අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

95

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් මේ මස මුල දී ආරම්භ විය.

ගියවර අනුශූරයෝ නැවතත් අනුශූරයින් කරන්නට මහානාමය සමත් වේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් ……..

මෙම තරගාවලියේ මූලික වටයේ තරග දෙදින තරග ලෙස පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් මහා තරගය දක්වා පැවැත්වෙන සියලුම තරග තෙදින තරග ලෙස පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම  ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් සහභාගී වන අතර කාණ්ඩ 4ක් යටතේ තරගාවලියේ මූලික වටය පැවැත්වේ. 

මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 8ක් වයස අවුරුදු 23න් පහළ මේ නැගී එන ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 

ඒ ඒ කණ්ඩායම් තරග වදිනු ලබන තරග කාණ්ඩයන් මෙසේයි,

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
සිංහල ක්‍රීඩා සමාජය සී.සී.සී ක්‍රීඩා සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය
රාගම ක්‍රීඩා සමාජය එන්.සී.සී ක්‍රීඩා සමාජය පානදුර ක්‍රීඩා සමාජය යුද හමුදා ක්‍රීඩා සමාජය
බී.ආර්.සී ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය
ගාලු ක්‍රීඩා සමාජය මීගමුව ක්‍රීඩා සමාජය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කුරුණෑගල ක්‍රීඩා සමාජය
නාවික හමුදා ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රීඩා සමාජය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලංකන්ස්  ක්‍රීඩා සමාජය
පොලිස් ක්‍රීඩා සමාජය වරාය අධිකාරී ක්‍රීඩා සමාජය කළුතර නගර ක්‍රීඩා සමාජය  නුගේගොඩ ක්‍රීඩා සමාජය  

 

A කාණ්ඩයේ තරග

ගාලු ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය 

කොළඹ මුවර්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාගම ක්‍රිකට් සමාජය පළමුව පන්දු රකින ලදි. 

ගාලු ක්‍රිකට් සමාජය – 148 (47.5): කවිඳු එදිරිවීර 53, රවිෂ්ක විජේසිරි 46, විනුර දුල්සර 25, කල්හාර සේනාරත්න 3/22, ජනිෂ්ක පෙරේරා 2/09,  උදිත් මදුශාන් 2/34

රාගම ක්‍රිකට් සමාජය – 81/5 (24): රනුද සෝමරත්න 28, කවිඳු එදිරිවීර 2/21

තරගය ජය පරාජයෙන් තොරව අවසන් 

බී. ආර්. සී ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ දී කෙවින් කොත්තිගොඩ, චිහාන් කළිඳු, ඉසිවර දිසානායක යන ක්‍රීඩකයින් සත්කාරක බී. ආර්. සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් දස්කම් දක්වන ලදි. 

බී. ආර්. සී ක්‍රීඩා සමාජය – 176 (52.4): කෙවින් කොත්තිගොඩ  57, චිහාන් කළිඳු 53, දුවිඳු තිලකරත්න 36, ලක්ෂිත අමරසේකර 3/44, කළිඳු අකලංක 3/48, ටාශික් ශෙරන් 2/26 හා 179/7 (49): ඉසිවර දිසානායක 52, කලන මදුසංක 46, යෙසිත් රූපසිංහ 27, චමත් ප්‍රනාන්දු 23*, නදීර මදුසංක 4/73, නිපුන් චතුරංග 2/41.

පොලිස් ක්‍රීඩා සමාජය – 136 (48.1): තාමර වීරසූරිය 33, ටාශික් ශෙරන් 32, සඳරු නෙත්මිණ 28, හෂාන් සංදීප 5/42, දුවිඳු තිලකරත්න 4/44

තරගය ජය පරාජයෙන් තොරව අවසන් 

Video – තාක්ෂණයෙන් පිරිපුන් හිටපු ක්‍රිකට් නායකයා – මාවන් අතපත්තු

1990 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ……

B කාණ්ඩයේ තරග

එන්. සී. සී ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ දී සමිත් රංග, මාලිංග අමරසිංහ හා සචිඳු කොළඹගේ යන ක්‍රීඩකයින් සත්කාරක එන්. සී. සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් දස්කම් දක්වන ලදි. 

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවූ සංචාරක මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව එන්. සී. සී ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් වාර්තා කරගත්තේ ලකුණු 135ක් පමණි. තරගයේ පළමු ඉනිම දෙක තුල අඩු ලකුණු ප්‍රමාණයන් වාර්තා වුවත් තරගය අවසන් වන විට එන්. සී. සී දෙවන ඉනිම 200/5ක් ලෙස සටහන් විය. 

එන්. සී. සී ක්‍රීඩා සමාජය – 135 (32): මාලිංග අමරසිංහ 47, හසිත බෝයගොඩ 26, රන්දු ප්‍රනාන්දු 3/20, හරීන් බුද්ධිල 3/31,සුධීර වීරරත්න 3/49 හා 200/5d (32.5): සමිත් රංග 95, මාලිංග අමරසිංහ 79, හරීන් බුද්ධිල 4/46.

