නීල හරිත සීමිත පන්දුවාර තරගයේ ජය ලුම්බිණියන්ට

551
Lumbini vs Bandaranayake - 5th Battle of the Ever Green ODI

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර අද (04) අවසන් වූ නීල හරිත 5 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

සීමිත පන්දුවාර තරගාවලියේ පන්දුවෙන්, පිත්තෙන් වැඩ පෙන්වූ දක්ෂයෝ

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සවියක් වීම පිණිස මෙන්ම, ජාතික …

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලයීය නායකයා එම වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත්හ. එම ඉලක්කය ලුම්බිණි ක්‍රීඩකයන් පසු කළේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලෙසින් කියැවෙද්දී ය.

බණ්ඩාරනායක ඉනිමේ දී ශහිරු රොෂේන් අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමේ කැපී පෙණෙන පිතිකරු විය. දකුණත් පිතිකරු ශහිරු පන්දු 63කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ජනිඳු ජයවර්ධන (26) සහ සසිත මදනායක (26) ද ලකුණු අතරට පිවිසෙමින් බණ්ඩාරනායක ඉනිමට ශක්තියක් වූහ.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ ප්‍රභාත් මධුශංක ලකුණු 18කට කඩුලු 4ක් දවාගත් අතර උපනායක විමුක්ති කුලතුංග ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය.

සීමිත පන්දුවාර තරගාවලියේ පන්දුවෙන්, පිත්තෙන් වැඩ පෙන්වූ දක්ෂයෝ

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සවියක් වීම පිණිස මෙන්ම, ජාතික තේරීම් …

පිළිතුරු  ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩකයෝ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තවත් පන්දු 75ක් ඉතිරිව තිබිය දී ය. ඒ වෙද්දී තවත් කඩුලු 3ක් ඔවුන් සතුව තිබුණි.

ලුම්බිණියන් වෙනුවෙන් වඩාත් වැදගත් ඉනිමක් ගොඩනැගුවේ නායක කවීන් පිරීස් ය. ඔහු නායකත්වයේ ඉනිමක් ගොඩ නගමින් තරගය අවසන් කළේ පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගනිමිනි. ඔහුට අමතරව පූර්ණ සඳරුවන් ලකුණු 22ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජනිඳු ජයවර්ධන ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගයේ ජය සංකේත ප්‍රදානයේ දී තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ ප්‍රභාත් මධුශංක ද දක්ෂතම පිතිකරු ලෙසින් බණ්ඩාරනායක විද්‍යාලයේ ශහිරු රොෂේන් ද, තරගයේ වීරයා ලෙසින් ලුම්බිණි විද්‍යාලයේ කවීන් පීරිස් ද සම්මාන ලැබූහ.

බණ්ඩාරනායක විද්‍යාලය; සියලුම දෙනා දැවී 172 (42.1) ජනිඳු ජයවර්ධන 26,  සිසිත මදනායක 27, ශහිරු රොෂේන් 78, ප්‍රභාත් මධුශංක 4/18, විමුක්ති කුලතුංග 2/23

ලුම්බිණි විද්‍යාලය; කඩුලු 7ක් දැවී 173 (37.3) පූර්ණ සඳරුවන් 22, කවින් පීරිස් නොදැවී 78, ජනිඳු ජයවර්ධන 2/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<