මහේලට එංගලන්තෙන් පුහුණුකාර තනතුරක්?

507

එංගලන්ත ක්‍රිකට් පාලන අධිකාරියේ අනුමැතිය ඇතිව පළමු වතාවට පැවැත්වීමට නියමිත පන්දු 100 ක්‍රිකට් තරගාවලියක් 2020 වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 8 අතරේ සිටින සදර්න් බ්‍රේව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මහේල ජයවර්ධන හට ලැබීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බව වාර්තා වේ.

ටෙන්ඩුල්කාර්, ලාරා ඉස්සර කරමින් කෝලිගෙන් වාර්තාවක්

ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ……

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙකු වන ජයවර්ධන දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි තැන දිනාගෙන සිටියි. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2017 හා 2019 යන වසරවල දී මුම්බායි ඉන්දියන් කණ්ඩායම ශූරතාවය දක්වා මෙහෙයවූ ජයවර්ධන ඉන්පසුව පුහුණුකරුවෙක් ලෙස ද ලොව පුරාම විශාල ලෙස කතා බහට ලක්විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවේ ඉන්දියාව හිතාමතාම පැරදෙයි ලු!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ….

ජයවර්ධනගේ සහාය පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු වේගපන්දු යවන්නෙක් වන ෂේන් බොන්ඩ් පත් කිරීමට ඉඩකඩ ඇති අතර මේ ගිවිසුම් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ නමුත් තරග වදිනු ලබන ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් පිළිබඳ තොරතුරු මේ වසරේ ඔක්තොම්බර් මාසයේ දී ප්‍රකාශ කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සූදානමින් සිටී.

මේ තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම්වල සෑම පුහුණුකරුවෙක් හටම තනතුර අනුව අවම අශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 150කට ආසන්න මුදලක් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ.

ESPN Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<