පාසල් ක්‍රිකට් අනාගතය මහේල, සිදත් ඇතුළු කමිටුවක් වෙත

220
Mahela Jayawardene

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම තුළින් ජාතික කණ්ඩායමේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දීම සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුණි, රොජර් විජේසූරිය සහ තිලිණ කණ්ඩම්බි යන මහත්වරුන් ද ප්‍රවීණ ක්‍රිකට් විශ්ලේෂකයන් වන ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නැන්ඩස් යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමු වී ඇතැයි වාර්තා වේ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පහසු ජයක්

වයස අවුරුදු 19න් පහළ සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු තරගය, B කාණ්ඩයේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතුවක් කල් නොමැරී රැකී තිබෙන ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයයි. සියවසකටත් එහා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට යම්තාක් දුරක අභියෝගවලට මුහුණ දෙමින් සිටිය ද ඉන් පාසල් ක්‍රිකට් මුදවා ගැනීමට ප්‍රවීණයන් එක්රොක් වෙමින් සිටියි.

19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුව සඳහා පෙර පැවති පරිදි පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනෙකු යෙදවීම, සංචිතයේ සිටින පාසල් ක්‍රීඩකයින්ට මසකට රු. 2,500ක මුදලක් පිරිනැමීම, සියලු පහසුකම් සහිත ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම යන කරුණු ගැන මෙහි දී සාකච්ඡාවට බඳුන්ව ඇත.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වන ක්‍රියාමාර්ග තෝරා ගැනීමට අවශ්‍ය කමිටුවක් පත්කිරීම ද මෙහි දී සිදුව ඇති අතර ඊට ඉහත සඳහන් කළ ප්‍රවීණ ක්‍රීඩකයන් සහ විද්වතුන් ඇතුළත් වනු ඇති.

පක්ෂග්‍රාහී බවින් තොරව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය පියවර, උක්ත කමිටුව විසින් ලබා දෙන නිර්දේශයන් මත ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සඳහන් කොට ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<