ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සහ කළමනාකරණ තනතුරු පිළිබඳ තිබූ ගැටලු මේ වන විට නිරාකරණය වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පසුගිය කාලය තුළ උදාවී තිබූ අඳුරු කාලය ඉදිරියේ දී ගෙවී යනු ඇතැයි මහේල ජයවර්ධන පවසයි.

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශයට වාර්තාගත ජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගය හෙවත් බංග්ලාදේශය….

පසුගිය බදාදා (17) ‘The National’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල අදහස් දක්වමින් පවසා සිටියේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ ඇන්ජෙලෝ මැතිව්ස් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය සඳහා නැවතත් පත්කිරීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

පසුගිය 2017 වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අඳුරුතම වසරක් ලෙස ඉතිහාසයට එක්වූයේ ක්‍රීඩා පිටියේ දී මෙන්ම ඉන් පිටත දී ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුද රැසකට මුහුණ දුන් බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ම පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වූවා පමණක් නොව ඉන් අනතුරුව පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ද සුදුසුකම් ලබා ගන්නට අපොහොසත් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ දී ම ඉන්දියානු කණ්ඩායමට එරෙහි පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරගාවලි 3 දී ම ශ්‍රී ලංකා කණ්ඩායමට පූර්ණ පරාජවලට මුහුණ දීමට සිදුවූ අතර ඉන් අනතුරුව ඉන්දියාවේ පැවති තරගාවලිය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අර්ජුන රණතුංග විසින් එල්ල කරනු ලැබූ දූෂණ වංචා චෝදනා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය වෙනතකට යොමු කරන අනවශ්‍ය සිදුවීමක් වූයේ ඒ වන විටත් ක්‍රීඩා පිටිය තුළ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි බැවිනි.

කෙසේ නමුත් පැවති ගැටලු සඳහා සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත්කෙරුණු අතර අනතුරුව ජාතික තේරීම් කමිටුව සිය ධූරවලින් ඉල්ලා අස්වීම ද සිදු විය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති පාකිස්තාන කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම හැරුණු කොට පසුගිය 2017 වර්ෂය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා කටුක වසරක් විය.

ටෙස්ට් තරග 149, එක්දින තරග 448 සහ පන්දුවාර 20 තරග 55ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධන අදහස් දක්වමින් පවසා ඇත්තේ හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ පසුගිය වසරේ සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජයග්‍රාහී මාර්ගයකට පිවිසෙනු ඇති බවට ඔහු විශ්වාස කරන බවයි.

“චන්දික හොඳ තේරීමක්,” අබුඩාබි ගොල්ෆ් සමාජයේ දී පසුගිය බදාදා අදහස් දක්වමින් මහේල පැවසීය. “අංක එක, ඔහු ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්, හොඳට තරගය තේරුම්ගෙන නිවැරදි උපාය මාර්ග හරහා තරගය මෙහෙයවන්නෙක්. ඒ වගේම ඔහු ශ්‍රී ලාංකිකයෙක්. ඒ නිසා ඔහුට සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේම ඔහු ක්‍රීඩකයින්ව තරුණ කාලයේ සිටම හොඳින් දන්නවා.”

රසල් – අනේ අපිව බේරගන්න

මී හරක් රංචුවක් මැදට සිංහයෙක් මැදි වූ විට සිදුවන දෙය නුඹ දැක තිබේද? දැක නොමැති නම්…

එමෙන්ම හතුරුසිංහ සහ මැතිව්ස් හොඳ සුසංයෝගයක් නිර්මාණය කරනු ඇති බවට පවසමින් මැතිව්ස් පිළිබඳව ඔහු පවසා සිටියේ; “ඔහු තමයි කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. ඒ වගේම ඔහු සතුව හොඳ නායකයෙක්ගේ ලක්ෂණ තියෙනවා.”

එමෙන්ම ඔහු මැතිව්ස් වෙත පවසා සිටියේ අනෙක් අය ගන්නා තීරණ නොමැතිව, ඔහුට කණ්ඩායම මෙහෙයවීමට හැකියාව ඇති බව පෙන්විය ඔහු පෙන්විය යුතු බවයි.

“අනිවාරෙන් චන්දික ඒකට මැතිව්ස්ව යොමු කරයි. ඒ අනුව ඔහු නියම නායකයෙක් විදිහට කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.” මහේල පැවසීය.

නව කළමනාකරණය පිළිබඳව ද සතුටට පත් ඔහු වැඩිදුරටත් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වීම පිළිබඳව අනතුරු හැඟවීය.

“කළමනාකරණයට අදාළ ගැටලු පමණක් විසඳීම විතරක් ප්‍රමාණවත් නැහැ. අනෙක් හැම දෙයක් මත් හැදෙන්න ඕන. විශේෂයෙන් තේරීම් කමිටුව පුහුණුකරුවන්ට බලපෑමක් නොකර ඔවුන්ගේ කාර්යය කරගෙන යන්න ඉඩ දෙන එක වගේ දේවල්. ඒ වගේම කණ්ඩායමේ සිටින තරුණයිටත් කණ්ඩායමට අනුගත වෙලා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<