ලසිත් කෘෘස්පුල්ලේගෙන් ශතකයක්

126

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging ක්‍රිකට් තරගාවලියේ අද (14) ආරම්භ වූ තරගවල දී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ලසිත් කෲස්පුල්ලේ ශතකයක් වාර්තා කරගන්නා විට, කළුතර නගර ක්‍රීඩා සමාජයේ  ඉසුරු ප්‍රදීප් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

මේ තරග දෙකම C කාණ්ඩයේ තරග ලෙස ක්‍රියාත්මක විය.

මලිඳු – සුමින්ද සහ හේෂාන් ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging ක්‍රිකට් තරගාවලියේ අද (11) නිමා වූ තරගවල දී මලිඳු මධුරංග, සුමින්ද…………

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය 

කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කළුතර සමාජය  පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. 

මේරියන්ස් පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා පන්දුවාර 71කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 327ක් වාර්තා කර ගත්තේය. දකුණතින් පිතිකරණයේ නිරත වන ලසිත් කෘෘස්පුල්ලේ මනරම් පිතිකරණයක නිරත වෙමින් ඉතාමත් සටන්කාමී ශතකයක් ලබා ගන්නා ලදි. 

ඔහුට සහය වූ දේශාන් සංජීව ලකුණු 79ක් ලබා ගන්නා විට ඉමේෂ් විමුක්ති ලකුණු 46ක් වාර්තා කරගන්නා ලදි.

ඉසුරු ප්‍රදීප් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගනිමින් මේරියන්ස් පළමු ඉනිම ලකුණු 327කට සීමා කිරීමට කළුතර සමාජයට සවියක් විය. දෙදින තරගයක් වන මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කළුතර නගර ක්‍රීඩා සමාජය පන්දු 89කට මුහුණ දුන් නමුත් එකඳු හෝ ලකුණක් වාර්තා කරගැනීමට සමත් වූයේ නොමැත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – 327 (71.3): ලසිත් කෘෘස්පුල්ලේ 117, දේශාන් සංජීව 79, ඉමේෂ් විමුක්ති 46, කවිඳු ඉරෝෂ් 28, ඉසුරු ප්‍රදීප් 5/65.

කළුතර නගර ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 0/0 (1.3): 

Video – කමිඳු මෙන්ඩිස්ගේ පිත්ත බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක වූ හැටි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන……………

පානදුර ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය 

අයහපත් කාලගුණික තත්වය නිසා තරගයේ පළමු දිනයේ වැඩි පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී ආරම්භ විය. 

කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩා සමාජය වර්ෂාව නිසා තරගය නවතා දමන විට කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටින ලදි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින කඩුලු රකින පිතිකරු විශ්ව චතුරංග ලකුණු 27*යි. 

පානදුර ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 38/2 (13.2): විශ්ව චතුරංග 27*

මේ තරග හෙට (15) දෙවන දිනයටත් ක්‍රියාත්මක වන අතර ඊට අමතරව ලංකන් ක්‍රිකට් සමාජය හා කුරුණෑගල ක්‍රිකට් සමාජය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙට මත්තේගොඩ දී ආරම්භ වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<