තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට මානසික ගැටලුවක්!

55

මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක් මත ග්ලේන් මැක්ස්වෙල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගන්නා බව ක්‍රිකට් ඕස්ට්‍රේලියාව නිවේදනය කර දින දහයකට පසුව නික් මැඩින්සන් ද ඔහුගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක්  නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් කෙටි කාලයකට……

නොවැම්බර් 11 වන දින පර්ත් නුවර දී ඇරඹෙන තෙදින තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත ඕස්ට්‍රේලියානු A සංචිතයට මැඩින්සන් නම් කර තිබුණ අතර මැඩින්සන්ගේ හදිසි ඉවත් වීම නිසා ඒ වෙනුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට් සංචිතයට ආදේශ කර තිබේ.

වමත් පිතිකරුවෙකු වන මැඩින්සන් ටෙස්ට් තරග 3ක දී සහ විස්සයි විස්ස තරග 20ක දී සිය රට නියෝජනය කර ඇති අතර 2018 ජූලි මාසයේ දී සිම්බාබ්වේට එරෙහිව පැවති තරගය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගය විය.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කරන මැඩින්සන් පසුගිය දා දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් (ලකුණු 224ක්) වාර්තා කරගෙන ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින බව  පෙන්නුම් කළේය.

27 හැවිරිදි මැඩින්සන් විවේකයක් ගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2016 දී ඔහු ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ආසන්නව සිටිය දී යම් තරග කිහිපයක් අසාර්ථක වුනු නිසාවෙන් ඔහු කෙටි විවේකයක් ලබාගෙන තිබුණි. පසුව ඔහු නැවතත්  නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත ක්‍රිකට් පිටිය තුල සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් විය. 

නාලන්දාවේ රවීන්ගෙන් කඩුලු 9ක දඩයමක්

නාලන්දා පිටියේ දී ඊයේ (10) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයෙන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට……

පසුගිය 9 වැනි සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඔහුට නැවතත් සම්පූර්ණ සෞඛ්‍යය මට්ටමට නැවත පැමිණීමට අවශ්‍ය සියලු සහයෝගය හා කාලය ලබා දෙන බවට පොරොන්දු විය.

පාකිස්තානයට එරෙහි පැවැත්වෙන දිවා/රාත්‍රි තෙදින පුහුණු තරගය සඳහා නම් කර තිබෙන ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ පුහුණුකරු වන ග්‍රැහැම් හික් මහතා මෙසේ මැඩින්සන් පිළිබඳව සිය අදහස් පවසා සිටියේය. 

“නික් (මැඩින්සන්) නිවැරදි තීරණයක් ගෙන ඇති අතර අපි සියල්ලෝම ඔහු පිටුපසින් ඉන්නවා. නිශ්ශබ්දව දුක් විඳිනවාට වඩා කතා කිරීම හොඳයි කියලයි මම හිතන්නේ. ඔහුගේ සෞඛ්‍යයට මුල් තැන දීමට තරම් ඔහුගේ සිත ධෛර්යය වීම ගැන මම නික්ට ප්‍රශංසා කරනවා.”

මැඩින්සන්, මැක්ස්වෙල්, නිකොල් බෝල්ටන්, විල් පුකොව්ස්කි සහ මොයිසස් හෙන්රික්ස් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ගෙවී ගිය මාස කිහිපය පුරාවට මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් කෙටි විවේක ලබා ගත්තේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<