විශ්ව චතුරංගගෙන් වටිනා පිතිකරණයක්

116

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ Emerging ක්‍රිකට්  තරගාවලියේ තවත් තරග තුනක් අද (15) ක්‍රියාත්මක විය.

කෙසේ නමුත් අයහපත් කාලගුණික තත්වය නිසා දෙවන දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලසිත් කෘෘස්පුල්ලේගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging ක්‍රිකට් තරගාවලියේ අද (14) ආරම්භ වූ….

දෙවන දිනයට පැවැත්වූ තරග 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය 

කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කළුතර නගර ක්‍රීඩා සමාජය  පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. 

මේරියන්ස් පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා පන්දුවාර 71කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 327ක් වාර්තා කර ගත්තේය. දකුණතින් පිතිකරණයේ නිරත වන ලසිත් කෘෘස්පුල්ලේ මනරම් පිතිකරණයක නිරත වෙමින් ඉතාමත් සටන්කාමී ශතකයක් ලබා ගන්නා ලදි. ඔහුට සහය වූ දේශාන් සංජීව ලකුණු 79ක් ලබා ගන්නා විට ඉමේෂ් විමුක්ති ලකුණු 46ක් වාර්තා කරගන්නා ලදි.

ඉසුරු ප්‍රදීප් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගනිමින් මේරියන්ස් පළමු ඉනිම ලකුණු 327කට සීමා කිරීමට කළුතර සමාජයට සවියක් විය. දෙදින තරගයක් වන මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කළුතර නගර ක්‍රීඩා සමාජය ඔවුන්ගේ ලකුණු පුවරුව සඳහා ආරම්භය ලබා නොගෙන තිබූ නමුත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබාගැනීමට ඔවුන්ට හැකි විය. 

චින්තක සිරිවර්ධන ලකුණු 40යි. පන්දු යැවීමේ දී දකුණතින් වේග පන්දු යවන නිම්සර අත්තනගල්ල ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 327 (71.3): ලසිත් කෘෘස්පුල්ලේ 117, දේශාන් සංජීව 79, ඉමේෂ් විමුක්ති 46, කවිඳු ඉරෝෂ් 28, ඉසුරු ප්‍රදීප් 5/65.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 161/9 (64.2): චින්තක සිරිවර්ධන 40, ඉසුරු ප්‍රදීප් 31, නිම්සර අත්තනගල්ල 5/36, නිමේෂ්  විමුක්ති 2/39.

ගුරුකුලේ රිසිත, බණ්ඩාරනායකවරුන් අමාරුවේ දමයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු….

පානදුර ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 

අයහපත් කාලගුණික තත්වය නිසා තරගයේ වැඩි පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී නිම වූයේ ප්‍රතිඵලයක් රහිතවයි.

ඊයේ දිනයේ වර්ෂාව නිසා තරගය නවතා දමන විට කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටින ලදි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි කඩුලු රකින පිතිකරු විශ්ව චතුරංග ඒ වන විට ලකුණු 27*ක් ලබාගෙන සිටි අතර ඔහු සිය ඉනිම ලකුණු 87ක් වෙත රැගෙන ගියේය. 

ඔහුගේ ලකුණු 87ද සමඟින් පානදුර ක්‍රීඩා සමාජයට වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණි. පන්දු යැවීමේ දී පානදුර ක්‍රීඩා සමාජ පිතිකරුවන් පාලනය කළ දිලීප ජයලත් ලකුණු 16කට කඩුලු 4ක් දවාලන ලදි. 

පානදුර ක්‍රීඩා සමාජය ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටියදී තරග තීරකවරුන් හට තරගය නවතා දැමීමට සිදු විය. ඒ වර්ෂාවෙන්  එල්ල වූ බාධා හා අයහපත් ආලෝක තත්වය නිසයි.

පානදුර ක්‍රීඩා සමාජය – 157 (40.5): විශ්ව චතුරංග 87, ටශික් නිර්මාල් 20, දිලීප ජයලත් 4/16, අසේල සිගේරා 3/26. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – 28/1 (7): 

ප්‍රබලයින් සිටියත් ක්‍රීඩාවේ උද්යෝගය පවත්වා ගන්නා සිංහ දස්කම්

2019 ලෝක කුසලාන ශූරයන් වූයේ එංගලන්තයයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම ලෙස…

පළමු දිනයට පැවැත්වූ තරගය

ලන්කන් ක්‍රිකට් සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය 

අයහපත් කාලගුණික තත්වය නිසා තරගයේ පළමු දිනයේ වැඩි පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ තරගය මත්තේගොඩ ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය. 

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පන්දු රැකීමට තීරණය කළේය. වර්ෂාව නිසා තරගය නවතා දමන විට ලන්කන් ක්‍රිකට් සමාජය කිසිවෙක් නොදැවී ලකුණු 61 ලබාගෙන සිටින ලදි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ආධිත්‍ය සිරිවර්ධන ලකුණු 38*යි. 

ලන්කන් ක්‍රිකට් සමාජය – 61/0 (19): ආධිත්‍ය සිරිවර්ධන 38*.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (16) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<