මීගමුව ක්‍රීඩා සමාජය – 100 (30.2): මනීෂ පෙරේරා 30, උමේෂ් ලක්ෂාන්  28, සචිඳු කොළඹගේ 5/17, ලසිත් ඇඹුල්දෙණිය 3/35 හා 56/5 (26): හරීන් බුද්ධිල 22*, ලසිත් ඇඹුල්දෙණිය 2/11. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය

මේ දින කිහිපය පුරාවට පැවති තරග අතරින් තරග සියල්ලම පාහේ ජය පරාජයකින් තොරව අවසන් වන විට, ප්‍රතිඵලයක් පැමිණි එකම තරගය මෙය විය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සත්කාරක කොල්ට්ස් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් අතර එහි දී සන්තුෂ් ගුණතිලක අගනා ලකුණු 70ක් වාර්තා කරගනිමින් දස්කම් දක්වන ලදි. කොල්ට්ස් පිල ලබා ගත් ලකුණු 261ට පිළිතුරු ලෙස වරාය අධිකාරී ක්‍රීඩා සමාජයට ඔවුන්ගේ ඉනිම දෙක තුලම වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 234ක් පමණි. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 261 (78.4): සන්තුෂ් ගුණතිලක 70, ජෙහාන් ඩැනියල් 37, ප්‍රවීන් ජයවික්‍රම 35, විශාද් රන්දික 34, නිශාන් මදුෂ්ක 25, නිපුන් රන්සික 21, කේෂර නුවන්ත 3/46, පසිඳු උස්හෙට්ටි 3/50.

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය – 131 (46.2): කේෂර නුවන්ත 29, අමෝද් විදානපතිරණ 22, නදුන් ඩිල්ශාන් 21, රොහාන් සංජය 3/16, ප්‍රවීන් ජයවික්‍රම 3/20, නිපුන් රන්සික 2/12 හා (F/O) 103 (43.1): අංජුල ද සිල්වා 21, ඩිල්ෂාන් මදුසංක  5/19,ප්‍රවීන් ජයවික්‍රම 4/40.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 27ක ජයක් 

බදුරලිය ක්‍රිකට් සමාජය හා කොළඹ ක්‍රිකට් සමාජය 

කොළඹ CCC පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රිකට් සමාජය  පළමුව පන්දු රකින ලදි. තරගයේ දින දෙක පුරාවට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පුරාවට ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 54ක් පමණි. වමතින් පිතිකරණයේ නිරත වන 22 හැවිරිදි ලහිරු සමරකෝන් ලකුණු 80යි.

බදුරලිය ක්‍රිකට් සමාජය – 226/7 (54): ලහිරු සමරකෝන් 80, දමිත් පෙරේරා 29, කෝසල සිල්වා 23, සාලින්ද උෂාන් 22, ලක්ෂිත රසාංජන 3/45, ශෂික දුල්ශාන් 2/34.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

15 පොඩ්ඩෙක්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ……….

D කාණ්ඩයේ තරග 

ලංකන්  ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

කොළඹ පී.සරා ඕවල්  පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලංකන් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දී ලකුණු 141ක් වාර්තා කරගත්තේය. එයට පිළිතුරු දුන් ටැමිල් යූනියන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 66ක පළමු ඉනිමේ වාසියක් ඇතිව පිටියට පැමිණි ලංකන්  ක්‍රීඩා සමාජය ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව හොඳින් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රීඩා සමාජය දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 88ක් වාර්තා කරගත්තේය.

ලංකන්  ක්‍රීඩා සමාජය – 141 (44.3): ලහිරු ඩිල්ශාන් 52, විමුක්ති සප්නක 22, අවිඳු තීක්ෂණ 20, සදීෂ් පතිරගේ 5/26, දමිත සිල්වා 3/50, තිලංග උදේශන 2/31 හා 88/3 (19): ලහිරු ඩිල්ශාන් 32*, ආධිත්‍ය සිරිවර්ධන 25, නුවන් මදුසංක 24, හසරංග වරාගොඩ 2/28.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – 205/5d (54): දමිත සිල්වා 70*, හරිහරන් අරවින්තන් 69, අවිඳු තීක්ෂණ 2/39

තරගය ජය පරාජයෙන් තොරව අවසන් 

යුද හමුදා ක්‍රිකට් සමාජය හා නුගේගොඩ ක්‍රීඩා සමාජය

යුද හමුදා කණ්ඩායම මේ තරගය ප්‍රතිඵලයක් ආසන්නයට පැමිණි නමුත් තරගය සඳහා වෙන් වී තිබූ කාල සීමාව අවසන් වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා කණ්ඩායම ඔවුන්ගේ ඉනිම් දෙක වෙනුවෙන් ලකුණු 172ක් හා ලකුණු 181ක් වාර්තා කරගත්තේය. නුගේගොඩ ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 128කට සීමා වීම නිසා තරගය ජය ගැනීම සඳහා ඔවුන්ගේ දෙවන ඉනිමට ලකුණු 226ක ඉලක්කයක් ලැබී තිබුණි. කෙසේ නමුත් ශෙහාන් විජේරත්න , හේෂාන් හෙට්ටිආරච්චි යන පන්දු යවන්නන් හා ගිහාන් කෝරලගේ, පුලින ඩිල්ෂාන් යන පිතිකරුවන් දස්කම් දක්වන ලදි. 

මේ තරගය දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

යුද හමුදා ක්‍රිකට් සමාජය – 172 (41.4): හර්ෂජිත් විතානගේ 44, හිමාෂ ලියනගේ 41, තිලින ඩිල්ෂාන් 23, මෙතුශාන් කුමාර 4/31, කවීෂ මදුරප්පෙරුම 2/29 හා 181/5d (35.3): ගිහාන් කෝරලගේ 82, පුලින ඩිල්ෂාන් 75, මෙතුශාන් කුමාර 3/51 කවීෂ මදුරප්පෙරුම  2/53.

නුගේගොඩ ක්‍රීඩා සමාජය – 128 (37.1): සදීෂ ගමගේ 32, කසුන් තාරක 25, කවින්දන පෙරේරා 20, හේෂාන් හෙට්ටිආරච්චි 4/36, ශෙහාන් විජේරත්න 3/25 හා 84/5 (32.3): තිසුරක අක්මීමන 39, ශෙහාන් විජේරත්න 3/34

තරගය ජය පරාජයෙන් තොරව අවසන් 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ,  තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<