තියුණු අවසානයක් සමඟින් ජයග්‍රහණය මහානාම විද්‍යාලයට

225

15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අවසන් පූර්ව තරගය අද (12) දළුපොත ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තරගයේ දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිමෙන් පරාජය කළ මහානාම විද්‍යාලය අවසන් 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එංගලන්තය 4-1කින් ඉන්දියාව පරාජය කරයි

ලෝකේෂ් රාහුල් සහ නවක ක්‍රීඩක රිෂාබ් පාන්ට් එක්ව ඉන්දීය ඉනිම ගොඩ නගමින් ජයග්‍රහණය…

කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අත‍ර ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටු වූයේ සිය පන්දු යවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබමිනි.

කෙසේ නමුත් ඉනුක කරන්නාගොඩ ඇතුළු මහානාම විද්‍යාලයේ පන්දු යවන්නන් සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම ලකුණු 105කට සීමා කරමින් තරගය ජයග්‍රහණය කළේ තියුණු අවසානයක් නිර්මාණය කරමිනි.

මහානාම විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් බනුල අල්ගවත්ත ලකුණු 33ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන විට නොදැවී ක්‍රීඩා කළ දෙවිඳු කකිරදෙණිය ලකුණු 28*ක් ලබා ගත්තේය.

පසුව සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ආනා විද්‍යාලය පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබාගෙන ප්‍රබල තැනක සිටි නමුත් මහානාම විද්‍යාලයේ වමතින් පා දඟපන්දු යවන ඉනුක කරන්නාගොඩ ලකුණු 18ක් තුල කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා සාන්ත ආනා විද්‍යාලයට ඔවුන්ගේ ජයග්‍රහණය යථාර්ථයක් කර ගැනීමට නොහැකි විය. සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් මුයිස් රෆීල් ලකුණු 29යි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතීතය

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය…

ඒ අනුව මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිම ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟින් ඉදිරි දින කිහිපය තුල දී වයස අවුරුදු  15න් පහළ අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 120/6d (71.5): බනුල අල්ගවත්ත 33, දෙවිඳු කකිරදෙණිය 28*, කලිඳු විජේසිංහ 2/18, පසිඳු තෙන්නකෝන් 2/27.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 105 (36.3): මුයිස් රෆීල් 29, රිෂිත පෙරේරා 26, ඉනුක කරන්නාගොඩ 4/18, මහේන් කරුණාතිලක 4/33.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<