CR&FC කණ්ඩායම දුෂාන්ත් ලෙව්කේගේ භාරයට

1094

ශ්‍රී ලංකාවේ හිටපු ජාතික නායක හා 2019 පාසල් රග්බි ලීගයේ ජයග්‍රාහී පුහුණුකරු දුෂාන්ත් ලෙව්කේ එළඹෙන 2019/20 තරග වාරය සඳහා CR&FC කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට ආගන්තුකයෙකු නොවන ලෙව්කේ, Third Row ක්‍රීඩකයෙකු ලෙස මහනුවර ක්‍රීඩා සමාජයට හා CR&FC කණ්ඩායමට විශාල සේවයක් ඉටු කළ අයෙකි. 

ඉසිපතන ක්‍රීඩකයෝ ජෝසප් සිහින බිඳ දමයි

2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ….

ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කිරීමෙන් පසු දුෂාන්ත් ලෙව්කේ රාජකීය විද්‍යාල කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් වැඩ භාර ගත්තේය. පසුව 2018 වසරේ සිට සනත් මාටිස් රාජකීය පුහුණුකරු ධූරයෙන් ඉවත්වීමෙන් පසු දුෂාන්ත් ලෙව්කේ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත්තේය.

2018 වසරේ දී දුෂාන්ත් ලෙව්කේ ගේ පුහුණුකාරීත්වය යටතේ රාජකීය විද්‍යාලය ලීග් ශූරයින් වූ අතර ලෙව්කේ තමාගේ දක්ෂතාවය නැවතත් විදහා පාමින් 2019 වසරේ දීද ලීග් ශූරතාවය රාජකීය විද්‍යාලයට හිමිකර දීමට මග පෙන්වීය. මෙම ජයග්‍රහණය තවත් විශේෂ වන්නේ රාජකීය විද්‍යාලය “21 වැනි සියවසේ ලීග් ශූරතාවය අඛණ්ඩව තෙවරක් ජයගත් එකම පාසල වීම නිසාවෙනි.

ඇලෝසියස් – රිච්මන්ඩ් දකුණු ලක රග්බි සංග්‍රාමයේ දී පෙරළියකට සැරසේ

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා රග්බි සංග්‍රාමයන් අතරින් …

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<