාන්දු 3/33

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ)  – 40/1 (12)

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවති මේ තරගයේ පළමු දිනය තුල පන්දුවාර 82ක් ක්‍රියාත්මක කිරීමට හැකි විය. කාසියේ වාසිය දිනා ගත්තේ බදුරලිය ක්‍රිකට් සමාජයයි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ)  – 250/5 (82): නිශාන් මදුෂ්ක 77, සන්තුෂ් ගුණතිලක 53, ජෙහාන් ඩැනියල් 46,  යොමේෂ් රණසිංහ 2/77

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය නිසා නුගේගොඩ ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය අතර පැවැත්වීමට තිබූ තරගය හා ශ්‍රී ලංකා වරාය ක්‍රිකට් සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය අතර පැවැත්වීමට නියමිතව තරග දෙකේ පළමු දිනය අත්හැර දැමීමට තරග විනිසුරුවරුන් හට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<