සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පාපන්දු පිටිය තහනම්!

274

නිමා වූ කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දී දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය වන CONMEBOL විවේචනය කිරීම හේතුවෙන් සුපිරි ආජන්ටිනා ක්‍රීඩක  ලයනල් මෙසී හට මාස තුනක තරග තහනමක් හා ඇමරිකානු ඩොලර් පනස්දහසක දඩ මුදලක් පැනවීමට දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. 

ගැටුම් රැසක් මැද ආර්ජන්ටිනාව චිලී පරාජය කරයි

ආර්ජන්ටිනාවට එල්ල වී තිබෙන විනිසුරුවරුන්ගේ ශාපය නැවතත් ක්‍රියාත්මක වී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට රතු කාඩ්පතක්…

චිලී කණ්ඩායමට එරෙහිව තෙවැනි ස්ථානය උදෙසා පැවති තරගයේ දී රතු කාඩ් පතක් හිමි වීමෙන් අනතුරුව මෙසී CONMEBOL වෙත දරුණු දූෂණ චෝදනා එල්ල කරන ලදි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ තරගාවලි සංවිධායකයින් බ්‍රසීලයට වාසි සහගත වන ලෙස කටයුතු කරන බවයි.

බ්‍රසීලයට එරෙහිව පැවැත්වුණු අවසන් පූර්ව තරගයේ දී ආජන්ටිනාව ඉල්ලා සිටි දඬුවම් පහර දෙකක් ලබා නොදීම නිසාත් ඔහු CONMEBOL වෙත සිය අප්‍රසාදය පවසා සිටියා. එම තරගය ආජන්ටිනාව ගෝල 2-0ක් ලෙස පරාජය වුනා. 

මෙසී පවසා තිබුණේ “බ්‍රසීලය CONMEBOL හි කටයුතු රාශියක් පාලනය කරන බවයි.” ඉන් පසු තරගය ඔවුන් ගෝල 2-1ක් ලෙස ජය ගත්තත් එම තරගයෙන් පසුවත් ඔහු අදහස් පළ කළේ එතරම් සතුටකින් නොවේ. “වංචාව නිසා විනිසුරුවන් විසින් ප්‍රේක්ෂකයින්ට පාපන්දු ක්‍රීඩාව විඳීමට තිබෙන හැකියාව නැති කරනවා. ඔවුන් පාපන්දු ක්‍රීඩාව විනාශ කරනවා.” මෙසී පවසා තිබුණා.

බ්‍රසීලය ඉන්කාවරුන්ගේ සිහින බිඳ දමයි

2019 කෝපා ඇමරිකා තරගාවලියට සුපිරි අවසානයක් සනිටුහන් කරමින් බ්‍රසීල පාපන්දු කණ්ඩායම විසින් පේරු පාපන්දු කණ්ඩායම…

CONMEBOL විසින් නිල වශයෙන් මෙසීට තරග තහනමක් පැනවූ හේතුව ප්‍රකාශ නොකළත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය සඳහන්ව තිබුණේ ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ නීති ඇතුළත් 7.1 හා 7.2 වගන්ති කඩ කිරීම නිසා මෙසීට දඬුවම් ලබා දී ඇති බවයි. එම වගන්තිවල ඇතුළත් වන්නේ “ඕනෑම ආකාරයක අපහස කිරීම්, විරෝධතා පළ කිරීම්” හා “පාපන්දු සම්මේලනයේ තීරණ, නිලධාරීන් හෝ හැසිරීම විවේචනය” යන කරුණුයි.

අගෝස්තු 3 වැනිදා සිට දින 90ක් පුරා බල පැවැත්වෙන ලෙස මෙසීගේ දඬුවම් පැනවෙන අතර එම කාලය තුළ දී මෙසීට චිලී, මෙක්සිකෝව හා ජර්මනිය සමඟ සුහද තරග තුනක් මග හැරෙනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<