හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින විශිෂ්ටයින්ට සම්මාන

154

2018 CEAT ක්‍රිකට් සම්මාන උළෙල (CEAT Cricket Rating Awards) ඊයේ (13) දින ඉන්දියාවේ දී පැවැත්වුණු අතර එහිදී වසරේ හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම පිතිකරුවා ලෙස ඉන්දියාවේ විරාත් කෝලි සම්මාන දිනාගත්තේය. ඊට අමතරව ජස්ප්‍රිට් බුම්රාහ් වසරේ හොඳම ජාත්‍යන්තර පන්දු යවන්නා ලෙස සම්මානයට පාත්‍ර විය.

“සැවොම වෙනුවෙන් නඩු මගට යන්න මම සූදානම්” – අවිශ්ක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පසුගියදා (10) අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු…

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 69කට සහ එක්දින තරග 85කට ක්‍රීඩා කරමින් ලකුණු 6302ක් සහ කඩුලු 78ක් දවාගෙන ඇති ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මොහින්දර් අමර්නාත් වෙත මෙම සම්මාන උළෙලේ දී පිරිනමනු ලබන “සදාකාලික ජයග්‍රහණ” සම්මානය පිරිනැමීය. එම සම්මානය ඔහු වෙත පිරිනැමීම සිදුකරන ලද්දේ ඔහුගේම සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉන්දියාවේ සුනිල් ගවස්කාර් විසිනි.

“මේ සම්මානය ලැබීම මට විශාල ගෞරවයක්.” යැයි 1983 වසරේ ලෝක ක්‍රිකට් කුසලානය ඉන්දියාවට රැගෙන යාම වෙනුවෙන්  විශාල මෙහෙයක් සිදුකළ මොහින්දර් අමර්නාත් මහතා පැවසීය.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ටෙස්ට් තරගාවලියේදී ඉන්දියාවට ජයග්‍රහණය ගෙන ඒම වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ ඉන්දියාවේ මුල්පෙළ පිතිකරුවෙකු වන චේතේශ්වර් පුජාරා, වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය. එක්දින තරග රටාව සඳහා වන වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට රෝහිත් ශර්මා සමත් විය.

අමීර්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව වැට උඩ?

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් හට පැපොල රෝගය (chickenpox)….

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම සම්මාන උළෙලේ දී සම්මානයන් බොහෝමයක් දිනාගන්නා විට ඇෆ්ගනිස්තානයේ රෂීඩ් කාන් සහ ඕස්ට්‍රේලියාවේ එරන් ෆින්ච් පිළිවෙළින් වසරේ විස්සයි – විස්ස පන්දු යවන්නා සහ වසරේ විස්සයි – විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන දිනාගත්හ.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ දී සම්මාන බෙදී ගියේ මෙසේයි,

සදාකාලික ජයග්‍රහණ සම්මානය – මොහින්දර් අමරනාත් (ඉන්දියාව)
වසරේ හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සහ හොඳම පිතිකරුවා – විරාට් කෝලි (ඉන්දියාව)
වසරේ හොඳම ජාත්‍යන්තර පන්දු යවන්නා – ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව)
වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – චේතේශ්වර් පුජාරා (ඉන්දියාව)
වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – රෝහිත් ශර්මා (ඉන්දියාව)
වසරේ විස්සයි – විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා – එරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව)
වසරේ විශිෂ්ට කාර්ය සාධනය සහිත ක්‍රීඩකයා – කුල්දීප් යාදෙව් (ඉන්දියාව)
වසරේ විස්සයි – විස්ස පන්දු යවන්නා – රෂීඩ් කාන් (ඇෆ්ගනිස්ථානය)
වසරේ හොඳම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයා – අෂ්තොෂ් අමාන් (ඉන්දියාව)
වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව – ස්ම්රිති මන්දානා (ඉන්දියාව)
වසරේ දක්ෂතම කනිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා – යෂාස්වි ජිස්වාල් (ඉන්දියාව)
වසරේ ක්‍රිකට් මාධ්‍යවේදියා – සිරම් වීර් සහ ස්නේහල් ප්‍රඩාන්
විශේෂ ගෞරව සම්මානය – අජිත් වඩකර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<