මහමුදුල්ලා හා රබෙල් හුසේන් නැවතත් සංචිතයට

146
Mahmudullah, Rubel Hossain

එළඹෙන සැප්තැම්බර් මස 28 වන දා ආරම්භ වීමට නියමිත බංගලාදේශ් – දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය සඳහා බංගලාදේශ කණ්ඩායමට මහමුදුල්ලා හා රබෙල් හුසේන් කැඳවා ඇත.

ශකීබ් අල් හසන්ගේ මාස 6ක විරාමය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාට මෙම අවස්ථාව ලබා දුන් බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ශකීබ් මාස 6ක විරාමයක් ඉල්ලයි

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් මාස 6ක විරාමයක් ඉල්ලා සිටින…

මේ මස ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය සඳහා වේගපන්දු යවන්නන්ගෙන් බලවත් වූ සංචිතයක් ප්‍රකාශයට පත් කර ඇති අතර බංගලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක නසීර් හුසේන් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇත. සංචිතයේ 15 වෙනි ක්‍රීඩකයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක සුබාසිස් රෝයි නම් කර ඇත.

රබෙල් පසුගිය ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් තරගයකට සහභාගි නොවූ අතර මහමුදුල්ලා ද බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ 100 වෙනි ටෙස්ට් තරගයටත් සහභාගි නොවීය. මහමුදුල්ලා මෙවර සංචිතයට කැඳවා ඇත්තේ, මාස 6ක විරාමයකට ටෙස්ට් පිටියෙන් බැහැරව සිටින ශකීබ් අල් හසන්ට ආදේශකයක් ලෙසයි.

2011 ඔක්තෝබර් මස තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ නසීර්, මේ වන විට ටෙස්ට් තරග 19ක දී කඩුලු 8ක් දවාගෙන ඇත. ඔහුගේ සාමාන්‍ය 55.25ක අගයක පවතී. නසීර් අවසාන වරට ටෙස්ට් තරගාවලියට සහභාගි වූයේ 2015 ජූලි මාසයේ දී ය.

බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන තේරීම් නිලධාරි මින්හජුල් අබෙඩින් මාධ්‍ය වෙත පවසා සිටියේ, මහමුදුල්ලා කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ඔහුට වේගපන්දු වලට ඉතා හොඳින් මුහුණ දීමේ හැකියාවක් ඇති නිසා බවයි. තවද ඔහු පවසා සිටියේ ශකීබ් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය සඳහා බලාපොරොත්තු නොවන බවත්, ශකීබ්ට හැකි නම් මෙම තරගාවලියට සහභාගි විය හැකි බවත්ය. මින්හජුල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශකිබ් අල් හසන් ටෙස්ට් සංචාරය සඳහා සහභාගි නොවුවත්, එක්දින තරග 3ට හා විස්සයි විස්ස තරග 2ට ඔහු අනිවාර්යයෙන් සහභාගි වන බවයි.

බංගලාදේශ සංචිතය

නායක හා කඩුලු රකින ක්‍රීඩක රහීම්, තමිම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, ඉම්රුල් කායස්, සබීර් රහමාන්, මහමුදුල්ලා, ලිටන් දස්, මෙහෙදි හසන්, ටයිජුල් ඉස්ලාම්, මුශ්ෆිකර් රහාමාන්, රබෙල් හුසේන්, ශෆියුල් ඉස්ලාම්, ටස්කීන් අහ්මඩ්, ශුබාසිස් රෝයි, නොමිනුල් හක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<