Last Man Stands තරගාවලිය මේ මස අග දී

202

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා විසින් මෙහෙයවනු ලබන “Last Man Stands Sri Lanka Race To Cape Town 2017” තරගාවලිය අගෝස්තු මස 27 වන දා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ ශූරතාවලිය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 3කට ආසන්න ත්‍යාග මුදලක් ලබා දීමට ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

තිරිමාන්න සහ සඳකැන් ටෙස්ට් සංචිතයට

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න..

ඒ අනුව මෙම තරගාවලියේ ශූරතාවය හිමි කර ගන්නා කණ්ඩායම මෙම වසරේ දෙසැම්බර් 9 වැනි දා සිට 15 වැනි දා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබන අතර ඒ සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත්, ඇදුම් කට්ටල, ලියාපදිංචි ගාස්තු මෙන්ම දකුණු අප්‍රිකාවේ නවාතැන් පහසුකම් ද ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා විසින් නොමිලේම ලබා දීමට තීරණය කර ඇත. අනුශූරයන්ට මුදලින් රුපියල් 100,000 පිරිනැමේ.

රටවල් 14ක් නියෝජනය කරමින් කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මෙම ලෝක ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වන අතර 2015 වසරේ බටහිර කොදෙව් දූපත්හි පැවැත්වූ ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ලෝක ශූරතාවය සඳහා කණ්ඩායම් 85ක් පමණ සහභාගි විය. වසර දෙකකට වරක් ලෝක ශූරතාවලි පවත්වනු ඇත.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් වෙනස් වන අතර එය දැනට ලෝකයේ ඇති විශාලතම ආධුනික ක්‍රිකට් තරගාවලිය ද වේ. දැනට ලොව පුරා ක්‍රීඩකයින් 100,000ක් පමණ ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ ඕස්ට්‍රේලියානු ජාතික ශෙරාන් ප්‍රනාන්දු සහ ජෝෂ් හෝර් විසින් 2016 වසරේ දී ය.

Race To Cape Town 2017තරගාවලියේ අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂයක් වටිනා මුදල් ත්‍යාගයක් හිමි වන අතර මෙම තරගාවලිය සඳහා දැනටමත් 40කට ආසන්න ක්‍රිකට් කණ්ඩායම් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත. තරගාවලිය සඳහා ලියාපදිංචි වීම මේ වන විට ආරම්භ කර ඇති අතර ලියාපදිංචි වීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

http://www.lastmanstands.com/playcricketcolombo/

http://www.facebook.com/LastManStandsSriLanka/

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා තරගාවලිය පිට පිට තෙවරක් ජයග්‍රහණය කළ හේශාන් ෆ්ලෙක්සි පිල මෙවරද තරග කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර දැනට ලංකාවේ සිටින දක්ෂතම කණ්ඩායම් කිහිපයක් සමඟ තියුණු තරගයක යෙදීමට ඔවුන්ට සිදු වනු ඇත.

තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් තරග සැප්තැම්බර් මස 24 වැනි දා මත්තේගොඩ හමුදා ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වේ

වැඩි විස්තර සඳහා 0770514549 හෝ 0061431060665 ඔස්සේ ශෙරාන් ප්‍රනන්දු මහතා අමතන්න.

Email [email protected]

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<