FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා මෙසී

184

පසුගිය සඳුදා ඉතාලියේ මිලාන් හිදී පැවැත්වුණු “FIFA The Best පාපන්දු සම්මාන උළෙලේ දී”, FIFA වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට බාසිලෝනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් වුනා. වසරේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ කාන්තා පාපන්දු ලෝක කුසලානය ඇමරිකාවට දිනා දීමට ප්‍රබල සේවයක් ඉටු කළ Megan Rapinoe යි.  

ජීවිත පරිත්‍යාගයෙන් ඉල්ලන පාපන්දු අයිතිය

පාපන්දු තරග නැරඹීමට තහනම් වීම නිසා තරුණියකට …..

ආර්ජෙන්ටිනා සුපිරි තරුව, පසුගිය මාසයේ දී UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගත් ලිවර්පූල් කණ්ඩායමේ Virgil Van Dijk හා සිය ප්‍රබල;ම ප්‍රතිවාදියා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පරදවමින් මෙම සම්මානය ජයග්‍රහණ කිරීම විශේෂත්වයක්. 

UEFA Nations ලීග් පාපන්දු ශූරතාවත් නෙදර්ලන්තයට ගෙන යාමට ඉමහත් සේවයක් ඉටු කළ van Dijk මෙම සම්මානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයා වූ අතර මෙසීට මෙම සම්මානය හිමි වුනේ ලෝ වටා බොහෝ විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද මවිත කරමින්. ඔවුන් දෙදෙනාම පාපන්දු ලොවේ පූජනීයම සම්මානයක් වන Ballon d’Or සම්මානය සඳහා තරග කරන අතර එළඹෙන දෙසැම්බර් 2 වැනිදා එම සම්මානයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී මෙම සම්මානය දිනා ගත් සයවැනි අවස්ථාවයි. ඔහු මීට පෙර 2009, 2010, 2011, 2012 හා 2015 යන වසරවල දී ද මෙම ගෞරවය දිනා ගත්තා. පසුගිය තරගවාරයේ දී මෙසී බාසිලෝනා කණ්ඩායම සමඟ ලා ලීගා ශූරතාව ජය ගන්නට සමත් වූ අතර ඔහු තරග 58ක දී ගෝල 54ක් ද රැස් කර ගැනීමට සමත් වුනා.

ඇමරිකා එක්සත් ජනපද කාන්තා පාපන්දු කණ්ඩායමේ Megan Rapinoe වසරේ කාන්තා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත් අතර බොහෝ විචාරකයින් මත පළ කර තිබුණේ නිමා වූ කාන්තා ලෝක කුසලානය කාන්තා පාපන්දුවේ වැදගත් සංධිස්ථානයක් බවයි.  ඇමරිකාවේ ධවල මන්දිරයට ලැබුණු ආරාධනාවක් පවා අතහැර දැමූ Megan Rapinoe කාන්තා පාපන්දු ක්‍රීඩාවේ පෙරළිකාර චරිතයක්. 

මේ අතරම ලිවර්පූල් කණ්ඩයමේ පුහුණුකරු Jurgen Klopp වසරේ පාපන්දු පුහුණුකරු ලෙස සම්මාන දිනා ගත්තා. Klopp යටතේ ලිවර්පූල් ටෝටන්හැම් හොට්ස්පර් පරාජය කරමින් ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 2018/19 ශූරයින් බවට පත් වුනේ 2017/18 තරගවාරයේ දී ද අනුශූරයින් බවට පත් වීමෙන් පසුවයි.   

ලිවර්පූල් කණ්ඩායම පසුගිය තරගවාරයේ එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත්තේ වාර්තාගත ප්‍රසාද ලකුණු 97ක් සමඟින්.

Neymar නැවතත් PSGට ජය කැඳවයි; Man. Unitedට නැවතත් නොසිතූ පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ ……….

සම්මාන සඳහා Klopp ප්‍රබලතම ප්‍රතිවාදීන් වුනේ එංගලන්ත ක්‍රීඩා සමාජ ද්විත්වයක පුහුණුකරුවන් දෙදෙනෙකු වීම විශේෂත්වයක්. මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ Pep Guardiola හා ටෝටන්හැම් කණ්ඩායමේ Mauricio Pochettino ද මෙම සම්මානය සඳහා නාම යෝජනා ලබා සිටියා. 

බාසිලෝනා කණ්ඩායමේ Marc-Andre ter Stegen හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ Ederson පරාජය කරමින් ලිවර්පූල් රකින ක්‍රීඩක Alisson වසරේ ගෝල රකින්නා සම්මානය දිනා ගත්තා. ඒ අතරම FIFA ක්‍රීඩාවේ ජීව ගුණය රැකීමට පිදෙන සම්මාන දිනා ගත්තේ Leeds ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Marcelo Bielsa පසුගිය අප්‍රේල් මාසයේ Aston Villa කණ්ඩායමට නිතරගයෙන් ගෝලයක් ලබා දීම නිසයි.   

Villa ක්‍රීඩක Jonathan Kodjia ආබාධයකට ලක්ව සිටි අවස්ථාවක Leeds ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ඉදිරියට පැමිණියත් පුහුණුකරු Marcelo ක්ෂණිකව සිය ක්‍රීඩකයින්ට වරද වහා දී ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කළා.  

Real Betis කණ්ඩායමට එරෙහිව ලයනල් මෙසී රැස් කළ ගෝලය පරදවමින් වසරේ හොඳම ගෝලයට පිදෙන Puskas සම්මානය මෙවර දිනා ගත්තේ වයස අවුරුදු 18ක ළාබාල ක්‍රීඩකයෙක්. Debrecen ක්‍රීඩක Daniel Zsori, 93 වැනි මිනිත්තුවේ දී Ferencvaros කණ්ඩායමට එරෙහිව ගුවනේ පාවී යමින් සිය හිසට ඉහළින් එල්ල කළ ගෝලය වසරේ හොඳම ගෝලය ලෙස නම් වුනා. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<