ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් අවසන් තරග මේ සති අන්තයේ

133

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් රේස් ටු චෙස්ටර් 2018 ක්‍රිකට් තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය නිමා කරමින් පැවැත්වෙන ජාතික මට්ටමේ තරගාවලිය මෙම සති අන්තයේ එනම් හෙට (16) සහ අනිද්දා (17) කොළඹ දී පැවැත්වේ.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් අනුරාධපුර ශූරතාව සමාධි සමාජයට

LAST MAN STAND RACE TO CHESTER ENGLAND – 2018 ක්‍රිකට් තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට…

එංගලන්තයේ පැවැත්වෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ලෝක ශූරතාව සඳහා වන කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ද තෝරා ගැනීමට නියමිත මෙම තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ තරග ක්‍රමයට පැවැත්වෙන අතර එම තරග පානදුර සාන්ත ජෝන් සහ බොරැල්ල මවුන්ට් මේරි යන ක්‍රීඩා පිටිවල පැවැත්වෙනු ඇත. තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් මහා තරගය ලබන 17 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ප‍්‍රථමයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් පැවති මෙවර තරගාවලියේ දී ජයග්‍රහණ වාර්තා කරමින් කණ්ඩායම් 6ක් සුදුසුකම් ලබා සිටින අතර තවත් කණ්ඩායම් 6කට තරග වැදීම සඳහා තවමත් අවස්ථාව පවතියි. එ් අනුව මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමති කණ්ඩායම් වෙතොත් රුපියල් 40,000ක මුදලක් ගෙවා එම අවස්ථාව වෙන් කර ගැනීමේ හැකියාව ඇත.

LAST MAN STANDS RACE TO CHESTER, ENGLAND ලෙසින් නම් කර ඇති මෙවර ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 2ක් ද, අනුශූරතාව සඳහා රුපියල් ලක්ෂයක් ද පිරිනැමෙනු ඇත. ඊට අමතරව තරගාවලියේ දක්ෂතා දක්වන හොඳම ක්‍රීඩකයන් දෙදෙනාට ශ‍්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ එංගලන්තයේ චෙස්ටර් නුවර පැවැත්වෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද උදා වනු ඇත.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ

ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් ආකෘතියේ 2018 ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රථම අදියර වන දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන…

මෙම තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ  ඕනෑම ක්‍රීඩකයින් 8 දෙනෙකුට ක්‍රීඩා සමාජයක් අයුරින් ඉදිරිපත් වීමට ඇති සරළම හැකියාව වේ. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දුරකතන අංක 0770 514549 හෝ 0778 117333 ෂෙරන් හෝ චමිල ඇමතීමෙන් ලබා ගත හැක.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් යනු එක් පන්දුවාරයක් පන්දු 5කට සීමා කර ඇති නව ආරක විස්සයි විස්ස තරගාවලියකි. පැය දෙකක කාලයක් තුළ පවත්වා අවසන් වන මෙම ක්‍රිකට් තරගාවලියේ ඇති අනෙක් සුවිශේෂීතාව වන්නේ අවසන් පිතිකරුවාට වුවද තනිව පන්දුවට පහර දීමේ හැකියාවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<