මැකාවු කණ්ඩායම ලංකාවට එන්න බැහැ කියයි

441

මැකාවු පාපන්දු සංගමය (MFA) විසින් මැකාවු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට අකමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා මැකාවු අතර පැවැත්වීමට නියමිත 2022 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලියේ හා 2023 ආසියානු කුසලානයේ සම තේරීම් තරගයේ දෙවන අදියර සඳහා මැකාවු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

ප්‍රබල සටනකින් පසු නැවතත් ශ්‍රී ලංකාවට සෝසුසුම්

මේ පිළිබඳව මැකාවු පාපන්දු සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.

“මැකාවු පාපන්දු සංගමය සිය ජාතික කණ්ඩායම ජුනි 11 වැනිදා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තරගයට සහභාගී නොකිරීමට තීරණය කර තිබෙනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම සුහායි හිදී පැවැත්වුණු පළමු අදියරේ දී මැකාවු කණ්ඩායම හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය විය. දෙවන අදියර ජුනි 11 වැනිදා සවස 3. 30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ක්‍රියාව නිසාවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති බව ෆේස්බුක් පණිවිඩයේ සටහන් කර තිබුණා.

“පසුගිය මස ශ්‍රී ලංකාවේ ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අපිට මැකාවු කණ්ඩායමේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. එම නිසා අපි FIFA, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා කරනවා මෙම තරගය ශ්‍රී ලංකාවේ නොපවත්වා වෙනත් රටක පවත්වන්න. කෙසේ වෙතත් මසක් පමණ සාකච්ඡා කිරීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තවමත් තීරණය කර තිබෙන්නේ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි.”

සටන්කාමී ශ්‍රී ලංකාව අවසන් මොහොතේ පරදියි

දෙවන අර්ධයේ අසාර්ථක උත්සාහයන් හමුවේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර පැවති දෙවන සුහද තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්….

“මැකාවු පාපන්දු සම්මේලනය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පළමු කොට සලකනවා. සහ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජීවිත අනතුරේ දාන්නට අපට හැකියාවක් නැහැ .”

“මෙය මැකාවු පාපන්දු සම්මේලනයට ඉතා අපහසු තීරණයක් වුනා. අපි හොඳින් සාකච්ඡා කරලා තමයි මෙම තීරණය ගත්තේ. කරුණාකර අපිව තේරුම් ගන්න.”

මෙම වාර්තාව සැකසෙන මොහොතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැහැ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<