හොංකොං යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මහරූෆ්ට

1261
Maharoof to lead Sri Lanka at Hong Kong 6s

මේ මස 28 සහ 29 දිනවල හොංකොං හි කොව්ලූන් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වෙන හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෆර්වීස් මහරූෆ් පත්කර ඇත.

සුපිරි පන්දු වාරයේ දී ජයගත් LB ෆිනෑන්ස් අවසන් තරගයට

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලට පවා ඇල්මක් දක්වන සැබෑම ක්‍රීඩාලෝලීන්ගේ ඇස් අද දිනයේ..

2012 වර්ෂයේ දී අවසන් වරට පැවැත්වූ මෙම සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 1992 වර්ෂයේ දී ආරම්භ වී ඇත. අවසන් වරට පැවැත්වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වන ස්ථානයයි. එහි දී නායකත්වයේ වගකීම් භාරව සිටියේ චාමර කපුගෙදර විසිනි.

මෙවර තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන හොංකොං රාජ්‍යයට අමතරව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාව යන රටවල් සහභාගි වේ. මීට අමතරව මාර්ලිබොන් ක්‍රිකට් සමාජය ද පළමු වරට මෙවර තරගාවලිය සඳහා එක්වේ.

කණ්ඩායම් 8ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 7 දෙනා බැගින් සහභාගි වන මෙම තරගාවලිය ඉතාමත් ප්‍රසිද්ධ ක්‍රිකට් තරගාවලියක් වන අතර, මෙහි මූලික වටයේ තරග ඔක්තෝබර් 28 වැනිදා ද, අවසන් වටයේ තරග ඔක්තෝබර් 29 වැනිදා ද පැවැත්වේ.

A කාණ්ඩය B කාණ්ඩය
හොංකොං ශ්‍රී ලංකාව
දකුණු අප්‍රිකාව නවසීලන්තය
පාකිස්තානය ඕස්ට්‍රේලියාව
මාර්ලිබන් ක්‍රිකට් සමාජය බංග්ලාදේශය

තරග නීති රීති

  • එක් තරගයක දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6 දෙනෙක් බැගින් ක්‍රීඩා කළ යුතු අතර, එක් පන්දුවාරයකට පන්දු 6 බැගින්, පන්දුවාර 5ක් ක්‍රියාත්මක කළ යුතුයි.
  • කඩුලු රකින්නා හැර සියලුම දෙනා පන්දු යැවිය යුතුයි.
  • එක් Wide පන්දුවකට හා එක් නිපන්දුවකට ලකුණු 2ක බැගින් හිමි වේ.
  • යම් හෙයකින් පන්දුවාර 5 අවසන් වීමට පෙර කඩුලු 5ක් දැවී ගිය පසුව නොදැවී සිටින  පිතිකරුට අංක 5 පිතිකරු සමඟින් ක්‍රීඩා කළ හැකිය. නමුත් නොදැවුණු ක්‍රීඩකයා සෑම විටම පන්දුවට පහර දිය යුතුය. යම් හෙයකින් කඩුලු 6ම දැවී ගියේ නම් එම ඉනිම අවසන් වේ.

ශ්‍රී ලංකා සංචිතය – ෆර්වීස් මහරූෆ් (නායක), ජීවන් මෙන්ඩිස්, ඇන්ඩි සොලමන්ස් , ටී. එම්. සම්පත්, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, රමිත් රඹුක්වැල්ල, එරික් උපශාන්ත (කණ්ඩායම් කළමනාකරු)

ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ තරග කාලසටහන

ඔක්තෝබර් 28 වැනිදා

  • ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය (උදෑසන 6.15)
  • ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව (උදෑසන 7.45)
  • නවසීලන්තය හා ශ්‍රී ලංකාව (උදෑසන 10.45)

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<