මහේලට මෙවර ලෝක කුසලානයේ දී අලුත් තනතුරක්

601

2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වූ නිල සන්නාම තානාපතිවරුන් (Brand Ambassador) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් නම් කර තිබෙනවා. ඒ සඳහා පසුගිය තරගාවලි ජයග්‍රහණය කළ කණ්ඩායම්වල සාමාජිකයන් කිහිප දෙනෙකු ඇතුළත්.

ඔහු ලෝක කුසලානයට හොඳ බලාපොරොත්තුවක් ගෙනාවා – දිමුත්

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්ත අතර පසුගිය (21) පැවැත්වුණු………..

තරගාවලිය පුරාවටම මෙම ලෝක කුසලාන සන්නාම තානාපතිවරුන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවලට පැමිණීමට නියමිත අතර ක්‍රීඩාලෝලීන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වීමට ද නියමිතයි.

මෙම සන්නාම තානාපතිවරුන් තරගාවලියේ විශේෂ අවස්ථා හා ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දක්වමින් ලිපි පල කිරීමට නියමිත අතර ඒ ඔස්සේ තරගාවලියේ දිශානතිය පිළිබඳව ඔවුන්ගේ මතය ක්‍රීඩාලෝලීන්ට ප්‍රකාශ කරනු ඇත.

ක්ලයිව් ලොයිඩ් 1975 දී එංගලන්තයේ පැවති ලොව පළමු ලෝක කුසලානය, බටහිර ඉන්දීය කොදෙව් දේශයට රැගෙන යාමට නායකත්වය සැපයූ අතර ඉන් වසර 4කට පසුව පැවති දෙවන ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රිකට් කිරුළ ආරක්ෂා කර ගැනීමට සිය කණ්ඩායම මෙහෙය වීමට ද ඔහු සමත් විය.

1975 හා 1979 ලෝක කුසලාන ද්විත්වයම තම රටට රැගෙන යාමට කොදෙව්වන් සමත් විය. 1983 තීරණාත්මක වසරක් වූ අතර වසර 8ක් පුරාවට ලෝක ක්‍රිකට් කිරුළ දරා සිටි කොදෙව්වන්ගෙන් එම කිරුළ උදුරා ගැනීමට කපිල් දේව් ප්‍රමුඛ ඉන්දියාව සමත් විය. ඒ කොදෙව් කණ්ඩායම අනුශූරයන් බවට පත් කරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රබලයෝ 5ක් කැරිබියන් සටනට වෙන්දේසි වෙයි

2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් ……….

ඉන් දශක 3කට පසුව තම රට නියෝජනය කරන ජේසන් හොල්ඩර් ඇතුළු කණ්ඩායමට වසර 20කට පසුව එංගලන්තයට පැමිණි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ප්‍රබල අවස්ථාවක් පවතින බව ලොයිඩ්ගේ මතයයි.

1975 හා 1979 ලෝක කුසලාන තරගාවලිවල දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලොයිඩ්ට අනගි සහයක් ලබා දුන් සර් විවියන් රිචඩ්සන් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු ලෙස සැලකේ. ඔහු ද මෙවර ලෝක කුසලානයට සන්නාම තානාපතිවරයෙක් ලෙස සහභාගි වනු ඇත.

1983 වසරේ කොදෙව් කණ්ඩායම පරාජය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අවසන් තරගයේ දී වැඩිම ලකුණු ලාභියා වූයේ ක්‍රිශ්නමංචරී ශ්‍රීකාන්ත් ය. ඔහු ලබා ගත් ලකුණු 38 එම තරගයේ සුවිශේෂී ඉනිමක් බවට පත්වූයේ එම තරගය අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ තරගයක් බැවිනි.

එම වසරේ ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රීකාන්ත් පසු පැවති ලෝක කුසලාන තරගාවලි සඳහා ද තම සක්‍රීය දායකත්වය සැපයූ අතර ඉන්දියාව ලෝක කුසලානය ජයග්‍රහණය කළ 2011 වසරේ තේරීම් කමිටු සභාපති ලෙස ද ඔහු කටයුතු කළේය. මේ වන විට 59 වන වියේ පසුවන ශ්‍රීකාන්ත් මෙවර ලෝක කුසලානයට සන්නාම තානාපතිවරයෙක් ලෙස සහභාගි වන තවත් අයෙකි.

