මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස එංගලන්තයට

321

සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්ත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා Southampton කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා. Southampton කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් කටයුතු කරන අතර කණ්ඩායමේ සභාපති ලෙස මාර්ක් නිකොලස් නම් කර තිබෙනවා. 

දැවැන්ත 20-20 තරගාවලියක් හදිසියේ අතහැර දමයි!

මේ වසරේ දී ආරම්භ වීමට නියමිතව තිබූ Euro T20 Slam විස්සයි විස්ස ක්‍රිකට්….

මහේලගේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ සුපිරි නවසිලන්ත වේගපන්දු යවන්නෙක් වූ ෂේන් බොන්ඩ්. ඔවුන් දෙදෙනා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්. මීට අමතරව ජිමි ඇඩම්ස් හා එංගලන්තයේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන Richard Halsall ද Southampton කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයට කැඳවා තිබෙනවා.  

“මම හිතන්නේ The Hundred- පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගනියි. ඒ එංගලන්තය ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා විශිෂ්ට ස්ථානයක් නිසයි.” මහේල මාධ්‍ය හමුවේ පවසා තිබුණා. “තරගාවලියේ ආකෘතිය ඉතා හොඳයි සහ ඒ නිසාම ගොඩක් ක්‍රීඩකයින් මෙම තරගාවලිය ක්‍රීඩා කරන්න තෝරා ගනීවි.”

2020 මාසයේ ජූලි මස ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන එකම දෙවන එංගලන්ත පුහුණුකරුවා වන්නේ චාලට් එඩ්වර්ඩ්ස්. ඇය Kia සුපර් ලීග් තරගාවලියේ Southern Vipers කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස ද කටයුතු කර තිබෙනවා. පසුගිය තරගවාර දෙකක කාලය Hampshire ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් අධ්‍යක්ෂිකාව ලෙස ද කටයුතු කළ ඇය ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාරිනිය ලෙස ද කටයුතු කිරීම විශේෂත්වයක්.  

ජොන්ටි කලින් දැනගෙන ඉඳලා ද?

“මට හොඳටම විශ්වාසයි මගේ සම්මුඛ සාකච්ඡාව ඔහුගේ එක තරම් හොඳ නැති….

“මම හිතනවා එංගලන්තයෙන් පිටත පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරලා හා Southern Vipers කණ්ඩායම සමඟ කටයුතු කරලා මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා කියලා.”

“The Hundred තරගාවලිය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ධනාත්මක උත්ප්‍රේරණයක් ලැබේවි. මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා තරගාවලිය ආරම්භයේ සිටම මෙම තරගාවලිය ක්‍රියාත්මක කරන්න සහය ලබා දෙන්න. මම දැකල තිබෙනවා ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලිය ක්‍රියාත්මක වන ආකාරය. අපිට ඒ වගේම ලොකු බලපෑමක් මේ තරගාවලියෙන් කරන්න පුළුවන්.”

මහේල හා ෂේන් බොන්ඩ් යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL කිරුළු දෙකක් දිනා ගත්තා. ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ෂේන් බොන්ඩ් කටයුතු කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<