පන්දුව හිසේ වද්දා ගත් හිතුවක්කාර නායකයා

1996 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ එක්සත් …….

ඕස්ට්‍රේලියාව මේ වන විට ලෝක කුසලාන 5ක හිමිකරුවන් වන අතර එහි පළමුවැන්න වාර්තා වූයේ 1987 දී ය. එම කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ ඇලන් බෝඩර් විසිනි. ඉන්දියාවේ පැවති තරගාවලියේ අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියාව එංගලන්තය පරාජය කළේ ලකුණු 7කිනි. මෙම තරගාවලියේ දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ ස්ටීව් වෝ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

1999 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීව් වෝට පැවරී තිබූ අතර එය එංගලන්තයේ පැවති අවසන් ලෝක කුසලාන තරගාවලියයි.

මෙම වසරේ ලෝක කුසලානයට ඇලන් බෝඩර් හා ස්ටීව් වෝ සන්නාම තානාපතිවරුන් ලෙස සහභාගි වීමට නියමිත අතර ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටු කරනු ඇත. ඕස්ට්‍රේලියාව මේ වන විට ලෝක ක්‍රිකට් කිරුළේ අයිතිකරුවන් වේ.

සන්නාම තානාපතිවරයෙක් ලෙස එංගලන්තයේ හීතර් නයිට් ද පත්කර ඇති අතර ඇය 2017 වසරේ කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන ලදි. ඇය ඔයින් මෝර්ගන්ට මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට තම උපරිම දායකත්වය ලබා දෙනු ඇත.

ලෝක කුසලානයට සන්නාම තානාපතිවරියක් ලෙස සම්බන්ධ වීම පිළිබඳව හීතර් අදහස් දක්වා සිටියේ මෙසේයි,

“මේක ගොඩක් වටිනා අවස්ථාවක් කණ්ඩායමට සහය දීමට ලැබීම. විශේෂයෙන් කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් විදිහට. මේකෙන් පේනවා කාන්තා ක්‍රිකට් කෙතරම් දියුණු වෙලා තියෙනවා ද කියලා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කොතරම් වටිනවා ද කියලා. ගොඩක් සතුටුයි ICC විසින් මාව තෝරගත්ත එකට.”

තරගාවලියට සහභාගි වන තවත් සන්නාම තානාපතිවරයෙක් ලෙස දකුණු අප්‍රිකාවේ ජැක් කලීස් හඳුන්වා දිය හැක. ඔහු ලොව බිහි වූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සන්නාම තානාපතිවරයෙක් ලෙස මහේල ජයවර්ධන ලෝක කුසලානයට සම්බන්ධ වීමට නියමිතයි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව මෙවර ලෝක කුසලානය පිළිබඳව බලාපොරොත්තු සහිතව තරගාවලියට පිවිසෙනු ඇත.

ලෝක කුසලාන තරගාවලි 5කට සහභාගි වූ නවසීලන්තයේ ඩැනියල් විටෝරි ද සන්නාම තානාපතිවරයෙක් ලෙස ලෝක කුසලානයට සම්බන්ධ වනු ඇත. ඇෆ්ගනිස්තානයේ මීර්වාඉස් අශ්‍රෆ් හා බංග්ලාදේශයේ අබ්දුල් රසාක් ද එම කණ්ඩායම්වලට සහයෝගය දක්වමින් ලෝක කුසලානයට සම්බන්ධ වේ.

එංගලන්තයේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් එංගලන්තය වෙනුවෙන් සන්නාම තානාපති ලෙස සම්බන්ධ වීමට නියමිත අතර ඔවුන්ට තුන්වරක් ලෝක කුසලාන අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. මෙවර ලෝක කුසලානය එංගලන්තයට ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව බොහෝ විචාරකයන් දැනටමත් මත පල කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<